Showing posts with label සංගීත් වික්‍රමසිංහ. Show all posts
Showing posts with label සංගීත් වික්‍රමසිංහ. Show all posts

Tuesday, June 9, 2020

ප්‍රේමී මගේ

ප්‍රේමී මගේ

ප්‍රේමී මගේ

 

අති සුන්දර

නිති පෙම්බර

ගති පින්බර

ප්‍රේමී මගේ .....//

 

ප්‍රේමී මගේ

ප්‍රේමී මගේ ....//

ප්‍රේමී මගේ

ප්‍රේමී මගේ

 

අති සුන්දර

නිති පෙම්බර

ගති පින්බර

ප්‍රේමී මගේ

 

සිරිකත නුඹයි මගේ නූපන්නත් ක්ෂීර සාගරේ

නිල්මිණි නුඹයි පහළ නූනත් නුඹ මැණික් ආකරේ ...//

 

ප්‍රේමී මගේ

ප්‍රේමී මගේ

 

ප්‍රේමී මගේ

ප්‍රේමී මගේ

 

අති සුන්දර

නිති පෙම්බර

ගති පින්බර

ප්‍රේමී මගේ ....//

 

ප්‍රේමී මගේ

ප්‍රේමී මගේ

 

අති සුන්දර

නිති පෙම්බර

ගති පින්බර

ප්‍රේමී මගේ

 

ගෙපැලට නුඹ ආ කල රෑ අහසට කිම චන්ද්‍රානී

ඒකාලෝක කරයි දිගන්තයම ඡවි කල්‍යාණී .....//

 

ප්‍රේමී මගේ

ප්‍රේමී මගේ ....//

 

අති සුන්දර

නිති පෙම්බර

ගති පින්බර

ප්‍රේමී මගේ

 

ප්‍රේමී මගේ

ප්‍රේමී මගේ

 

ප්‍රේමී මගේ

ප්‍රේමී මගේ

 

ගායනය - සුනිල් එදිරිසිංහ

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න

තනුව හා සංගීතය - සංගීත් වික්‍රමසිංහ

"බෙර හඬ ඇහෙන මානයේ" ටෙලි නාට්‍යයෙනි.

Wednesday, October 16, 2019

ආදර සිතින් මා තනිවුණේ


ආදර සිතින්
මා තනිවුණේ
නුහුරු රටේ
සුව දුක් වැසෙන ආකාසේ
මැදුරක් සරදම් කර මට හිනැහේ
ඒ යාමයේ
ඔබගෙන් වෙන්වුණේ
සිතකින් නොවේ

හූ... හූහූ.. හූ....

රටකින් රටකට ආ දිනේ
සිත මා ළඟ නෑ තනිවුණේ

ආදරෙ නිසා
ඔබෙ ආදරෙ නිසා

ඒ යාමයේ
ඔබගෙන් වෙන්වුණේ
සිතකින් නොවේ

ම්... ම්ම්... ම්....

රිය සක කැරකෙන මේ දිවියේ
නොමිනිස්කම ඇති ලෝකයේ

රුපියල් සත නිසයි
මෙහි මා තනිවුණේ

ආදර සිතින්
මා තනිවුණේ
නුහුරු රටේ
සුව දුක් වැසුණ ආකාසේ
මැදුරක් සරදම් කර මට හිනැහේ
ඒ යාමයේ
ඔබගෙන් වෙන්වුණේ
සිතකින් නොවේ

ගායනය - අතුල අධිකාරි
පද - සංගීත් වික්‍රමසිංහ
තනුව - සංගීත් වික්‍රමසිංහ


Adara Sithin Ma Thaniwune - Athula Adikari

Thursday, April 18, 2019

ලන්දේ උකුළ උඩ



ලන්දේ උකුළ උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා
අන්න හිනා වෙනවා
ලන්දේ උකුළ උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා...//

නීල කොබෙයි පැටියන්ට ඇඳුම්
මුතු මාල පොටක් ගිරවුන්ට අරන්
නීල කොබෙයි පැටියන්ට ඇඳුම්
මුතු මාල පොටක් ගිරවුන්ට අරන්

රත්තරන් පාට කමතට ඉහළින්
රත්තරන් පාට කමතට ඉහළින්
කන්ද උඩින් එන ගෝමරියේ
දැන් ගමට වරෙන්
දැන් ගමට වරෙන්

