Showing posts with label උපාලි අත්තනායක. Show all posts
Showing posts with label උපාලි අත්තනායක. Show all posts

Saturday, May 25, 2019

පොඩි ගමනක් යනවා

සිතුම් පැතුම් පොදි බැඳගෙන
අතින් කටින් තව ඩැහැගෙන
උපන් දා පටන් අපි පොඩි ගමනක් යනවා
වටින් පිටින් තව තව ගෙන
කදමලු තව පුරවා ගෙන
හති හළ හළ කඳු පල්ලම් දිගේ ඇදෙනවා

දෙපා වාරු නැතිවෙන දින
බර උසුලනු බැරිවෙන තැන
දුක හිතුනත් සමහර දේ ඉවත හෙළනවා
සළු පිළි අභරණ ද වටින
පණ මෙන්සුරකින යහ ගුණ
සමහරවිට අප නොදැනම ඉබේ ඇදෙනවා

පොඩි ගමනක් යනවා
ගමන මඟ නවතිනවා ....//

අණ වින කරනා අය දැන දැන බැණ හෝ කරබාගෙන
යන අතරේ හැකිනම් කොඩිවින ද කරනවා
බැරි තැන ඉවසා කර දෙන අතරේ අප කල දුටු තැන
කරට නැ‍ඟී පුළුවන් නම් කරක් ගහනවා

කැරකෙන රෝදය දුක සැප නින්දා පැසසුම් විඳ විඳ
දිවා රැයේ කඳු පල්ලම් දිගේ ඇදෙනවා
කඩඇණ දෙක ගැලවුණු දින රෝදය පට්ටම සමගින
ගැලවී දිවි තවලම පල්ලටම වැටෙනවා

පොඩි ගමනක් යනවා
ගමන මඟ නවතිනවා ....////

ගායනය - කීර්ති පැස්කුවල්
පද - උපාලි අත්තනායක
තනුව - ලෝරන්ස් ප්‍රනාන්දු

Wednesday, May 15, 2019

නිල් වලා යාවි පාවෙලා

නිල් වලා යාවි පාවෙලා
පෙම් කතා කියාලා
අපගේ දිහා බලාලා

නිල් වලා යාවි පාවෙලා
පෙම් කතා කියාලා
අපගේ දිහා බලාලා
නිල් වලා යාවි පාවෙලා

සුන්දරයි ප්‍රියංකරයි සුළං හමා (හොහෝ)
ප්‍රේමයේ හැඟුම් හදේ මැවෙන්නෙ ඒ තමා (හහා)

සුන්දරයි ප්‍රියංකරයි සුළං හමා (හාහ හාහ හාහ හාහ හා හහා)
ප්‍රේමයේ හැඟුම් හදේ මැවෙන්නෙ ඒ තමා (හාහ හාහ හාහ හාහ හා හහා)

කන්ද මුදුනෙහී
රන් වලා වැදී ...//
ආදරෙන් වගේ බැඳී සෙමින් සිඹී
හො හොහ් හොහෝ

නිල් වලා යාවි පාවෙලා
පෙම් කතා කියාලා
අපගේ දිහා බලාලා

නිල් වලා යාවි පාවෙලා
පෙම් කතා කියාලා
අපගේ දිහා බලාල
නිල් වලා යාවි පාවෙලා

ගල් මැදින් සුනිල් ජලේ බසී ගලා (හොහෝ)
ඒ හඬින් අපේ සිතේ සිතුම් උදා කළා (හහා)

ගල් මැදින් සුනිල් ජලේ බසී ගලා (හාහ හාහ හාහ හාහ හා හහා )
ඒ හඬින් අපේ සිතේ සිතුම් උදා කළා (හාහ හාහ හාහ හාහ හා හහා)

සාගරේ සොයා
යයි නදී ප්‍රියා ....//
හර්දයන් අපේ ළඟාවෙවී වගේ
හො හොහ් හොහෝ

නිල් වලා යාවි පාවෙලා
පෙම් කතා කියාලා
අපගේ දිහා බලාලා

නිල් වලා යාවි පාවෙලා
පෙම් කතා කියාලා
අපගේ දිහා බලාලා

ම් ම්ම්.... ම්ම් ම් ම්ම්....
ම්ම් ම් ම්ම්... ම්ම් ම් ම්ම් ම් ම්ම්....

ගායනය - ලතා වල්පොල මග ධර්මදාස වල්පොල
පද - උපාලි අත්තනායක
තනුව - ආර්. මුත්තුසාමි
1961 දී තිරගතවූ "දරුවා කාගේද" චිත්‍රපටියේ ගීයකි.

