Monday, March 30, 2015

හන්තානට පායන හඳ

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න
මා නොදකින  පුරහඳ ඔබට හැකිය දකින්න..//

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න..//
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න

ලතා මඬුලු අත වනාවි
එපා අහක බලන්න..//
මා ගැන මතකය ගුලි කර
මහවැලියට දමන්න

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න
මා නොදකින  පුරහඳ ඔබට හැකිය දකින්න..//

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ධම්මික බණ්ඩාර
තනුව - ඩෙනිස්ටර් පෙරේරා

No comments: