Showing posts with label ආර්.එන්.එච්. පෙරේරා. Show all posts
Showing posts with label ආර්.එන්.එච්. පෙරේරා. Show all posts

Saturday, July 20, 2019

බර බාගේ


තණ්ඩලේ ... දෙන්නා දෙපොලේ ... දක්කනවා .... කටුකැලේ ....

බර බාගේ බර බාගේ //
දුටුවේ සිහිවේ පෙර කාලේ

අර කිණි කිණි නද වැල පැතිරෙනවා
ගව කුර හඬ මුසු වෙනවා ...//

රෑ මැද කාලේ සීපද තාලේ //
අඩනින්දේ පතුරන්නේ
රාළ ද ගෝනි පඩංගුවෙ ඉන්නේ
සතුටිනි ගැල පදවන්නේ
බර බාගේ බර බාගේ //

ගෝනි පුරා බඩු බාගෙ දමාලා //
රෑ කල ඈත බලාලා

ගාලෙ ලිහා ගොනුගේ කුසයේ ගිණි
නිවමිනි උදය කලා ...//

බර බාගේ බර බාගේ //
දුටුවේ සිහිවේ පෙර කාලේ
අර කිණි කිණි නද වැල පැතිරෙනවා
ගව කුර හඬ මුසු වෙනවා

 

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - ආර්.එන්.එච්. පෙරේරා
තනුව - බී.එස්. පෙරේරා

 රූපය - 1968 දී මෙම ගීය EP තැටියකට නැගුණි. ග්‍රැමෆෝන් තැටියකට නැගුණේ 1952 දී His Master's Voice ලේබලයෙනි.

අම්බිලි මාමේ



අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ //
පුළුන් වලා යටින් ඉඳන් එබිල බලන්නේ

වටින් පිටින් ඇදෙන්නේ
මුහුණ ඔබේ පිසින්නේ
සේද යොදා සැදූ වලා සළුද කියන්නේ

පාත බලන්නේ මුව විහිදන්නේ
පාත බලන්නේ මුව විහිදන්නේ
රිදී සිනා පපා මෙලෝ එළිය කරන්නේ
පාත බලන්නේ මුව විහිදන්නේ
රිදී සිනා පපා මෙලෝ එළිය කරන්නේ

අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ //
පුළුන් වලා යටින් ඉඳන් එබිල බලන්නේ

සිසිල් සුළං හමන්නේ
කුමුදු සමන් පිපෙන්නේ
අඳුරු කැලෑ දසත බලා පැනල දුවන්නේ
තුරු නැළවෙන්නේ සුවඳ හමන්නේ
කුසුම් සලා රේණු කැලෑ බිම සරසන්නේ
තුරු නැළවෙන්නේ සුවඳ හමන්නේ
කුසුම් සලා රේණු කැලෑ බිම සරසන්නේ

අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ //
පුළුන් වලා යටින් ඉඳන් එබිල බලන්නේ

සියල් සතුන් නිදන්නේ
සුරන් මෙලෝ වඩින්නේ
ගුවන් කුසේ මැණික් රැසේ ඔබ සරසන්නේ

සිරස සදන්නේ රැස් පළඳන්නේ
සුපුන් සඳේ ඔබ නිබඳේ ලෝ පුබුදන්නේ ...//

අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ
අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ
පුළුන් වලා යටින් ඉඳන් එබිල බලන්නේ
පුළුන් වලා යටින් ඉඳන් එබිල බලන්නේ

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - ආර්.එන්.එච්. පෙරේරා
තනුව - සී.ටී. ප්‍රනාන්දු

රූපය - 1968 දී මෙම ගීය EP තැටියකට නැගුණි. ග්‍රැමෆෝන් තැටියකට නැගුණේ 1952 දී His Master's Voice ලේබලයෙනි.

සුවඳ රෝස මල් නෙළා

සුවඳ රෝස මල් නෙළා
මාල ගොතාලා
ගෙලේ දමා ඉනේ ඔතා
සිරස සදාලා  ...//

ඈත සීනියා
පිච්ච ඩේලියා
බලා නෙළා ගනිමි මෙමා
උයනෙ සරාලා

මාල ගොතාලා
ගීත ගයාලා ...//

තබා පතුල් රඟන රඟා
බලමු සියල්ලා

මිහිරි ගීත ගය ගයා
පේළි සැදීලා
සිනා පපා වටේ යතා
නටති සිනා ලා
බාලවූ ළමා
සදති මල්දමා
දෙපා පදින් පදට තබා
කිකිණි සලාලා

දෑත නගාලා
නේත්‍ර විදාලා ...//

නමා කමල් පැදෙති සුරල්
රඟ පරදාලා

සුවඳ රෝස මල් නෙළා
මාල ගොතාලා
ගෙලේ දමා ඉනේ ඔතා
සිරස සදාලා

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - ආර්.එන්.එච්. පෙරේරා
තනුව - සී.ටී. ප්‍රනාන්දු


මුල් අවධියේ ගීයක්

පසු කලෙක ගීයක්

පින් සිදුවෙන්නේ

ගුවන් විදුලියේ පළමු පෙළ ගායකයෙක් ලෙස තේරී පත්වීමෙන් ඉක්බිති, සී.ටී. ප්‍රනාන්දු ගැයූ මුල්ම ගීය (1946) "පින් සිදුවෙන්නේ අනේ බාල ළමුන්නේ" නම් ගීයයි. මේ ගීයේ මුල් ගායනය සංරක්ෂණය වී නැත. මෙහි ඔබට ඉදිරිපත් කරන්නේ පවතින පැරණිම ගීයයි. 1952 දී මෙම ගීය ද සමගින් ගී රැසක් HMV ලබලයෙන් ග්‍රැමෆෝන් තැටි වලට නැගුණි. 1967 සිට නැවත එම ගී EP තැටි සඳහා ගායනා කරන ලදී.

පින් සිදුවෙන්නේ
අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස කඩා
බිම නොදමන්නේ

වනේ පුරා සොයා ගොසින් කෝටු කඩාලා
කුඩා කුඩා කැබලි තුඩින් මෙහි ගෙනවිල්ලා
ගසේ මුදුන් අත්ත උඩින් කෝටු තබාලා
උදේ පටන් දවස පුරා කූඩු තනාලා

පින් සිදුවෙන්නේ
අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස කඩා
බිම නොදමන්නේ

කොළේ කොළේ දමා කුඩා නිවස වසන්නේ
මගේ දයා බිරිඳ නිතර එය සරසන්නී
වනේ ගසේ පුළුන් දමා යහන සදන්නේ
අගේ මටයි ළදරුවනේ එය නොකඩන්නේ

පින් සිදුවෙන්නේ
අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස කඩා
බිම නොදමන්නේ

දෙමාපියන් සෙනේ වෙතේ තම දරුවන්ටා
ළමා ඔබෙන් අපට නැතේ මිහිපිට හිංසා
සමා වෙලා මෙ අප වෙතේ දිවි රැකගන්ටා
නමා යදිම් දෙන්න පුතේ මෙතන රඳන්ටා

පින් සිදුවෙන්නේ
අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස කඩා
බිම නොදමන්නේ


 ගායනය - සූරියකාන්ති සමග සී.ටී. ප්‍රනාන්දු
පද - ආර්.එන්.එච්. පෙරේරා
තනුව - සී.ටී. ප්‍රනාන්දු