Thursday, March 21, 2019

දිවි තවලම පෙරට යතී

දිවි තවලම පෙරට යතී
කෙම් බිම් ළඟ ළඟම ඇතී
ජය මාවත මල් ඇතුරූ
සුව යහනක් නොම වේ

ගිරි හෙල් කඳු ශිඛර ඇතේ
කෙත් මිටියාවත් හමුවේ
ජය මාවත කම්කටොලූ
පිරි කටු ලැහැබක් නොම වේ

පැරණි කියුම්
පැරණි විකුම්
ගුණ වැනුමට නඟලා
අප රවටන්
රට රවටන්
බොදු කිතු දම් හලලා

දිව පිනවන්
කන පිනවන්
විලාසිතා ඇඟ ලා
නටන නැටුම් කෙළවර වෙයි
නිරා දුකට වැටිලා

දිවි තවලම පෙරට යතී
කෙම් බිම් ළඟ ළඟම ඇතී
ජය මාවත මල් ඇතුරූ
සුව යහනක් නොම වේ

ගිරි හෙල් කඳු ශිඛර ඇතේ
කෙත් මිටියාවත් හමුවේ
ජය මාවත කම්කටොලූ
පිරි කටු ලැහැබක් නොම වේ

මුසාවකින්
මුලාවකින්
සිත රැවටෙන්න එපා
වහල් සිතින්
බියෙන් සැකෙන්
වත ගොළු වෙන්න එපා

උදාර වූ
මිනිස් ගුණේ
වැනසී යන්න එපා
වලාකුළේ කඩා වැටෙන්
සඳ අහුරන්න එපා

දිවි තවලම පෙරට යතී
කෙම් බිම් ළඟ ළඟම ඇතී
ජය මාවත මල් ඇතුරූ
සුව යහනක් නොම වේ

ගිරි හෙල් කඳු ශිඛර ඇතේ
කෙත් මිටියාවත් හමුවේ
ජය මාවත කම්කටොලූ
පිරි කටු ලැහැබක් නොම වේ

ගායනය - විජය කුමාරතුංග සහ මාලිනී බුලත්සිංහල
පද හා තනුව - උපාලි අත්තනායක

Tuesday, March 19, 2019

ආදරයක හැඟුමක් සිතෙහී

ආදරයක හැඟුමක් සිතෙහී
නොතිබූ කාලෙක පෙර දිනෙහි
මා හට ඔබ හමුවුණු විටදී
මතකයි හද කිති කැවුණු හැටී

ආදරයක හැඟුමක් සිතෙහී
නොතිබූ කාලෙක පෙර දිනෙහි
මා හට ඔබ හමුවුණු විටදී
මතකයි හද කිති කැවුණු හැටී

දෙමාපියන් සොහොයුරන් වෙතී
හද පිරි ආදරෙ ඉමක් නැති ...//
එහෙත් ඔයා මගෙ අනාගතේ
මිහිර ගෙනේවිය හැඟුම් සිතේ

ආදරයක හැඟුමන් සිතෙහී
නොතිබූ කාලෙක පෙර දිනෙහි
මා හට ඔබ හමුවුණු විටදී
මතකයි හද කිති කැවුණු හැටී

මදහස පා හිනැහෙන විටදී
සුමුදු වදන් පවසන විටදී ....//
මා හද තුළ මින් පෙර නොරැඳී
ආදරයක හැඟුමක් උපදී

ආදරයක හැඟුමන් සිතෙහී
නොතිබූ කාලෙක පෙර දිනෙහි
මා හට ඔබ හමුවුණු විටදී
මතකයි හද කිති කැවුණු හැටී

ආදරයක හැඟුමන් සිතෙහී
නොතිබූ කාලෙක පෙර දිනෙහි
මා හට ඔබ හමුවුණු විටදී
මතකයි හද කිති කැවුණු හැටී

ගායනය - මාලිනී බුලත්සිංහල සහ විජය කුමාරණතුංග
පද - උපාලි අත්තනායක
තනුව - උපාලි අත්තනායක

Wednesday, January 16, 2019

නංගිලා මල්ලිලා

නංගිලා මල්ලිලා
ඉන්නවාදෝ බලා
මං එතී දැන් එතී දැන් කියා
පුංචි බෝනික්කලා
පාට පාට නිලා
මං ගෙනාවා කරත්තේ පුරා

සෙල්ලම් බඩු ඕනනම්
එන්න අනේ මා සොයං ....//
ලාභයි හරී ලාභමයි
සෙල්ලම් බඩු මේ ගොඩයි

පීනනා මාළුවෝ මෝට(ර්) සයිකල් බොහෝ
හේවිසි කාරයෝ පෝනියෝ
ගී කියන්න හැකි
බෝ නටන්න හැකි
පුංචි පුංචි නැටුම්කාරයෝ

නංගිලා මල්ලිලා
ඉන්නවාදෝ බලා
මං එතී දැන් එතී දැන් කියා
පුංචි බෝනික්කලා
පාට පාට නිලා
මං ගෙනාවා කරත්තේ පුරා

