Showing posts with label අමරා රණතුංග. Show all posts
Showing posts with label අමරා රණතුංග. Show all posts

Friday, August 30, 2019

පහන් දොරින් දොරින් දොරට

පහන් දොරින් දොරින් දොරට
පහන් දොරින් දොරින් දොරට
පින් සිරිකත වැඩමවන්න

ඉතින් සබඳ උදාසණේ
ඉතින් සබඳ උදාසණේ
නිදි දැහැනින් අවදිවන්න

අප මහ බෝසත් පොරණේ
දීපංකර පා සෙවණේ

විවරණ ලත් එ අනුහසින්
නිදි දැහැනින් අවදි වන්න
බුද්ධ රත්නයේ සරණයි
ඉතින් සබඳ අවදි වන්න

බරණැස්පුර ඉසිපතනේ
ගෞතම මුණිඳුන් එ දිනේ
දෙසු දම්සක් දහම් බෙලෙන්
නිදි දැහැනින් අවදි වන්න
ධම්ම රත්නයේ සරණයි
ඉතින් සබඳ අවදි වන්න

සැරියුත් මුගලන් නමිනේ
මහ සඟගණ පිළිවෙළිනේ
සසුන සුරැකි අනුහසයෙන්
නිදි දැහැනින් අවදි වන්න
සංඝ රත්නයේ සරණයි
ඉතින් සබඳ අවදිවන්න

පහන් දොරින් දොරින් දොරට
පහන් දොරින් දොරින් දොරට
පින් සිරිකත වැඩමවන්න

ඉතින් සබඳ උදාසණේ
ඉතින් සබඳ උදාසණේ
නිදි දැහැනින් අවදිවන්න

ගායනය - මහාචාර්ය අමරා රණතුංග
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග


Pahan Dorin Dorin Dorata - Amara Ranathunga

ආදර සතුටු සුසුම්

ආදර සතුටු සුසුම් පවන් රොද
සීතල රැයක සෙමෙන් ...//

ජීවන කවුළු දොරින් යහන් වැද
මා වෙත තුරුලු වෙයන්
ආදර සතුටු සුසුම් පවන් රොද
සීතල රැයක සෙමෙන්

ඇසිපිය හෙළමින්
ළතැවෙයි යුග නෙත
වදනක පවසින්
නිසලයි සවනත ...//

ඒ මුදු බොළඳ වදන්
සුගන්ධය
පාවෙනු සොඳුරු ලොවින්
වසන්තය
ළංවෙනු මියුරු සරින්

ආදර සතුටු සුසුම් පවන් රොද
සීතල රැයක සෙමෙන්
ජීවන කවුළු දොරින් යහන් වැද
මා වෙත තුරුලු වෙයන්
ආදර සතුටු සුසුම් පවන් රොද
සීතල රැයක සෙමෙන්

පාළුව සමගින්
වැලපෙයි හදවත
අසරණ රැහැණින්
බැඳ ඇත සිරුරට ...//

කාලය ඉගිල යමින්
යොවුන් සිරි
සේදෙයි කඳුළු දියෙන්
ඒ නෙත් කෙවෙනි තුළින්
පෙමින් තොර
මා හද අවදිකරන්

ආදර සතුටු සුසුම් පවන් රොද
සීතල රැයක සෙමෙන් ...//

ජීවන කවුළු දොරින් යහන් වැද
මා වෙත තුරුලු වෙයන්
ආදර සතුටු සුසුම් පවන් රොද
සීතල රැයක සෙමෙන්

ගායනය - මහාචාර්ය අමරා රණතුංග
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග


Adara Sathutu Susum - Amara Ranathunga

බා ලොලි ලොලි





Ba Loli Loli - Amara Ranathunga

Thursday, August 29, 2019

සමාධි බුදු සිසිලේ



සමාධි බුදු සිසිලේ ගලා එන
අමා දහම් ගඟුලේ
සමාධි බුදු සිසිලේ

නිවී නිවී මා
නෙත සිත සැනසේ
සවන් සමිඳු සෙවණේ
නිසංසල මහමෙවුනා උයනේ

මුදු බුදු හසරැල්ලේ
නටා යන
පහන් සිලෙක කැල්මේ
නිවේ නිවේ හද
සනරාමර හිමි
දෙනුවන් අග බැල්මේ
දෙනුවන් අග බැල්මේ

සමාධි බුදු සිසිලේ ගලා එන
අමා දහම් ගඟුලේ
සමාධි බුදු සිසිලේ

නිවී නිවී මා
නෙත සිත සැනසේ
සවන් සමිඳු සෙවණේ
නිසංසල මහමෙවුනා උයනේ

වැඩ හිඳ විදුරසුනේ
සැඳෑ සුව දෙන සිහිලැල් අරණේ
නිවා නිවා හද
සැඟවුණු අරුතක්
කියන්න මට සමිඳේ
කියන්න මට සමිඳේ