ලන්දේ උකුළ උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා
අන්න හිනා වෙනවා
ලන්දේ උකුළ උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා

පන්සල් කන්දට සිරස නමන්
ඉර දෙයියො ඇවිත් නවතා සක්මන්

පන්සල් කන්දට සිරස නමන්
ඉර දෙයියො ඇවිත් නවතා සක්මන්

‌තෙල් දැමුව දොලොස්මහ පහන් වැටෙන්
‌තෙල් දැමුව දොලොස්මහ පහන් වැටෙන්
ගම රට එනවද පාන්දරින්
රන් එළිය අරන්
රන් එළිය අරන්

ලන්දේ උකුළ උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා
අන්න හිනා වෙනවා
ලන්දේ උකුළ උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා ...//

ගායනය - ජැක්සන් ඇන්තනී සහ  කුමාරි මුණසිංහ
පද-රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය - සංගීත් වික්‍රමසිංහ

Monday, October 3, 2016

ආකාසේ වලා පෙළින්


ආකාසේ වලා පෙළින් ඈත එහා කොදෙව්වේ

ආකාසේ වලා පෙළින් ඈත එහා කොදෙව්වේ
ඔබ හා මා රැඳී ඉන්න එන්න සීත දනව්වේ
අසා මගේ ගී රාවේ රසේ මවාලා
ඔබ ගයාවි මේ ගී තාලේ සිනා සලාලා
ජීවිතයේ සුන්දර දවසක හමුවීලා

ආරාධනා කළා
සත් සර ගලා ගියා
සතුටින් ගයා රඟා ඔබත් සිතින් උදම්වෙලා

හයි හයි..

හයි හයි..

සිහිල් පවන් හමාවී
නැවුම් සුගන්දයක් දී


සිහිල් පවන් හමාවී
නැවුම් සුගන්දයක් දී

දේදුන්නේ පාටට ළංවී
අවුල් තැවුල් නිමාවී
නිමේෂයක් හිඳීවී

ආදරයෙන් දෑත් බැඳේවී
ජීවිතයේ සුන්දර දවසක හමුවීලා

ආරාධනා කළා
සත් සර ගලා ගියා
සතුටින් ගයා රඟා ඔබත් සිතින් උදම්වෙලා
හයි හයි..

හයි හයි..

 

හිතේ පැතුම් පිපේවී
අළුත් හැඟුම් කියාදී


හිතේ පැතුම් පිපේවී
අළුත් හැඟුම් කියාදී

මේ මල් යායේ නැළවේවී
අපේ රහස් කතාවී
වසන්තයක් උදාවී

කාටත් සැනසීම ලැබේවී
ජීවිතයේ සුන්දර දවසක හමුවීලා

ආරාධනා කළා
සත් සර ගලා ගියා
සතුටින් ගයා රඟා ඔබත් සිතින් උදම්වෙලා


අයි අයි අඅයි අඅයි අයිය අයයි අඅයියා

ආකාසේ වලා පෙළින් ඈත එහා කොදෙව්වේ
ඔබ හා මා රැඳී ඉන්න එන්න සීත දනව්වේ
අසා මගේ ගී රාවේ රසේ මවාලා
ඔබ ගයාවි මේ ගී තාලේ සිනා සලාලා
ජීවිතයේ සුන්දර දවසක හමුවීලා

ආරාධනා කළා
සත් සර ගලා ගියා
සතුටින් ගයා රඟා ඔබත් සිතින් උදම්වෙලා
....////.

ගායනය - සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරී
පද - හේමසිරි හල්පිට
තනුව - සංගීත් වික්‍රමසිංහ


Akase Wala Pelin - Samitha Mudunkotuwa & Athula Adikari

ආදර සුළඟේ


ආදර සුළඟේ (ආදර සුළඟේ)
තාලෙට නැළවෙන (තාලෙට නැළවෙන)
පුංචි සරුංගල් සුරතලි මා

ලලලා ලා ලාලා
ලල ලලලා ලා ලාලා
...//

ආදර සුළඟේ
තාලෙට නැළවෙන
පුංචි සරුංගල් සුරතලි මා
සේද වලාවක
පැටලී හෙමිහිට
හුරතල් වෙන්නම් හිත් අහසේ


