Showing posts with label කමල් අද්දරආරච්චි. Show all posts
Showing posts with label කමල් අද්දරආරච්චි. Show all posts

Friday, August 2, 2019

තුන් සිත දැහැන් ගතවෙනා

තුන් සිත දැහැන් ගතවෙනා
සිතුවිලි සසල කරවනා
පද වැල් අතර ගැයෙන
ස්වරයේ සප්ත වර්ණ
හිත ළඟ ගයනවද ඔයා


තුන් පැය අතර නිමවෙනා
මතකය අතර රැඳවෙනා
සිනමා පටයෙ රැඳෙන
සුන්දර සිහින රැඟුම
හිත ළඟ රඟනවද ඔයා


නෙතකට කඳුළ ගෙන දෙනා
නරඹන සිත ද හඬවනා (හහ් හහ් හහ් හා..)
දුක් බර ප්‍රේම රැඟුම (ලල ලල ලාල ලාල)
සුන්දර පියවි ලොවක (ලල ලල ලාල ලාල)
රඟන්න කියන්නට එපා

තනිකම සිතට කැඳවනා
තනිවම සිතෙන් වැළපෙනා (හහ් හහ් හහ් හා..)
දුක් බර විරහ ගැයුම (ලල ලල ලාල ලාල)
සුන්දර පියවි ලොවක (ලල ලල ලාල ලාල)
ගයන්න කියන්නට එපා

තුන් සිත දැහැන් ගතවෙනා
සිතුවිලි සසල කරවනා
පද වැල් අතර ගැයෙන
ස්වරයේ සප්ත වර්ණ
හිත ළඟ ගයනවද ඔයා


තුන් පැය අතර නිමවෙනා
මතකය අතර රැඳවෙනා
සිනමා පටයෙ රැඳෙන
සුන්දර සිහින රැඟුම
හිත ළඟ රඟනවද ඔයා


පෙම්බර වදන් නැළවෙනා
දුක්බර දෙබස් නම් එපා (හහ් හහ් හහ් හා..)
සිනමා ලොවක මිසක (ලල ලල ලාල ලාල)
දිවියක සැබෑ ලොවක (ලල ලල ලාල ලාල)
දුක් බර චරිතයක් එපා

සුන්දර අදහසක් කියා
දුක් බර පද වැලක් ලියා (හහ් හහ් හහ් හා..)
සත්සර අතර මිසක (ලල ලල ලාල ලාල)
සුන්දර සැබෑ ලොවක (ලල ලල ලාල ලාල)
දුක් බර ගැයුම නම් එපා

තුන් සිත දැහැන් ගතවෙනා
සිතුවිලි සසල කරවනා
පද වැල් අතර ගැයෙන
ස්වරයේ සප්ත වර්ණ
හිත ළඟ ගයනවද ඔයා


තුන් පැය අතර නිමවෙනා
මතකය අතර රැඳවෙනා
සිනමා පටයෙ රැඳෙන
සුන්දර සිහින රැඟුම
හිත ළඟ රඟනවද ඔයා


හිත ළඟ ගයනවද ඔයා
හිත ළඟ රඟනවද ඔයා
හිත ළඟ ගයනවද ඔයා
හිත ළඟ රඟනවද ඔයා
හිත ළඟ ගයනවද ඔයා
හිත ළඟ රඟනවද ඔයා
 

ගායනය - නීලා වික්‍රමසිංහ සහ කමල් අද්දරආරච්චි
පද - අශෝක කෝවිලගේ
නාද සැකසුම - නීලා වික්‍රමසිංහ