දෑසේ නිදි නැති රෑ තුන් යාමේ
සිතුවිලි පැටලෙන්නේ
සාගර සතකින් එපිටහ ගිය පුත
නුඹ මට සිහිවන්නේ ...//
නුඹ කොහි ඇත්දැයි නොහැඟෙනවා සිත බියෙන් සසල වන්නේ
හීන්සැරේ යළි තුරුළට එන තුරු හදවත දුක් දෙන්නේ
දෑසේ නිදි නැති රෑ තුන් යාමේ
සිතුවිලි පැටලෙන්නේ
සාගර සතකින් එපිටහ ගිය පුත
නුඹ මට සිහිවන්නේ
බාලේ නුඹ නිදි කෙරුමට මා කී නැළවිලි සිහිවන්නේ
ඒ නැළවිලි ගී නැවත ගයන්නම් පුත නුඹ මෙහි එන්නේ
දෑසේ නිදි නැති රෑ තුන් යාමේ
සිතුවිලි පැටලෙන්නේ
සාගර සතකින් එපිටහ ගිය පුත
නුඹ මට සිහිවන්නේ
ගායනය - මහාචාර්ය අමරා රණතුංග
පද - මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර
තනුව - ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු
Dease Nidi Nethi - Amara Ranathunga

No comments:
Post a Comment