සමාධි බුදු සිසිලේ ගලා එන
අමා දහම් ගඟුලේ
සමාධි බුදු සිසිලේ

ගායනය - මහාචාර්ය අමරා රණතුංග
පද - සුනිල් සරත් පෙරේරා
තනුව - දයාරත්න රණතුංග


Samadhi Budu Sisile - Amara Ranathunga

දොං තරිකිට


දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා
දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා

දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා
දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා


කඳුවැටියෙන් බැස එනා
මිටියාවත රඟදෙනා

නෙත් නිදි ගැට දුරලනා
හිරු එළියෙන් පිබිදුණා
...//

රන් දේදුනු නම නමා
රන් බැණින් සැරසිලා

දුල් නිලඹර සැරි සරා
හිරු එත සිතු සනසලා

හිරු එත සිතු සනසලා ....//

දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා
දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා

දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා
දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා


සිත් මත් කරවන ලෙසේ
දෙත් ගී සියොතුන් තොසේ

පිපි වනමල් තුරු හිසේ
මිහිලොල් බිඟු දැල් බැඳේ
...//

සමනොල හිම ගිරි හිසේ
සේවය කර එන මෙසේ

රැස් දිය හිරු හදවතේ
දුක් බිය සැක දුරලතේ

දුක් බිය සැක දුරලතේ
...//

දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා
දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා

දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා
දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා


ගායනය - මහාචාර්ය අමරා රණතුංග සමග පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ පිරිස
පද - සුනිල් සරත් පෙරේරා
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග



Don Tharikita - Pandith W.D.  Amaradewa with Prof. Amara REanathunga

Saturday, August 24, 2019

සුබ වාසනා වේවා


සුබ වාසනා වේවා
ලොව ගීතයක් වේවා ...//

සිහිලැල් පවනින් ගත නිවුනාවේ
සරතැස සංකා දුරු වේවා


සිහිලැල් පවනින් ගත නිවුනාවේ
සරතැස සංකා දුරු වේවා


ආදරයේ මුදු පුලින තලාවේ //
සැනසුම් මිණි මුතු පෑදේවා
හෝ.. ජීවන ගංගාවේ

සුබ වාසනා වේවා
ලොව ගීතයක් වේවා ...//

සෙව්වන්දිය මල් යහනේ සතපා
සුහුඹුල් සිතුවිලි පිබිදේවා


සෙව්වන්දිය මල් යහනේ සතපා
සුහුඹුල් සිතුවිලි පිබිදේවා


ජීවිතයේ සිරි මැදුර සරාලා //
වීණා නාදේ රැව්දේවා
හෝ.. ජීවන මේලාවේ

සුබ වාසනා වේවා
ලොව ගීතයක් වේවා ...///

ගායනය - මහාචාර්ය අමරා රණතුංග සමග ආචාර්ය දයාරත්න රණතුංග
පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග


චිත්‍රය ජයසිරි ේමේ ශිල්පියාේ නිර්මාණයකි.


Suba Wasana Wewa - Amara Ranathunga & Dayarathna Ranathunga

රාධා ක්‍රිෂ්ණා රාමා සීතා


රාධා ක්‍රිෂ්ණා රාමා සීතා
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
සාලිය මාලා ගාමිණි චිත්‍රා
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
අප පෙම හමුවේ
ඔවුන් ළදරුවෝ
ආදරයේ
රන් කිරි කට ගෑ

පියවි ලොවේදී ඇතිවන තුරු අපි සිනාසෙමූ
සීන ලොවේදී රෑ තුන්යම අපි සිනාසෙමූ
ගතින් නොබැඳුනත් දිවිය පුරා අපි සිනාසෙමූ
සිනාසෙමූ

රාධා ක්‍රිෂ්ණා රාමා සීතා
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී

අරුණලු සිඹ සිඹ සූර්යකාන්ත මල සිනාසෙතේ
සඳකැන් සිඹ සිඹ කොඳ මල සඳ හා සිනාසෙතේ
හිරු සඳු කුමටද අප හද මල් ඉති සිනාසෙතේ
සිනාසෙතේ

රාධා ක්‍රිෂ්ණා රාමා සීතා
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
සාලිය මාලා ගාමිණි චිත්‍රා
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී

