Showing posts with label ස්ටැන්ලි මල්ලවාරච්චි. Show all posts
Showing posts with label ස්ටැන්ලි මල්ලවාරච්චි. Show all posts

Tuesday, July 6, 2021

පාපේ ශාපේ

පාපේ... ශාපේ... දෝ මේ මාගේ.....

ප්‍රේමිය නුඹගේ සුන්දර ඡායාව දකින විට ජීවිතේ නමැති කුරුසියේ බර මට ඉතා සැහැල්ලුය

ලෝකයේ මගෙ ආනන්ද රූපා //
මා හද දිනූ යස ප්‍රේමී
කෝමල රූ ශ්‍රී දේ සුරංගී

සුගුණ ලලන මා සුහද පිනවනා //
ආදර ප්‍රේමිය රූපාංගී
ප්‍රීතිය මා ප්‍රීතිය රංජනී

සෝක නොවන් මා ප්‍රේම සමින්දා //
ප්‍රීති උදාවේ ශෝක මැකී //
අප ප්‍රේමය මතු දේ ශාන්තී

සඳ ලප සේ මා දිනේ අප ප්‍රේමා…//
සුරනා රැක දේවා ශාන්තී

ගායනය - රුක්මණී දේවි සමග ස්ටැන්ලි මල්ලවාරච්චි
පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
තනුව - ආර්.සී. බෝරාල්
සංගීතය - ආර්. නාරායන් අයියර්

1947 දී තිරගතවූ "කඩවුණු පොරොන්දුව" චිත්‍රපටියේ ගීයකි.
ගීය සඳහා යොදාගත් තනුව, 1938 දී භාරතයේ තිරගතවූ "Street Singer" චිත්‍රපටියේ ඇතුළත් ගීයකින් උපුටා ගත්තකි. ආර්.සී. බෝරාල් සංගීත අධ්‍යක්ෂණය කළ එම ගීය ගැයවේ කන්නන් දේවි සමග කේ.එල්. සයිගාල් විසිිනි. 



හින්දි ගීය

jivan been madhur na baje
jhuthe padh gaye taar
bigade kath se kaam bane
kya megh baje na malhar
bigade kath se kaam bane
kya megh baje na malhar
pancham chhedo madhyam
bole kharaj bane gandhar
pancham chhedo madhyam
bole kharaj bane gandhar
been ke jhuthe padh gaye taar
jivan been madhur na baje
jhuthe padh gaye taar
been ke jhuthe padh gaye taar

in taaro ko kholo in tarbho ko phenko phenko
uttam taar nayi tarbhe ho tab ho naya shringar
is tarbhe se jo sur bole gunj uthe sansar
been ke jhuthe padh gaye taar
jivan been madhur na baje jhuthe padh gaye taar
been ke jhuthe padh gaye taar

bajne ko hai gunj nagada
hona hai sabse chhutkara
bajne ko hai gunj nagada
hona hai sabse chhutkara
apna jo hai use samajh lo o
bhi nahin hamara
apna jo hai use samajh lo vo
bhi nahin hamara

जीवन बीन मधुर न 
बाजे झुठे पड़ गए तार
बिगड़े कठ से काम बने
क्या मेघ बाजे न मल्हार
बिगड़े कठ से काम बने
क्या मेघ बाजे न मल्हार

पंचम छेड़ो मध्यम
बोले खराज बने गांधार
पंचम छेड़ो मध्यम
बोले खराज बने गांधार
बीन के झुठे पड़ गए तार
जीवन बीन मधुर न बाजे
झुठे पड़ गए तार
बीन के झुठे पड़ गए तार

तारो को खोलो में 
तारभो को फेंको फेंको
उत्तम तार नई तर्भे हो 
तब हो नया श्रृंगार
इस तर्भे से जो सुर 
बोले गूंज उठे संसार
बीन के झुठे पड़ गए तार
जीवन रहे मधुर ना 
बाजे झूठे पड़ गए तार
बीन के झुठे पड़ गए तार

बजने को है गूंज नगाड़ा
होना है सबसे छुटकारा
बजने को है गूंज नगाड़ा
होना है सबसे छुटकारा
अपना जो है यूज समझ लो ओ
भी नहीं हमारा
अपना जो है यूज समझ लो वो
भी नहीं हमारा

Singer - Kundan Lal Saigal
Lyricist - Arzu Lucknavi
Music Composer - Rai Chand Boral
Movie - Street Singer (1938)



Wednesday, October 14, 2020

සල් වනේ ලකල්

සල් වනේ ලකල්
දුල් සල් වනේ ලකල්
අන්න පෙනේ සාදු සාදු සල් වනේ ලකල්
අන්න පෙනේ සාදු සාදු සල් වනේ ලකල්
දුල් සල් වනේ ලකල්

