Showing posts with label මෝහන් රාජ්. Show all posts
Showing posts with label මෝහන් රාජ්. Show all posts

Friday, August 2, 2019

වසන්ත සමය ඇවිත්



වසන්ත සමය ඇවිත් සිරිපා කරුණා කරණ්ඩ
අපටත් කතා කරයි
රන්වන් සමනල සේනා


සමනල ගිරට උඩින්
වැඩුණත් හද බැඳි පෙම්
...//
ශිවනඩි පාදම් වඳින්න මැණිකේ
අවසර වේන්ඩුම්


සමනල කන්ද නුඹයි
සීතල ගඟුල මමයි
...//
කුංකුම පොට්ටු තියා කෝවිල් බිමට වැටෙන්නම්

රජ හිස කිරුළ මමයි
කරුළ'ග මැණික නුඹයි
...//
කුංකුම පොට්ටු තියා පැළඳ ගන්න
මැණිකේ අවසර වේන්ඩුම්


වසන්ත සමය ඇවිත් සිරිපා කරුණා කරණ්ඩ
අපටත් කතා කරයි
රන්වන් සමනල සේනා


සමනල ගිරට උඩින්
වැඩුණත් හද බැඳි පෙම්
...//
ශිවනඩි පාදම් වඳින්න මැණිකේ
අවසර වේන්ඩුම්


අතිනත් බැඳී පෙමින්
මහගිරිදඹ නගිමින්
...//
හිමගිර උස බලන්න සමන් දෙවි කරුණාවයි

කුලගෙයි සිරිත ලෙසින්
නිළමෙගෙ හිතත් අරන්
...//
මහගිරිදඹේ යන්න ශිවම් නිරිඳු
මැණිකේ අවසර වෙන්නම්


ගායනය - නීලා වික්‍රමසිංහ සමග මෝහන් රාජ් මුත්තුසාමි
පද - පූජ්‍ය වත්තේවැවේ ධම්මානන්ද හිමි
තනුව - නීලා වික්‍රමසිංහ

Tuesday, October 4, 2016

සඳ මම නම්

සඳ මම නම්
හඳපාන ගලා යන සඳලුතලාවේ
මම දුටුවෙම් සත්ගොමු පියුමින් බබළන රංග ලතාවන්


හිරු මම නම්
හිරුපාන ගලා යන වීදි අගුපිලේ
මම දුටුවෙමි ප්‍රාණය ගැහෙනා ගුලි වූ අසරණ මිනිසුන්


සඳ මම නම්
හඳපාන ගලා යන
සඳලුතලාවේ
 

නැඟ ඉන්ද්‍ර දිගින් ඔබ හිරු තෙද රැස් පතුරායා
සඳකැන් බරණින් ඔබ සඳ කොමලිය බබළායා

ඔය සැඩ රිවි රැස් හකුළා ගන්
පණ රඳවා ගැන්මේ 

වෙහෙසින් හති හළනා
දුහුනන් දුගියන් අසරණයින් නොපෙළන්


හිරු මම නම්
හිරුපාන ගලා යන වීදි අගුපිලේ


නෙක තරු සහසක් සොමි කැල්මෙන් පරදන බිසොවුන්
දැක දස බිම්බර සෙන් නොසැලුණු සූරිය නිරිඳුන්

පෙම් රජ දහනට ඔබ පායන්
සිප බද කොමලතිනී

මුව මී පොවා පියා
ආලිංගනයෙන් මත් වූවන් සනහන්
සඳ මම නම්
හඳපාන ගලා යන සඳලුතලාවේ
මම දුටුවෙම් සත්ගොමු පියුමින් බබළන රංග ලතාවන්

 

හිරු මම නම්
හිරුපාන ගලා යන වීදි අගුපිලේ
මම දුටුවෙමි ප්‍රාණය ගැහෙනා ගුලි වූ අසරණ මිනිසුන්


සඳ මම නම්
හඳපාන ගලා යන සඳලුතලාවේ


ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ සමිතා මුදුන්කොටුව
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය - මෝහන් රාජ්සඳ මම නම්


ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ සමිතා මුදුන්කොටුව
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය - මෝහන් රාජ්