ගායනය - මහාචාර්ය අමරා රණතුංග
පද - චන්ද්‍රසේන රංගේ
තනුව - සරත් ද අල්විස්


Radha Krishna - Amara Ranathunga

වස්දඬු රාවේ


වස්දඬු රාවේ
වස්දඬු රාවේ
වස්දඬු රාවේ
වස්දඬු රාවේ

ඈතින් එන ඒ වස්දඬු රාවේ
වස්දඬු රාවේ ...//
වස්දඬු රාවේ
වස්දඬු රාවේ

චංචල මහද නිසංසල කරවන
මධුර මනෝහර වස්දඬු රාවේ
ඈත ලොවක සිට එන ගීයක් මෙනි
මා මත් කරවන වස්දඬු රාවේ

නුපුරුදු සිතිවිලි හිතට ගලා එයි
ඇසෙන විටදි ඒ වස්දඬු රාවේ
වේදනාව පාළුව සිත පිළිසිඳ
නෙතට කඳුළු දෙයි වස්දඬු රාවේ

වස්දඬු රාවේ
වස්දඬු රාවේ

ඈතින් එන ඒ වස්දඬු රාවේ
වස්දඬු රාවේ ...///

ගායනය - මහාචාර්ය අමරා රණතුංග
පද - ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග


Wasdandu Rawe - Amara Ranathunga

Friday, August 23, 2019

ප්‍රේම කතාවක චරිත දෙකක්


ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි
විරහ ගීතයක පේළි දෙකක් - අපි ...//

බාධා වැට කොටු දුෂ්ඨ චරිත නෑ
සියල්ල සතුටින් හමාර වෙනවා


ආසිරි ගී මැද සීන සැබෑවී
පෝරුව මතුපිට සිත් යාවෙනවා


විරහ ගීතයක පේළි දෙකක් - අපි
ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි

ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි
විරහ ගීතයක පේළි දෙකක් - අපි

දුක්බර වස්දඬු වැළපෙන වීණා
සවනත පාරණ රාව නැගෙනවා


අකුරින් අකුරට ගැයෙනා ගීයෙන්
පාළුව තනිකම හිතේ පිරෙනවා


ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි
විරහ ගීතයක පේළි දෙකක් - අපි

විරහ ගීතයක පේළි දෙකක් - අපි
ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි

ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි
විරහ ගීතයක පේළි දෙකක් - අපි

විරහ ගීතයක පේළි දෙකක් - අපි
ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි

ගායනය - මහාචාර්ය අමරා රණතුංග සමග ආචාර්ය දයාරත්න රණතුංග
පද - තු.ව. කුසුම්පාල
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග
 
චිත්‍රය ෝර්ජ් කීට් ශිල්පියාේ නිර්මාණයකි.

 පැරණි ගීය

පසු කලෙක කළ ගායනයක්

 

ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි
විරහ ගීතයක පේළි දෙකක් - අපි

විරහ ගීතයක පේළි දෙකක් - අපි
ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි

Rap Part

බාධා වැට කොටු දුෂ්ඨ චරිත නෑ
සියල්ල සතුටින් හමාර වෙනවා

ආසිරි ගී මැද සීන සැබෑවී
පෝරුව මතුපිට සිත් යාවෙනවා

Rap Part

විරහ ගීතයක පේළි දෙකක් - අපි
ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි

ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි
විරහ ගීතයක පේළි දෙකක් - අපි

Rap Part

දුක්බර වස්දඬු වැළපෙන වීණා
සවනත පාරණ රාව නැගෙනවා

අකුරින් අකුරට ගැයෙනා ගීයෙන්
පාළුව තනිකම හිතේ පිරෙනවා

Rap Part

ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි
විරහ ගීතයක පේළි දෙකක් - අපි

විරහ ගීතයක පේළි දෙකක් - අපි
ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි

විරහ ගීතයක පේළි දෙකක් - අපි
ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි

ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි
විරහ ගීතයක පේළි දෙකක් - අපි

Rap Part

බාධා වැට කොටු දුෂ්ඨ චරිත නෑ
සියල්ල සතුටින් හමාර වෙනවා

ආසිරි ගී මැද සීන සැබෑවී
පෝරුව මතුපිට සිත් යාවෙනවා

Rap Part

ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි
විරහ ගීතයක පේළි දෙකක් - අපි

විරහ ගීතයක පේළි දෙකක් - අපි
ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි

ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි
විරහ ගීතයක පේළි දෙකක් - අපි

