Showing posts with label ධර්ම ශ්‍රී කල්දේරා. Show all posts
Showing posts with label ධර්ම ශ්‍රී කල්දේරා. Show all posts

Thursday, February 28, 2019

පැළඳ කඩුකස්ථාන

පැළඳ කඩුකස්ථාන
ගමට නම්බුව ගේන
අපේ ආරච්චිල මැතින්දා වීරයා
අපේ ආරච්චිල මැතින්දා සූරයා
අපේ ආරච්චිල මැතින්දා වීරයා
අපේ ආරච්චිල මැතින්දා සූරයා

සද්ද විද්ද කඩුපුල්ලේ ගෙදර වීරයා
පරාද වී නෑ උපන් හපන් සූරයා
වංස පූජිතවූයේ රාජ පරම්පරාවේ //
සිංහ සෙයියාවෙන් අයුක්තියට පයින් ගසන්නේ
රාජ කාරිය දන්නේ

පැළඳ කඩුකස්ථාන
ගමට නම්බුව ගේන
අපේ ආරච්චිල මැතින්දා වීරයා (ඇහුනද)
අපේ ආරච්චිල මැතින්දා සූරයා
අපේ ආරච්චිල මැතින්දා (පේනව නේද) වීරයා (හහ් හහ් හා..)
අපේ ආරච්චිල මැතින්දා සූරයා (ඔව් ඔව්)

විනෝද වෙනවා එතුම කලාකාරයා
පරාද වී නෑ උපන් හපන් සූරයා

ලැබුණ පිණටම ඔහුගේ
මැණික සිරිකත වාගේ ....//
මෙන්න මෙහෙම අයයි ඉස්සර කාලේ රජ වූයේ
වාසනාව ගෙනාවේ

පැළඳ කඩුකස්ථාන
ගමට නම්බුව ගේන
අපේ ආරච්චිල මැතින්දා වීරයා  (පේනව නේද මැණිකේ පේනව නේද ආං)
(ඇත්ත ඇත්ත ) අපේ ආරච්චිල මැතින්දා සූරයා
අපේ ආරච්චිල මැතින්දා වීරයා
අපේ ආරච්චිල (හරි හරේ... ) මැතින්දා සූරයා

(ඇත්ත ඇත්ත )

සද්ද විද්ද කඩුපුල්ලේ ගෙදර වීරයා
පරාද වී නෑ උපන් හපන් සූරයා
වංස පූජිතවූයේ රාජ පරම්පරාවේ //
සිංහ සෙයියාවෙන් අයුක්තියට පයින් ගසන්නේ
රාජ කාරිය දන්නේ

පැළඳ කඩුකස්ථාන
ගමට නම්බුව ගේන
අපේ ආරච්චිල මැතින්දා (පේනව නේද) වීරයා
අපේ ආරච්චිල මැතින්දා සූරයා
අපේ ආරච්චිල මැතින්දා වීරයා
අපේ ආරච්චිල මැතින්දා වීරයා

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද - ධර්ම ශ්‍රී කල්දේරා
තනුව හා සංගීතය - ප්‍රේමසිරි කේමදාස
1979 වසරේදී තිරගතවූ "මුවන්පැලැස්ස" චිත්‍රපටියේ ගීයකි.

Friday, March 6, 2015

ජීවන සුවඳක් දැනෙනවා

ජීවන සුවඳක් දැනෙනවා
තරුණ හදක් කිති කැවෙනවා
කනට කොඳුරලා නොකියන රහසක්
කියන්න මැණිකේ හිතෙනවා

මංගල සීනු හඬින් ගම පිබිදෙන දිනයේ
අනාගතේ සිතුම් පැතුම්
හකුලා එක පොදියේ
ගයා ගීත පෙම් අමරස කලතා සුකුමලියේ
අතිනත ගෙන දිගු ගමනක් යමු අපි වෙල් එළියේ

ආසිරි ගී මැද කැන්දන් යන මග
දෙපසේ විසිරී විලඳ පොරී
පතුරයි අමුතුම සුවඳක් සොඳුරියෙ
ආදරයේ මධු මිහිර රැඳී

රුවට රුවක් නැත
මෙහෙම රුවක් නැත
සිරිකත පරදන රුව වාගේ
හිතට හිතක් නැත
මෙහෙම හිතක් නැත
මා වෙනුවෙන් පිදු හිත වාගේ

අහක බලාගෙන හිටියොත් කෙල්ලේ
මේ පෙම් හදවත පෑරේවී
හිනාවෙයන් කෝ මේ බලහන්කෝ
නැත්නම් වැඩ දුර දිග යාවී

ජීවන සුවඳක් දැනෙනවා
තරුණ හදක් කිති කැවෙනවා ///

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ධර්ම ශ්‍රී කල්දේරා
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

1969 දී තිරගතවූ "මීමැස්සෝ" චිත්‍රපටියෙනි.
(ශ්‍රවන තත්වයේ දුර්වල භාවය ගැන කමන්න)