Sanda Mama Nam - Pandith W.D. Amaradewa & Samitha Mudunkotuwa

Sunday, December 1, 2013

සියොතුනේ උතුරින් මෙහි එන පියඹා

සියොතුනේ උතුරින් මෙහි එන පියඹා
සියොතුනේ දකුණින් එහි යන පියඹා
උතුරේ දිනු ගම් පීරා
දකුණේ උන් හා
අහසේ
අහසේ
අහසේ
හමුවන තැන කොතැනේ


සියොතුනේ දකුණින් මෙහි එන පියඹා
සියොතුනේ උතුරින් එහි යන පියඹා
දකුණේ දිනු ගම් පීරා
උතුරේ උන් හා
අහසේ
අහසේ
අහසේ
හමුවන තැන කොතැනේ


සියොතුනේ උතුරින් මෙහි එන පියඹා

මිනිසුනේ දෑ කුළගොත් යදමින් අප රිදවනා
ඔබගේ මුගුරින් තව බැඳුනේ අප සිත් සෑමදා
...//

පෙම් හැඟුම් දෝතින් ගෙන ආ
මනු දහම් සේ හිසලා
ආදරයේ තතු කියමී ඒ ඔබ හා


සියොතුනේ උතුරින් මෙහි එන පියඹා
සියොතුනේ දකුණින් එහි යන පියඹා

දකුණේ දිනු ගම් පීරා
උතුරේ උන් හා
අහසේ
අහසේ
අහසේ
හමුවන තැන කොතැනේ

සියොතුනේ උතුරින් මෙහි එන පියඹා

කිසි දිනේ ඔබ නොහෙලූ කඳුළින් මා නළලතේ
ඔබගේ දෑතින් ආදරයේ තිලකය අන්දවා
...//

පටු හැඟුම් මේ කුළු සිඳ දා
තටු සලා දුර පියඹා
ආදරයේ තතු කියමී ඒ ඔබ හා

සියොතුනේ දකුණින් මෙහි එන පියඹා
සියොතුනේ උතුරින් එහි යන පියඹා

උතුරේ දිනු ගම් පීරා
දකුණේ උන් හා
අහසේ
අහසේ
අහසේ
හමුවන තැන කොතැනේ


සියොතුනේ දකුණින් මෙහි එන පියඹා

ගායනය - නිරෝෂා විරාජිනී සහ ජගත් වික්‍රමසිංහ
පද - බන්දුල නානායක්කාරවසම්
තනුව - මෝහන් රාජ්

ආගන්තුක ආදරයේ

ආගන්තුක ආදරයේ
ලලිත මිහිරියි මතක ඉමේ
ඔබේ හිනා මට මතකයි
සිහිනයෙන් වගේ
සිතිවිල්ලක තනිවන්නට
සුසුමක හිත රඳවන්නට
කතා කලා ඔබෙ සෙනෙහස
සිහිනයෙන් වගේ
ආගන්තුක ආදරයේ
ලලිත මිහිරියි මතක ඉමේ

සංසාරෙන් සංසාරේ
සලිත නොවූ සිත් අතරේ
ජීවිතයම පුද දෙන්නට
ප්‍රාර්ථනා පැතුවේ
හසරැල්ලට සමු දෙන්නට
කඳුළක නෙත නවතන්නට
අකාරුණික ඔබෙ සිතට
ඇයි ඉඩ දුන්නේ

ආගන්තුක ආදරයේ
ලලිත මිහිරියි මතක ඉමේ

හිරු සඳු ලෙස
අහස් ගැබේ
හමුවීමට හිමි වන්නේ
ඔබ කීව කතා අතීතයට
සැඟවීලා යන්නේ
සදාතනික කඳුළැල්ලට
අනාත වූ සැනසිල්ලට
ඉතිරි මතක මිහිරි
පවන් සලාවී

ආගන්තුක ආදරයේ
ලලිත මිහිරියි මතක ඉමේ
ඔබේ සිනා මට මතකයි
සිහිනයෙන් වගේ
සිතිවිල්ලක තනිවන්නට
සුසුමක හිත රඳවන්නට
කථා කලා ඔබෙ සෙනෙහස
සිහිනයෙන් වගේ
ආගන්තුක ආදරයේ
ලලිත මිහිරියි මතක ඉමේ

ගායනය - නිරෝෂා විරාජිනී
පද - කුසුම් පීරිස්
තනුව - මෝහන් රාජ්