Monday, March 30, 2015

ඔබ ඇපල් මලක් වාගේ


ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ
පායන්න දෑස මානේ උණුහුමට ගින්දරී
ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී
දිගු දෑසෙ බැල්ම ඔබගේ ඇයි සොඳුරු ඔය හැටී

ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ

ඇස් පියෙන් අදී කෑලි කැපෙන රළු රාත්‍රියේ
කීරි ‍ගැහෙන සිත අනුහස අයදී ප්‍රේම‍යේ
එය පමණක් ශේෂය වී නම් පූර්වාත්මයේ
ඔබ ගැවසෙන මා සිත අවිනීතයි
අවනත නැති නෙතටද අවිවේකයි
හුදකලාව අවනඩුවක් ගෑණු ළමයෝ

ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ

ඉටි රූපෙ අපූරුව විඳින්න මං හරි ආසයි
පින්තූරෙ වගේ ඔබ හිනැහෙන කොට මට ලෝබයි
අහිතක් හිතන්නෙ නැති නම් මං හරි ආදරෙයි
කියාගන්න බැරි කමින් හිත බරයි
ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
හුදකලාව අවනඩුවක් ගැණු ළමයෝ

ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ
පායන්න දෑස මානේ උණුහුමට ගින්දරී
ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී
දිගු දෑසේ බැල්ම ඔබගේ ඇයි සොඳුරු ඔය හැටී

ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - කැළුම් ශ්‍රීමාල්
තනුව - සංගීත් වික්‍රමසිංහ

No comments: