Showing posts with label රජී වසන්ත වෙල්ගම. Show all posts
Showing posts with label රජී වසන්ත වෙල්ගම. Show all posts

Thursday, December 1, 2016

කලාකරුවාණෙනි


මේ තරම් සියුමැලි ද කළු ගල්
සිතන්නට වත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා

කලා වැව ළඟ ඉලුක් හෙවණක
මැටි පිලක පැදුරක් එළා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
මැරෙන ඉපදෙන රළ දිහා

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩ යයි කියා
තවම තනිකඩ යයි කියා

මේ තරම් සියුමැලි ද කළු ගල්
සිතන්නට වත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා ///

ගායනය: සුනිල් එදිරිසිංහ
පද රචනය: රජී වසන්ත වෙල්ගම
තනුව හා සංගීතය: දර්ශන රුවන් දිසානායක

Monday, April 6, 2015

රාත්‍රිය සිරගෙයක්‌

රාත්‍රිය සිරගෙයක්‌
අන්ධකාරය රුදුරු දඬුවමක්‌
ප්‍රේමයේ වරද කළ
පරාජිත පෙම්වතුනි
නුඹලාට රත්‍රිය සිරගෙයක්‌
අන්ධකාරය රුදුරු දඬුවමක්‌ //

නින්ද විදි කෙනෙක්‌ නම් ඔබ
දැකිය යුතුමවේ සිහිනයක්‌
ආදරය කළා නම්
පහන් කළ යුතුය
නිදි නැති රැයක්‌

හදවතක්‌ තිබුණි නම්
තිබිය යුතුවේ
ඔබට ප්‍රේමයක්‌
ප්‍රේමයක්‌ තිබුණු තැන
සැඟව නැති
සදාතන ශෝකයක්‌

රාත්‍රිය සිරගෙයක්‌
අන්ධකාරය රුදුරු දඬුවමක්‌

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - රජී වෙල්ගම
තනුව - දර්ශන රුවන් දිසානායක

Thursday, December 5, 2013

මේ තරම් සියුමැලි ද කළු ගල්



මේ තරම් සියුමැලි ද කළු ගල්
සිතන්නට වත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා

කලා වැව ළඟ ඉලුක් හෙවණක
මැටි පිලක පැදුරක් එළා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
මැරෙන ඉපදෙන රළ දිහා

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩ යයි කියා
තවම තනිකඩ යයි කියා

මේ තරම් සියුමැලි ද කළු ගල්
සිතන්නට වත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා ///

ගායනය: සුනිල් එදිරිසිංහ
පද රචනය: රජී වසන්ත වෙල්ගම
තනුව හා සංගීතය: දර්ශන රුවන් දිසානායක