මායා පුතානාන්
ප්‍රේම රජානාන්... //

දකින සෙ යමු පෙම්
ප්‍රීතීයෙනි නොහිම්

දකින සෙ යමු පෙම්
ප්‍රීතීයෙනි නොහිම්

රශ්මි පුරා’කාසෙ දිදී පුන් වෙස‍ෙඟ් තුම්
රශ්මි පුරා’කාසෙ දිදී පුන් වෙස‍ෙඟ් තුම්

දුල් සල් වනේ ලකල්
දුල් සල් වනේ ලකල්

මා ස්වාමි සිරිමත්
ලෝකාග්‍ර වූ මාතාවී බිහිවූ නියා ඇසේ
සේනා යතී මහත් ...//
රශ්මි පුරා’කාසෙ දිදී පුන් වෙස‍ෙඟ් තුම්
රශ්මි පුරා’කාසෙ දිදී පුන් වෙස‍ෙඟ් තුම්
 
දුල් සල් වනේ ලකල්
දුල් සල් වනේ ලකල්

රූ සිරින් සරූ ලියෝ රඟා

දේවී නාදා සෙ ගී කියා

බඹ සුරනා උන් පුදා වඳී

බඹ සුරනා පානා ප්‍රීතී (ඊ ඊ ඊ ඊ..

බඹ සුරනා උන් පුදා වඳී

බඹ සුරනා නෙක් රැඟුම් දිදී

බඹ සුරනා පානා ප්‍රීතී
දර්ශ දැකා වඳිනා සේ ලුම්බිනි දේසේ
යමු යමු තොස්වී
යමු යමු තොස්වී
යමු යමු තොස්වී

රශ්මි පුරා’කාසෙ දිදී පුන් වෙස‍ෙඟ් තුම්
රශ්මි පුරා’කාසෙ දිදී පුන් වෙස‍ෙඟ් තුම්

දුල් සල් වනේ ලකල්
දුල් සල් වනේ ලකල්

ගායනය - ග්‍රේටා ජෙනට් ද සිල්වා සමග ස්ටැන්ලි මල්ලවාරච්චි
පද - යූ.ඩී. පෙරේරා
සංගීතය - මොහොමඩ් ගවුස්
තනුව - 1940 දී තිරගතවූ "බන්දන්" චිත්‍රපටියට, සුරේෂ් සමග අශෝක් කුමාර් ගැයූ "Chal chal re naujawaan" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



"බන්දන්" චිත්‍රපටිය තිරයේ දිගහැරෙද්දි මේ ගීයේ අවස්ථා කීපයක් දැකගත හැකියි. 
(මෙහි පහළම වන සටහනත් බලන්න)

chal chal re naujawan chalo sang chale hum
chal chal re naujawan chalo sang chale hum
door tera gaanv aur thake paanv
phir bhi raahgir tum kyo nahi adhir
tum ho mere sang aasha hai mere sang
tum ho mere sang himmat hai mere sang
mere sath sath raho tum kadam kadam
mere sath sath raho tum kadam kadam
chalo sang chale hum chalo sang chale hum

kisne kisne kiya mujhko ishara
door ki manzil se mujhe kisne pukara
kisne kiya mujhko ishara
door ki manzil se mujhe kisne pukara
mamta ne pukara bandhan ne pukara
tum hi sikha rahe ho mujhe geet ye hardam
chalo sang chale hum chalo sang chale hum

kuhu kuhu bolo meri koyaliyaa
man mein mithas gholo meri koyaliyaa
kuhu kuhu bolo meri koyaliyaa
man mein mithas gholo meri koyaliyaa
kaun taan sunoge zara ye to bata do
kaun taan sunoge zara ye to bata do
veena ke bikhare hue taar saja do
veena ke bikhare hue taar saja do
aaj dono gaate hue jivan sargam
aaj dono gaate hue jivan sargam
chalo sang chale hum chalo sang chale hum
chal chal re naujawan chalo sang chale hum
chal chal re naujawan kahna mera maan maan
chal chal re naujawan chal chal re naujawan

door tera gaanv auraton ke paanv
phir bhi tu hardam aage badha kadam
rukna tera kaam nahi chalna teri shaan
chal chal re naujawan chal chal re naujawan
lo aage badh ja aafat se lad ja
aandhi ho ya tufaan phatta hua aasmaan
rukna tera kaam nahi chalna teri shaan
chal chal re naujawan chal chal re naujawan

ye hai jindagi ka karvan
aaj yaha aur kal waha
phir kyo tera dil hua adhir
phir kyo tere naino mein neer
phir kyo tera dil hua adhir
phir kyo tere naino mein neer
phir kyo tere pranon mein peer
tu n sune man ki baat kaun sunega kaun sunega
band kar jubaan band kar jubaan
rukna tera kaam nahi chalna teri shaan
chal chal re naujawan chal chal re naujawan

