Showing posts with label ආනන්ද සෙනෙවිරත්න. Show all posts
Showing posts with label ආනන්ද සෙනෙවිරත්න. Show all posts

Wednesday, July 24, 2019

මී අඹ වනයේ

මී අඹ වනයේ ගී හඬ පතුරා
කාවද අමතන්නේ
ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද
ඔය හැටි හිනැහෙන්නේ
මිහිබට දෙවඟන ඇවිදින තාලෙට
කො‍හොමද ඇවිදින්නේ
ළා නිල් පාටට දිලිසෙන හින්දද
ඇස් දෙක නළවන්නේ

සිහිනෙන් සිහිනෙට ඔබ ‍එනවා ‍
මොනවද හිමිහිට මුමුණනවා
හදවත රිදුමද නවතනවා
මොහොතින් යළි නොපෙනී යනවා

‍බඳ ව‍ට සුදු ඔසරිය පටලා
මල් පොකුරක් ඔ‍‍බ අත තබලා
ළගඳිම මනමාලිය කරලා
ගෙන යන්නෙමි ඔබ මගෙ කියලා

මී අඹ වනයේ ගී හඬ පතුරා
කාවද අමතන්නේ
ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද
ඔය හැටි හිනැහෙන්නේ
මිහිබට දෙවඟන ඇවිදින තාලෙට
කො‍හොමද ඇවිදින්නේ
ළා නිල් පාටට දිලිසෙන හින්දද
ඇස් දෙක නළවන්නේ

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - ආනන්ද සෙනෙවිරත්න
තනුව - ටෝනි වීරතුංග
1975 දී තිරගතවූ "පෙම් කුරුල්ලෝ" චිත්‍රපටියේ ගීයකි.