ආදර සුළඟේ
තාලෙට නැළවෙන
පුංචි සරුංගල් සුරතලි මා
සේද වලාවක

පැටලී හෙමිහිට
හුරතල් වෙන්නම් හිත් අහසේ




රෝස පැහැති මුදු මල් මල් හසුනේ
මුතුවට හැඩ කර පෙම් පත් ලියැවේ
වීදිය අද්දර තුරුලිය සෙවණේ
පුංචි කුමරුවෙක් නෙතු වෙහෙසෙන්නේ

ආදර සුළඟේ
තාලෙට නැළවෙන
පුංචි සරුංගල් සුරතලි මා
සේද වලාවක
පැටලී හෙමිහිට

හුරතල් වෙන්නම් හිත් අහසේ

සොඳුරු මගේ හිත කවුළුව අතරින්
ඔබව සොයා ගෙන පාවී එන්නේ
සුමුදු හදට මගෙ 

දුකක් නොදේ ඔබ
දිනකදි මා ඔබ සතුකර ගන්නේ

ආදර සුළඟේ (ආදර සුළඟේ)
තාලෙට නැළවෙන (තාලෙට නැළවෙන)
පුංචි සරුංගල් සුරතලි මා
සේද වලාවක (සේද වලාවක)
පැටලී හෙමිහිට (පැටලී හෙමිහිට)
හුරතල් වෙන්නම් හිත් අහසේ

ආදර සුළඟේ
තාලෙට නැළවෙන
පුංචි සරුංගල් සුරතලි මා
සේද වලාවක
පැටලී හෙමිහිට

හුරතල් වෙන්නම් හිත් අහසේ

ලලලා ලා ලාලා
ලල ලලලා ලා ලාලා
ලල ලලලා ලා ලාලා
ලල ලලලා ලා ලාලා


ලලලා ලා ලාලා
ලල ලලලා ලා ලාලා
ලල ලලලා ලා ලාලා
ලල ලලලා ලා ලාලා
 
ලලලා ලා ලාලා
 
ගායනය - සමිතා මුදුන්කොටුව
පද - ප්‍රණීත් බණ්ඩාරනායක
තනුව - සංගීත් වික්‍රමසිංහ



චිත්‍රය අයිරින් ෂෙරී ගේ නිර්මාණයකි.
Adara Sulange Thaleta Nelawena - Samitha Mudunkotuwa

Wednesday, September 28, 2016

පුංචි දඟකාරි

පුංචි දඟකාරි
ළපටි හැඩකාරි
දෑස ගිණිදැල් වගෙයි
දැවෙන්නේ මමයි
දැවෙන්නේ මමයි
දැවෙන්නේ මමයි ...//

කෝල නීල දෑස අගින් බලනා මියුලැසියේ
තරහක් මවනා හිතුවක්කාරියේ ...//
ඔය දඟකාර කම්
ඔය හැඩකාර කම්
මට දෝ නුඹෙ ආදරේ

පුංචි දඟකාරි
ළපටි හැඩකාරි
දෑස ගිණිදැල් වගෙයි
දැවෙන්නේ මමයි
දැවෙන්නේ මමයි
දැවෙන්නේ මමයි

වරල මොණර පිල සේ විහිදවනා සියුමැලියේ
කිසිවක් නාහන හිතුවක්කාරියේ ...//
ඔය දඟකාර කම්
ඔය හැඩකාර කම්
මට දෝ නුඹෙ ආදරේ

පුංචි දඟකාරි
ළපටි හැඩකාරි
දෑස ගිණිදැල් වගෙයි
දැවෙන්නේ මමයි
දැවෙන්නේ මමයි
දැවෙන්නේ මමයි

දැවෙන්නේ මමයි //
ම් ම් ම්..  //

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - දයානන්ද රත්නායක
තනුව - සංගීත් වික්‍රමසිංහ

Monday, May 11, 2015

හෙවණැල්ලටවත්

රුප්පප්පා රපප පා///

හෙවණැල්ලටවත් පාඩුවෙ ඉන්නට ඉඩක් කඩක් නෑනේ
චාටු වදන් වැකි ද‍රාන ඉන්නට වෙනම හිතක් ඕනේ
සුපෙම් ඇනුම් පද රෑනයි
ඔච්චම් ත‍රවටු ගානයි
විහිළු කොලොප්පන් දුරදිග ගියොතින්
ඇස් රතු වෙනවාමයි ...//

රුප්පප්පා රපප පා///

ඇවටිල්ල අඩු නැත්තෙ මෙතරම්
දුක නැද්ද ඇයි මෙහෙම සරදම්
මිදි වැලට රැවටිච්ච ගාණයි
පෙම් පත් ලිය ලිය
පුදදෙන්නට එන
ඔබෙ හිත මට ඕනෑ නෑ නෑමයි

හෙවණැල්ලටවත් පාඩුවෙ ඉන්නට ඉඩක් කඩක් නෑනේ
චාටු වදන් වැකි ද‍රාන ඉන්නට වෙනම හිතක් ඕනේ
සුපෙම් ඇනුම් පද රෑනයි
ඔච්චම් ත‍රවටු ගාණයි
විහිළු කොලොප්පන් දුරදිග ගියොතින්
ඇස් රතු වෙනවාමයි

රුප්පප්පා රපප පා///

හිත මාගෙ කියවන්න බැරිනම්
මං ඔබව පිළිගන්නෙ නැතිනම්
ගඟුලකට ඉනි කැපුව ගාණයි
මග තොට රැක ඉඳ
උදුරන්නට එන
මගෙ හිත දෙන්නේ නෑ නෑ නෑමයි

හෙවණැල්ලටවත් පාඩුවෙ ඉන්නට ඉඩක් කඩක් නෑනේ
චාටු වදන් වැකි ද‍රාන ඉන්නට වෙනම හිතක් ඕනේ
සුපෙම් ඇනුම් පද රෑනයි
ඔච්චම් ත‍රවටු ගාණයි
විහිළු කොලොප්පන් දුරදිග ගියොතින්
ඇස් රතු වෙනවාමයි ...//

රුප්පප්පා රපප පා///
රුප්පප්පා රපප පා///

ගායනය - නි‍රෝෂා විරාජිනී
පද රචනය - කැළුම් ශ්‍රීමාල්
තනුව - සංගීත් වික්‍රමසිංහ

සිරි සිරි හඬින්

සිරි සිරි හඬින් පිණි මිණි පොද වැටෙන විට
දිලි දිලි අතු අගින් ගිලිහී වැටෙන විට
රන්වන් එළිය හිරු රතු පැහැ කළ කලට
සිරි සිරි ගගා ඉගිළෙයි මෙරුවන් පොදිය ...//

පිණි පොද දුටුවාද තුරු අතු අග්ගිස්සේ
හිත හිත නටයි මල් මත පෙත්තෙන් පෙත්තේ ...//
එන්නට කළින් මන්දාරම් මහ වැස්සේ
ඉන්නට හිතයි තෙමි තෙමි මිණි පොද වැස්සේ

අත්තෙන් අත්ත පැන පැන එන දිය බිංදු
තණ මත වැටී දිලිසී හිනැහෙන රුසිරූ ...//
ගස් යට වැස්සකට මා තෙමෙනා අයුරු
මෙරුවනි බලව් මගෙ සිත ඉගිලෙන රුසිරූ

සිරි සිරි හඬින් පිණි මිණි පොද වැටෙන විට
දිලි දිලි අතු අගින් ගිලිහී වැටෙන විට
රන්වන් එළිය හිරු රතු පැහැ කළ කලට
සිරි සිරි ගගා ඉගිළෙයි මෙරුවන් පොදිය

ගායනය - නි‍රෝෂා විරාජිනී
පද රචනය - ප්‍රීති රන්දෙණිය
තනුව හා සංගීතය - සංගීත් වික්‍රමසිංහ

Anyone who has the link can play this song in your "Smart Phone"

Thursday, April 9, 2015

පුරා පන්සාළිස් වසක්


පුරා පන්සාළිස් වසක් ලෝ සතුන් දම් මිහිරෙන් පෙවූ ඒ
තථාගත බුදු සමිඳුගේ හඬ නතර වී ඇත
නතර වී

පුරා පන්සාළිස් වසක් ලෝ සතුන් දම් මිහිරෙන් පෙවූ ඒ
තථාගත බුදු සමිඳුගේ හඬ නතර වී ඇත
නතර වී


බමුණු දම් අඳුරෙන් වෙලා
සදා පීඩිත නන් දනන්
දුකඳුරින් ගලවාලු 'තුම් ඒ
මහා කරුණා සයුර බුදු හද නතර වී ඇත
නතර වී

හන්දදානි භික්ඛවේ ආමන්තයාමී වෝ
වයදම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ

කුළුණු ගුණයෙන් සැනසු සව් සත
දුටු දනන් හද බැ‍‍ඳේ නිරන්තර
දුකඳුරින් ගලවාලු 'තුම් ඒ
සදිසි නිලුපුල් බුදු ගෙ නෙත් යුග පියවෙලා ඇත
පියවෙලා