Song - chal chal re naujawan
Singers - Suresh & Ashok Kumar
Lyricist - Kavi Pradeep
Music Composer - Saraswati Devi



සටහන
බ්ලොග් අවකාශ භාවිතයට ආ මුල් වකවානුවේ "Wordpress" තමා වැඩි දෙනා වැළඳගත්තෙ. ඒ කාලෙ දැන් මේ google blogger තිබුණෙ නෑ. කල් යද්දි "Wordpress" එක්ක වැඩ කරනවාට වඩා පහසු වුණා "blogger" එක්ක වැඩ කරන එක. බොහෝ දෙනා Wordpress අත්හැරියා. 
එවකට මගේ අඩවිය "පිංතාලිය" pinthaliya නමින් කළේ. 
ඉහත අප කතා කළ chal chal re naujawan ගීයේ තනුවට හැදුණු තවත් සිංහල ගී කිහිපයක් තියෙනවා.

ගීයේ ජනප්‍රියතාව නිසාම මේ මතකයත් යළි අවදි කරවනවා.
1969 වසරේ තිර ගතවූ  Ek Phool Do Mali නම් අතිශය ජනප්‍රිය චිත්‍රපටයට ද chal chal re naujawan ගීයේ මුසුවක් ඇතුලත් කෙරුණේ තනුවේ ජනප්‍රියතාව නිසාමය.

Tuesday, September 22, 2020

සන්ධ්‍යාවෙ ශ්‍රීය

සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා…//
අද අහසෙ දිලිසෙ ස්වර්ණ වර්ණ පා
රශ්මි ධාරා
සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා

ඈත උසට කඳු පර්වත සැම අතින් පෙනෙන්නා
නෙත් පිනන්නා
අහසෙ දුවන සිනිඳු වලා කන්දේ හැපෙන්නා
වැළඳ ගන්නා

සූර්යා ද අපට ඉඟි බිඟි පානා
හකුලා ධාරා…//

සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා
පුෂ්ප කුසුම් මිශ්‍ර සුළං දසතින් හමන්නා
ගිම් නිවන්නා
දිනිඳු දුවයි සැඟවි ගන්ට සාගරේ වැදීලා
වෙහෙස වීලා

අද අහසෙ දිලිසෙ ස්වර්ණ වර්ණ පා
රශ්මි ධාරා
සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා

ගංගා සැමා යයි ගලා සාගරේ වෙතා…//

එ ජල කඳා ගනි වැළඳා සමුදුරේ වැදා
පෙම් ජලේ ගැලීලා
නාමු ‍ප්‍රේම ධාරා
පෙම් ජලේ ගැලීලා
නාමු ‍ප්‍රේම ධාරා
ඒ ඉතා වේ ප්‍රියා

ගායනය - රුක්මනී දේවි සහ ස්ටැන්ලි මල්ලවාරච්චි
ගී පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
තනුව - නෞෂාද් අලි
සංගීතය - ආර්. නාරායන් අයියර්
චිත්‍රපටිය - කඩවුණු පොරොන්දුව 1947

1944 දී තිරගතවූ "Rattan" හින්දි චිත්‍රපටියට, Zohrabai Ambalewali ගැයූ "Pardeshi Balma Badal Aaya" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගී පද
pardeshi balma badal aaya
pardeshi balma badal aaya
tere bin kachhu na bhaya ke jiya jaya
tere bin kachhu na bhaya ke jiya jaya
pardeshi balma badal aaya
pardeshi balma badal aaya

aise na beet jae balam jawaniya ho jawaniya
aavo tumhe sunae dil ki kahaniya ho kahaniya
dil raat din pukare haye aa ke jiya jaya
dil raat din pukare haye aa ke jiya jaya
pardeshi balma badal aaya
pardeshi balma badal aaya

nain bhar aayenge more jiya dole na ho dole na
bhul hai kisi se kabhi metha bol bolna bol bolna
rah rah ke teri yaad aaye aa ke jiya jaya
rah rah ke teri yaad aaye aa ke jiya jaya
pardeshi balma badal aaya
pardeshi balma badal aaya

garaj rahe badalwa bijali muskat hai muskat hai
aise me ruth ruth jana buri baat hai buri baat hai
fisle ye jiya tal malaya ke jiya jaya
fisle ye jiya tal malaya ke jiya jaya
pardeshi balma badal aaya
pardeshi balma badal aaya

Singer - Zohrabai Ambalewali
Lyricist - D.N. Madhok
Composer - Naushad Al
Movie - Ratan (1944)