විරහ ගීතයක පේළි දෙකක් - අපි

පෙම් සිලිලාරේ තුන් සිත ඉතිරී


පෙම් සිලිලාරේ තුන් සිත ඉතිරී විහිදී විසිරෙන්නා
වසන්ත ගීතේ
පවනේ පාවේ


විල් තෙර නිල්ලේ හද සන්සුන් කළ ගී හඬ යළි ඇසුණා
කවුදෝ ආවේ
කවුදෝ ආවේ


පෙර දිනේ
සොඳුරු රුව ඔබේ
නෙතු කොණේ ඇඳි පැයේ


ආදරේ
මං පෙතේ
ආවෙ දෑත ගෙන දෙන්නා


පෙම් සිලිලාරේ තුන් සිත ඉතිරී විහිදී විසිරෙන්නා
වසන්ත ගීතේ
පවනේ පාවේ


විල් තෙර නිල්ලේ හද සන්සුන් කළ ගී හඬ යළි ඇසුණා
කවුදෝ ආවේ
කවුදෝ ආවේ


හසරැලී තොලග නැඟි නැඟී
හද නිවී සිහිල දේ


ආදරේ
මං පෙතේ
ආවෙ දෑත ගෙන දෙන්නා


පෙම් සිලිලාරේ තුන් සිත ඉතිරී විහිදී විසිරෙන්නා
වසන්ත ගීතේ
පවනේ පාවේ


විල් තෙර නිල්ලේ හද සන්සුන් කළ ගී හඬ යළි ඇසුණා
කවුදෝ ආවේ
කවුදෝ ආවේ


ගායනය - මහාචාර්ය අමරා රණතුංත සමග ආචාර්ය දයාරත්න රණතුංග
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සරත් දසනායක



චිත්‍රය ෝර්ජ් කීට් ශිල්පියාේ නිර්මාණයකි.

පැරණි ගීය


පසු කලෙක කළ ගායනයක්



Rap Part

පෙම් සිලිලාරේ තුන් සිත ඉතිරී විහිදී විසිරෙන්නා
වසන්ත ගීතේ
පවනේ පාවේ


විල් තෙර නිල්ලේ හද සන්සුන් කළ ගී හඬ යළි ඇසුණා
කවුදෝ ආවේ
කවුදෝ ආවේ


Rap Part

පෙර දිනේ
සොඳුරු රුව ඔබේ
හද කොණේ ඇඳි පැයේ


ආදරේ
මං පෙතේ
ආවෙ දෑත ගෙන දෙන්නා


Rap Part

වසන්ත ගීතේ
Rap Part
කවුදෝ ආවේ

Rap Part

හසරැලී තොලග නැඟි නැඟී
හද නිවී සිහිල දේ


ආදරේ
මං පෙතේ
ආවෙ දෑත ගෙන දෙන්නා


පෙම් සිලිලාරේ තුන් සිත ඉතිරී විහිදී විසිරෙන්නා
වසන්ත ගීතේ
පවනේ පාවේ


විල් තෙර නිල්ලේ හද සන්සුන් කළ ගී හඬ යළි ඇසුණා
කවුදෝ ආවේ
කවුදෝ ආවේ


Pem Sililare - Dayarathna Ranathunga & Amara Ranathunga

Thursday, August 22, 2019

මල් විය හැරදා



මල් විය හැරදා
පති කුලයට මා
කුල කුමරෙක් හා අතිනත දවටා
පිට ගම් ගියදා
ඔබ හැඬුවා

පියමං වී ගිය කාලය පසු පස
බාල වියේ සිට සෙවණැල්ලක් සේ
සසර පුරා ඔබ ආ බව මතකයි
කඳුළු ගඟෙන් ගොඩවී
ඉවුර දිගේ ළතැවී

මල් විය හැරදා
පති කුලයට මා
කුල කුමරෙක් හා අතිනත දවටා
පිට ගම් ගියදා
ඔබ හැඬුවා

වල්මත් වූ සිත හැඬුම් නොදේවා
සිහිනෙන්වත් ඔය හදට ඇදෙන සේ
මතකය පෑරී භවයෙන් භවයට
විරහ කඳුළු මතුවී
විහඟ තුඩක ලියැවී

මල් විය හැරදා
පති කුලයට මා
කුල කුමරෙක් හා අතිනත දවටා
පිට ගම් ගියදා
ඔබ හැඬුවා

ගායනය - මහාචාර්ය අමරා රණතුංග
පද - උපාලි ධනවලවිතාන
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

පසු කලෙක කළ ගායනයක්.
Mal Viya Herada - Amara Ranathunga

තනිපංගලමේ


තනිපංගලමේ යන්න බයයි මට
කනත්ත ළඟ පාරේ
ඉස්සර නම් ඔබ
මා ඇරලන්නට
එනවා හැම වාරේ
එනවා හැම වාරේ ...//

අප හඳුනාගත් දිනවල වාගේ
කතාකරන්නේ නෑ
හිනැහෙන්නේවත් නෑ
ආදරයක් ඇතිවද මන්දා
මා වරදක් කෙරුවද මන්දා