පුරා පන්සාළිස් වසක් ලෝ සතුන් දම් මිහිරෙන් පෙවූ ඒ
තථාගත බුදු සමිඳුගේ හඬ නතර වී ඇත
නතර වී

පුරා පන්සාළිස් වසක් ලෝ සතුන් දම් මිහිරෙන් පෙවූ ඒ
තථාගත බුදු සමිඳුගේ හඬ නතර වී ඇත
නතර වී

ගායනය ප්‍රදීපා ධර්මදාස සමග දයාන් විතාරණ
පද රචනය - දෙල්දූවේ ඤාණසුමන හිමි
තනුව හා සංගීතය - සංගීත් වික්‍රමසිංහ

Monday, April 6, 2015

සුහදිනියේ සඟවන්

සුහදිනියේ සඟවන්
ඍජු බැල්මේ ඇරැයුම්
දෙවියන් දිවැසින් කළ ප්‍රතිමා වී දිලෙනා
සඳ නිළියේ ඔබ නම්
සැණකෙළියයි මගෙ නම්
කවියන් ගේ දෑසේ රස සීමා පණිනා
සිහිනෙන් රෑ අවුදින්
සුවඳක් සේ ළඟ හුන්
සංවරියේ රන් තිත කෝ මා පිනනා
සුහදිනියේ සඟවන්
ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා

වාත්තු කර ඇති දේහ තලාවට
හේත්තු වෙන්න ද හෙවණැල්ලෙන්
කාන්ති විහිදෙන නයන ඉනාවට
සාන්තුවර සිත හීදැල්වෙයි
හොර රහසේ
හොර හිත පතනා ඒ පැතුමේ
දඟ මෙනෙවිය ඔබ මා
වල්මත් කළ අරුමැසියයි මෙලොවේ

සුහදිනියේ සඟවන්
ඍජු බැල්මේ ඇරැයුම්
දෙවියන් දිවැසින් කළ ප්‍රතිමා වී දිලෙනා

වීණා බද වට කැරකෙන වරලස
අණ දෙන හෘද ස්පන්දනයෙන්
සුසුමේ රිද්මයටම රඟ දෙයි ඔබ
මගේ පෘථග්ජන සිතුවිල්ලේ
හොර රහසේ
හොර හිත පතනා ඒ පැතුමේ
රතු නළඟන මගෙ හිත
අවතැන් කළ එකම ළඳයි මෙලොවේ

සුහදිනියේ සඟවන්
ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා
සිහිනෙන් රෑ අවුදින්
සුවඳක් සේ ළඟ හුන්
සංවරියේ රන් තිත කෝ මා පිනනා
සුහදිනියේ සඟවන්
ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - කැළුම් ශ්‍රීමාල්
තනුව - සංගීත් වික්‍රමසිංහ

Monday, March 30, 2015

ඔබ ඇපල් මලක් වාගේ


ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ
පායන්න දෑස මානේ උණුහුමට ගින්දරී
ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී
දිගු දෑසෙ බැල්ම ඔබගේ ඇයි සොඳුරු ඔය හැටී

ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ

ඇස් පියෙන් අදී කෑලි කැපෙන රළු රාත්‍රියේ
කීරි ‍ගැහෙන සිත අනුහස අයදී ප්‍රේම‍යේ
එය පමණක් ශේෂය වී නම් පූර්වාත්මයේ
ඔබ ගැවසෙන මා සිත අවිනීතයි
අවනත නැති නෙතටද අවිවේකයි
හුදකලාව අවනඩුවක් ගෑණු ළමයෝ

ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ

ඉටි රූපෙ අපූරුව විඳින්න මං හරි ආසයි
පින්තූරෙ වගේ ඔබ හිනැහෙන කොට මට ලෝබයි
අහිතක් හිතන්නෙ නැති නම් මං හරි ආදරෙයි
කියාගන්න බැරි කමින් හිත බරයි
ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
හුදකලාව අවනඩුවක් ගැණු ළමයෝ

ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ
පායන්න දෑස මානේ උණුහුමට ගින්දරී
ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී
දිගු දෑසේ බැල්ම ඔබගේ ඇයි සොඳුරු ඔය හැටී

ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - කැළුම් ශ්‍රීමාල්
තනුව - සංගීත් වික්‍රමසිංහ