Showing posts with label ඩබ්. ඇල්වින්. Show all posts
Showing posts with label ඩබ්. ඇල්වින්. Show all posts

Sunday, March 24, 2019

කව්මද පිරිමැද



කව්මද පිරිමැද උමතු කරයි රන් සඳින් ගලන චංචල රේඛා
මා හද නළවයි ගලා ගලා ඔබෙ නෙතින් පිදෙන ආදර රේඛා

පිපී නැවුම් තරු
සිනහ කුසුම් බඳු
නෙතට හොරා කොහොමද ආවේ
සලිත කරන හද
ගලන රසික පද
අරුත කියයි මා ලද ජීවේ

සඳ දිනු පිරිමැද සෙවණැලි විහිදයි
නාඹර තුරුලිය නැළවීලා
හද වෙණ තත ගෙන සත්සර නංවන
ඔබ ළඟ ඇත මා සැනසීලා

මල් කෙමි සිප මඳ සුළඟ හමායේ
සිත ගත කිති දනවන සීතේ
උණුසුම ඔබ ගත
සිසිලස ඔබ සිත
එක්ව ගැයේ ආදර ගීතේ

කව්මද පිරිමැද උමතු කරයි රන් සඳින් ගලන චංචල රේඛා
මා හද නළවයි ගලා ගලා ඔබෙ නෙතින් පිදෙන ආදර රේඛා

ගායනය - මාලිනී බුලත්සිංහල සහ රොහාන් ජයවර්ධන
පද - ඩබ්. ඇල්වින්
තනුව - රොහාන් ජයවර්ධන