තනිපංගලමේ යන්න බයයි මට
කනත්ත ළඟ පාරේ
ඉස්සර නම් ඔබ
මා ඇරලන්නට
එනවා හැම වාරේ
එනවා හැම වාරේ

නිතරම අප මුණගැසෙන නිසාදෝ
මා දෙස නොබලන්නේ
ඇයි මා රිදවන්නේ
මා අගයක් නැතිවද මන්දා
මා ලස්සණ මදිවද මන්දා

තනිපංගලමේ යන්න බයයි මට
කනත්ත ළඟ පාරේ
ඉස්සර නම් ඔබ
මා ඇරලන්නට
එනවා හැම වාරේ
එනවා හැම වාරේ

ගායනය - මහාචාර්ය අමරා රණතුංග
පද - ආචාර්ය ප්‍රණීත් අබයසුන්දර
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි


Thanipangalame - Amara Ranathunga

සැලළිහිණියෝ උඹ දන්නෙ නෑ


සැලළිහිණියෝ උඹ දන්නෙ නෑ
සැලළිහිණියෝ උඹ දන්නෙ නෑ
පෙම් හිතක සුවේ හඳුනන්නෙ නෑ
සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
උඹ කූඩුවේ ඉන්නෙ නෑ
සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
උඹ කූඩුවේ ඉන්නෙ නෑ

වෙන කාටවත් හේම නොකියන් හොඳේ
මං උඹට රහසක් කියන්නම් ...//
මං ආදරෙයි කියන
මට ආදරේ කරන
කුමරෙක් මටත් ඉන්නවා
අපි ආදරෙන් ඉන්නවා

සැලළිහිණියෝ උඹ දන්නෙ නෑ
සැලළිහිණියෝ උඹ දන්නෙ නෑ
පෙම් හිතක සුවේ හඳුනන්නෙ නෑ
සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
උඹ කූඩුවේ ඉන්නෙ නෑ
සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
උඹ කූඩුවේ ඉන්නෙ නෑ

වෙන කාටවත් හේම නොකියන් හොඳේ
මං උඹට රහසක් කියන්නම් ...//
අහසින් පියාසරණ
ආදර හැඟුම් මහිම
දැන්නම් අපිත් දන්නවා
අපි ආදරෙන් ඉන්නවා

සැලළිහිණියෝ උඹ දන්නෙ නෑ
සැලළිහිණියෝ උඹ දන්නෙ නෑ
පෙම් හිතක සුවේ හඳුනන්නෙ නෑ
සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
උඹ කූඩුවේ ඉන්නෙ නෑ
සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
උඹ කූඩුවේ ඉන්නෙ නෑ

ගායනය - මහාචාර්ය අමරා රණතුංග
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග


චිත්‍රය සුදුමැණිකේ විජේසූරිය ශිල්පිණියගේ නිර්මාණයකි.

මුල් ගීය


 පසු කලෙක කළ ගායනයක්


Selalihiniyo Umba Danne Ne - Amara Ranathunga

පාළු පැලේ මට තනි නෑ


පාළු පැලේ මට තනි නෑ හිමියනේ
හිත සංකා ගන්න එපා හිමියනේ

විදුලි අකුණු මේඝ වලා
එතෙර ඇදෙන්නයි
හතර වරම් දෙවි පිහිටෙන්
මෙතෙර දකින්නයි

බාධක දුක් දුරු වීලා
ගිය කාරිය හරියනවා
මගෙ දෙයියෝ උදනැක්කේ
වෙරළ දිගේ ගෙට එනවා

පාළු පැලේ මට තනි නෑ හිමියනේ
හිත සංකා ගන්න එපා හිමියනේ

විදුලි අකුණු මේඝ වලා
එතෙර ඇදෙන්නයි
හතර වරම් දෙවි පිහිටෙන්
මෙතෙර දකින්නයි

කිඳුරු ලියන් දුටුවෝතින්
මා අමතකවන්න එපා
වාසි නැතත් හිමි සඳිනේ
වැඩි ඈතට යන්න එපා

පාළු පැලේ මට තනි නෑ හිමියනේ
හිත සංකා ගන්න එපා හිමියනේ

විදුලි අකුණු මේඝ වලා
එතෙර ඇදෙන්නයි
හතර වරම් දෙවි පිහිටෙන්
මෙතෙර දකින්නයි

ගායනය - මහාචාර්ය අමරා රණතුංග
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග

Paalu Pele Mata Thani Ne - Amara Ranathunga

රන්වන් එරන් මාල


රන්වන් එරන් මාල ගෙලටත් අරන් දෙන්න
ඉඳුනිල් මැණික් තෝඩු කණටත් අරන් දෙන්න
මගෙ පංච කල්‍යාණ රූපේ දිලේවී
ඔබටයි ප්‍රියේ ආඩම්බරේ
ඔබටයි ප්‍රියේ ආඩම්බරේ