තුට්ටු දෙකයි මේ අලි
වලිගේ වනයි වේගෙනී ....//
පීලි දිගේ යයි වැරෙන්
කෝච්චි පොඩි මේ ජපන්
එන්න සල්ලිත් අරන්
අම්මලාට හොරෙන්
ලස්සණයි මේ වළං හා පිඟන්
නංගිලා නම් වසයි
මල්ලිලා නම් හොඳයි
ගන්න සෙල්ලම් බඩු මේ ගොඩයි

ගායනය - සිඩ්නි ආටිගල
පද රචනය - උපාලි අත්තනායක
තනුව - Snehal Bhatkar


හින්දි ගීය

Yeh khushi ka sama
Zinda hai jawan
Aa nigahe milake toh
Dekh kah rahi hai fija
Do ghadi musakara
Dil ki duniya basa ke toh dekh

Mausam naya aa
Gaya lekar fasane naye
Mausam naya aa
Gaya lekar fasane naye
Kehati hai yeh bekudi
Ga le tarane naye

Aanho se masti luta
Dil ko machalana sikha
Aanho se masti luta
Dil ko machalana sikha
Dil ki khushi ke liye
Duniya ko too bhul ja

Yeh khushi ka saman
Zinda hai jawan
Aa nigahe mila ke toh
Dekh kah rahi hai fija
Do ghadi musakara
Dil ki duniya basa ke toh dekh

Ulfat ki raho me aa
Daman ko rangin bana
Ulfat ki raho me aa
Daman ko rangin bana
Dil ke jahan ko badal
Apna mukaddar jaga

Yeh khushi ka saman
Zinda hai jawan
Aa nigahe mila ke toh
Dekh kah rahi hai fija
Do ghadi musakara
Dil ki duniya basa ke toh dekh

यह ख़ुशी का समां
ज़िंदा है जवान
ा निगाहे मिलके तोह
देख कह रही है फिजा
दो घडी मुसकरा
दिल की दुनिया बसा के तोह देख

मौसम नया आ
गया लेकर फ़साने नए
मौसम नया आ
गया लेकर फ़साने नए
कहती है यह बेखुदी
गा ले तराने नए

ांहो से मस्ती लूट
दिल को मचलने सीखा
ांहो से मस्ती लूट
दिल को मचलने सीखा
दिल की ख़ुशी के लिए
दुनिया को तू भूल जा

यह ख़ुशी का सामान
ज़िंदा है जवान
ा निगाहे मिला के तोह
देख कह रही है फिजा
दो घडी मुसकरा
दिल की दुनिया बसा के तोह देख

उल्फत की राहों में आ
दमन को रंगीन बना
उल्फत की राहों में आ
दमन को रंगीन बना
दिल के जहँ को बदल
अपना मुकद्दर जगा

यह ख़ुशी का सामान
ज़िंदा है जवान
ा निगाहे मिला के तोह
देख कह रही है फिजा
दो घडी मुसकरा
दिल की दुनिया बसा के तोह देख

Singer - Talat Mahmood
Lyricist - Naqsh Lyallpuri
Composer - Snehal Bhatkar
Movie - Diwali Ki Raat 1956



මේ තනුවටම වූ තවත් සිංහල ගීයක් ඇත. ඒ මොරිස් දහනායක ගායනා කළ "බොරු චාටු කතා" නමැති ගීයයි.

Saturday, March 14, 2015

පැලේ වසන රන්මලී

පැලේ වසන රන්මලී
මගේ සොඳුරු සිරිමලී
ඔබේ මිහිරි ගී ඇසී ඇසී
සොයා එමී රන්මලී ...//

වෙලේ දිළෙන රන් ගොයම් කරල්
ඔබේ හඬට යයි නැමී ...//
වනේ පිපෙන මල් සිනාසිසී
ඔබේ දෙපා පොඩි සිඹී

දුගී දිළිඳු රන්මලී
ඉතා ගුණැති සිරිමලී
ඔබේ මිහිරි ගී ඇසී ඇසී
සොයා එමී රන්මලී

ඔබේ දිළිඳුකම යටයි සුදෝ
සැබෑ සොඳුරු ගුණ නිසා ...//
ඔබේ සිනාවක් අගෙයි මටා
හෙළේ ඔටුන්නට වඩා
ඔබේ සිනාවක් අගෙයි මටා
හෙළේ ඔටුන්නට වඩා

ප්‍රියේ සොඳුරු රන්මලී
මගේ සැපත සිරිමලී
ඔබේ මිහිරි ගී ඇසී ඇසී
සොයා එමී රන්මලී

ගායනය - සිඩ්නි ආටිගල
පද - උපාලි අත්තනායක
තනුව / සංගීතය - බී.එස්. පෙරේරා

පැරණි ගීය


පසු කලෙක ගායනයක්