ලවන ආලේප විලවුන් අරන් දෙන්න
මල් මල් දුහුල් සාරි සළු පිළි ගෙනත් දෙන්න
අභිමාන බැල්මෙන් සැරසී සිටින්නම්
ඔබටයි ප්‍රියේ ආඩම්බරේ
ඔබටයි ප්‍රියේ ආඩම්බරේ

රන්වන් එරන් මාල ගෙලටත් අරන් දෙන්න
ඉඳුනිල් මැණික් තෝඩු කනටත් අරන් දෙන්න
මගෙ පංච කල්‍යාණ රූපේ දිලේවී
ඔබටයි ප්‍රියේ ආඩම්බරේ
ඔබටයි ප්‍රියේ ආඩම්බරේ

මගෙ යෙහෙළියන්ටත් ඔරවා බලන් ඉන්න
අත් වැල් බැඳන් එන්න මල් වත්තෙ ඇවිදින්න
තිර තාරකාවන් අප වාගෙ නේදෝ
ඔබටයි ප්‍රියේ ආඩම්බරේ
ඔබටයි ප්‍රියේ ආඩම්බරේ

රන්වන් එරන් මාල ගෙලටත් අරන් දෙන්න
ඉඳුනිල් මැණික් තෝඩු කනටත් අරන් දෙන්න
මගෙ පංච කල්‍යාණ රූපේ දිලේවී
ඔබටයි ප්‍රියේ ආඩම්බරේ
ඔබටයි ප්‍රියේ ආඩම්බරේ

ගායනය - මහාචාර්ය අමරා රණතුංග
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග


චිත්‍රය ජයසිරි සේමගේ ශිල්පියාගේ නිර්මාණයකි.



Ranwan Eran Maala - Amara Ranathunga

දෑසේ නිදි නැති


දෑසේ නිදි නැති රෑ තුන් යාමේ
සිතුවිලි පැටලෙන්නේ
සාගර සතකින් එපිටහ ගිය පුත
නුඹ මට සිහිවන්නේ ...//

නුඹ කොහි ඇත්දැයි නොහැඟෙනවා සිත බියෙන් සසල වන්නේ
හීන්සැරේ යළි තුරුළට එන තුරු හදවත දුක් දෙන්නේ

දෑසේ නිදි නැති රෑ තුන් යාමේ
සිතුවිලි පැටලෙන්නේ
සාගර සතකින් එපිටහ ගිය පුත
නුඹ මට සිහිවන්නේ

බාලේ නුඹ නිදි කෙරුමට මා කී නැළවිලි සිහිවන්නේ
ඒ නැළවිලි ගී නැවත ගයන්නම් පුත නුඹ මෙහි එන්නේ

දෑසේ නිදි නැති රෑ තුන් යාමේ
සිතුවිලි පැටලෙන්නේ
සාගර සතකින් එපිටහ ගිය පුත
නුඹ මට සිහිවන්නේ

ගායනය - මහාචාර්ය අමරා රණතුංග
පද - මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර
තනුව - ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු



Dease Nidi Nethi - Amara Ranathunga

Wednesday, August 21, 2019

චාමර පවන් සලා

ආ... අආ.... අආ....
ආ... ආ... ආ...
ආ...  අආ....

චාමර පවන් සලා
නීල වර්ණ මුහුළ එලාලා ...//
ඔබ එන මං තලයේ
බලා ඉඳින්නම්
ඔබ එන මං තලයේ
බලා ඉඳින්නම්
චාමර පවන් සලා
නීල වර්ණ මුහුළ එලාලා
චාමර පවන්

චංචල මනෝ විලේ
චංචල මනෝ විලේ
සරාගි නිම් රැල්ලේ (ඒ...
සරාගි නිම් රැල්ලේ (ඒ...

චංචල මනෝ විලේ
චංචල මනෝ විලේ
සරාගි නිම් රැල්ලේ (ඒ...
සරාගි නිම් රැල්ලේ

සීතල සුවය දැනේ
හඳපානේ
චාමර පවන් සලා
නීල වර්ණ මුහුළ එලාලා
චාමර පවන්

චංචල මනෝ විලේ
චංචල මනෝ විලේ
සරාගි නිම් රැල්ලේ (ඒ...
සරාගි නිම් රැල්ලේ
ඒ... සරාගි
ඒ සරාගි නිම් රැල්ලේ

සීතල සුවය දැනේ
හඳපානේ
සීතල
සීතල සුවය දැනේ
හඳපානේ

චාමර පවන් සලා
නීල වර්ණ මුහුළ එලාලා ...//
චාමර පවන් සලා

ගායනය - මහාචාර්ය අමරා රණතුංග
පද - ඩෝල්ටන් අල්විස්
තනුව -
මහාචාර්ය අමරා රණතුංග

ඒ උපුලී කවුදෝ


ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩවූ
ඒ උපුලී කවුදෝ
නිදි නැති රෑ යාමේ මා හැඬවූ
ඒ උපුලී කවුදෝ ...//

නෑසියෙකුදු නෑ
යෙහෙළියකුදු නෑ
දන්නා තරමින්
කවරෙකු හෝ නෑ

අප වෙනුවෙන් ඔබ ඩා බිඳු හෙළනා
අට හෝරාවේ ඔබ හද යා වූ
ජීවමාන ලියතඹරාවක් දෝ
ඒ උපුලී
ඒ උපුලී

ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩවූ
ඒ උපුලී කවුදෝ
නිදි නැති රෑ යාමේ මා හැඬවූ
ඒ උපුලී කවුදෝ

උපුලී උපුලී
ආදර උපුලී
එළිවෙන තුරු ඔබ දෙඩුවා මතකයි

පුතු සමගින් මහ මඟට බසින්නට
භයංකාරයේ මඟ හෙලි පෙන්වන
මන මෝහන වූ සලෙල ලියක් දෝ
ඒ උපුලී
ඒ උපුලී

ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩවූ
ඒ උපුලී කවුදෝ
නිදි නැති රෑ යාමේ මා හැඬවූ
ඒ උපුලී කවුදෝ

ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩවූ
ඒ උපුලී කවුදෝ
නිදි නැති රෑ යාමේ මා හැඬවූ
ඒ උපුලී ...
කවුදෝ ...

ගායනය - මහාචාර්ය අමරා රණතුංග
පද - චන්ද්‍රසේන රංගේ
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග


මුල් ගීය



 පැරණි ගීය වඩා හොඳ ශ්‍රවන ගුණයෙන්

පහත ඇත්තේ එම ගීයේ පසු කලෙක ගායනයකි.
එහි පද වැල පහත ආකාරයෙනි.


 

Rap Part

ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩවූ
ඒ උපුලී කවුදෝ
නිදි නැති රෑ යාමේ මා හැඬවූ
ඒ උපුලී කවුදෝ ...//

Rap Part

නෑසියෙකුදු නෑ
යෙහෙළියෙකුදු නෑ
දන්නා තරමින්
කවරෙකු හෝ නෑ

Rap Part

අප වෙනුවෙන් ඔබ ඩා බිඳු හෙළනා
අට හෝරාවේ ඔබ හද යා වූ
ජීවමාන ලියතඹරාවක් දෝ
ඒ උපුලී
ඒ උපුලී

Rap Part

ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩවූ
ඒ උපුලී කවුදෝ
නිදි නැති රෑ යාමේ මා හැඬවූ
ඒ උපුලී කවුදෝ

Rap Part

උපුලී උපුලී
ආදර උපුලී
එළිවෙන තුරු ඔබ දෙඩුවා මතකයි

Rap Part

පුතු සමගින් මහ මඟට බසින්නට
භයංකාරයේ මඟ හෙලි පෙන්වන
මන මෝහන වූ සලෙල ලියක් දෝ
ඒ උපුලී
ඒ උපුලී

Rap Part

ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩවූ
ඒ උපුලී කවුදෝ
නිදි නැති රෑ යාමේ මා හැඬවූ
ඒ උපුලී කවුදෝ ...//

එක කිරුළක් පළඳින්නට බෑ

එක කිරුළක් පළඳින්නට බෑ
එකම සිහසුනේ ඉන්නට බෑ
සුලෝචනා
අප දෙදෙනාටම
එක රජ දහනක
රජ කරන්ට බෑ

මගේ කඳුළ ඔබගේ දෙතොලේ
සුවඳ සිනා රැල්ලක් වේවා
සුලෝචනා දුක නොහඳුනනා
ඔබ මේ ගැන තව ළතවිය යුතු නෑ

එක කිරුළක් පළඳින්නට බෑ
එකම සිහසුනේ ඉන්නට බෑ
සුලෝචනා
අප දෙදෙනාටම
එක රජ දහනක
රජ කරන්ට බෑ

ආදරයක් වෙනුවෙන් දෙන්නා
තරඟයකට ඉඩ දිය යුතු නෑ
සුලෝචනා අප දෙදෙනාටම
එක හදවතකට පෙම් කරන්ට බෑ

එක කිරුළක් පළඳින්නට බෑ
එකම සිහසුනේ ඉන්නට බෑ
සුලෝචනා
අප දෙදෙනාටම
එක රජ දහනක
රජ කරන්ට බෑ

කිරුළ සිහසුනයි රජ දහනයි
ඔබටම පවරා පිට වෙන්නම්
සුලෝචනා අප දෙදෙනාටම
එක හදවතකට පෙම් කරන්ට බෑ

එක කිරුළක් පළඳින්නට බෑ
එකම සිහසුනේ ඉන්නට බෑ
සුලෝචනා
අප දෙදෙනාටම
එක රජ දහනක
රජ කරන්ට බෑ

සුලෝචනා
අප දෙදෙනාටම
එක රජ දහනක
රජ කරන්ට බෑ ....//

ගායනය - මහාචාර්ය අමරා රණතුංග
පද - රත්නා ලංකා අබේවික්‍රම
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග


මුල් ගීය


ශ්‍රවන ගුණයෙන් ඉහළ පැරණි ගීයක්.

පහත ඇත්තේ එම ගීයේ පසු කලෙක ගායනයකි.
එහි පද වැල පහත ආකාරයෙනි.


 

Rap Part

එක කිරුළක් පළඳින්නට බෑ
එකම සිහසුනේ ඉන්නට බෑ
සුලෝචනා
අප දෙදෙනාටම
එක රජ දහනක
රජ කරන්ට බෑ

Rap Part

මගේ කඳුළ ඔබගේ දෙතොලේ
සුවඳ සිනා රැල්ලක් වේවා
සුලෝචනා දුක නොහඳුනනා
ඔබ මේ ගැන තව ළතවිය යුතු නෑ

Rap Part

එක කිරුළක් පළඳින්නට බෑ
එකම සිහසුනේ ඉන්නට බෑ
සුලෝචනා
අප දෙදෙනාටම
එක රජ දහනක
රජ කරන්ට බෑ

Rap Part

ආදරයක් වෙනුවෙන් දෙන්නා
තරඟයකට ඉඩ දිය යුතු නෑ
සුලෝචනා අප දෙදෙනාටම
එක හදවතකට පෙම් කරන්ට බෑ

Rap Part

එක කිරුළක් පළඳින්නට බෑ
එකම සිහසුනේ ඉන්නට බෑ
සුලෝචනා
අප දෙදෙනාටම
එක රජ දහනක
රජ කරන්ට බෑ

කිරුළ සිහසුනයි රජ දහනයි
ඔබටම පවරා පිට වෙන්නම්
සුලෝචනා අප දෙදෙනාටම
එක එක රජ දහනක රජ කරන්ට බෑ

එක කිරුළක් පළඳින්නට බෑ
එකම සිහසුනේ ඉන්නට බෑ
සුලෝචනා
අප දෙදෙනාටම
එක හදවතකට පෙම් කරන්ට බෑ

සුලෝචනා
අප දෙදෙනාටම
එක හදවතකට පෙම් කරන්ට බෑ ....////

Thursday, January 17, 2019

සෙන්පතියන් ගැන



සෙන්පතියන් ගැන නැව්පතියන් ගැන
කතා අහනකොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි
ඒ ඇයි මගෙ හොඳ අම්මේ

සෙන්පතිකමටයි නැව්පතිකමටයි
නම ගිය සිංහල ආරේ
ගති නෑරේ පුත ඒකයි ඔබ හට
ඒ ගැන එතරම් ආසා

මහ පඬිදුන් ගැන මහ කිවිඳුන් ගැන
කතා අහනකොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි
ඒ ඇයි මගෙ හොඳ අම්මේ

මහ පඬි රුවනට මහ කිවිවරුනට
තෝතැනි වූ ලක් දෙරණේ
හෙල පුතැකුවැ ඔබ ඉපැදුන පිනටයි
ඒ ගැන එතරම් ආසා

හේන් කුඹුරු ගැන ගොපළු ලියන් ගැන
කතා අහනකොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි
ඒ ඇයි මගෙ හොඳ අම්මේ

ඈත එපිට සිට ගොවි රජ දහනකි
සෝබන සිරිබර ලංකා
ගොවිකම ඔබටත් උරුම නිසාවෙනි
ඒ ගැන එතරම් ආසා

එඩිතරකම් ගැන බියනැතිකම් ගැන
කතා අහනකොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි
ඒ ඇයි මගෙ හොඳ අම්මේ

එඩිතරකමටයි බිය නැතිකමටයි
පෙර සිට සුපතල හෙලයේ
ඉපැදුනු ඔබ තුල ඒ ගති නැති නම්
ඒ නොවැ පුදුමය පුතුනේ

ගායනය - අමරා රණතුංග සමග පුලතිසි රණතුංග
පද - හියුබත් දිසානායක
තනු - මහාචාර්ය අමරා රණතුංග