Showing posts with label අ'නස්ට් සොයිසා. Show all posts
Showing posts with label අ'නස්ට් සොයිසා. Show all posts

Tuesday, February 12, 2019

තැටිය මැද්දෙ කළු කරාපු


තැටිය මැද්දෙ කළු කරාපු
පහන් තිරය මැදට ආපු
හනුමන්තත් පුදුම හිනවා
රාමාටත් බැරි වුනාවු
මහ වැඩකට පෙළඹුනාවු
අපි දැකල එයා හඬණවා
ඇයි මොකද එයා
නෑ නෑ දැන් එයා මෙහේ නෑ ....//

හා හා අහහ අහහ

අයියෝ...

ඉරට එළිය අඩු වුනාට
සඳට එළිය අඩු වුනාට
අපිට මොටද කණාමැදිරියෝ
මදුරු තුඩට අහුවුනාට
ඇඟෙන් බිඳක් අඩු වුනාට
නෑ නෑ නෑනේ දෙනෙත් අඬන්නේ

තැටිය මැද්දෙ කළු කරාපු
පහන් තිරය මැදට ආපු
හනුමන්තත් පුදුම හිතෙනවා
රාමාටත් බැරි වුනාවු
මහ වැඩකට පෙළඹුනාවු
අපි දැකල එයා හඬණවා
ඇයි මොකද එයා
නෑ නෑ දැන් එයා මෙහේ නෑ

හා හා හා හා....

ඉසුරු අහුරු මලු පුරෝපු
අමුතු ලොවක අප රඳාපු
සිහින සිහින නොවෙයි හැම දිනේ
දිනක අපට අත පතාපු
ලොවක රජව නම් දරාපු
පෑදේ පෑදේ වාසනාවේ

තැටිය මැද්දෙ කළු කරාපු
පහන් තිරය මැදට ආපු
හනුමන්තත් පුදුම හිනවා
රාමාටත් බැරි වුනාවු
මහ වැඩකට පෙළඹුනාවු
අපි දැකල එයා හඬණවා
ඇයි මොකද එයා
නෑ නෑ දැන් එයා මෙහේ නෑ

I know I know I know

හාහ හා...  අහහ අහහ අහහ

ඉරට එළිය අඩු වුනාට
සඳට එළිය අඩු වුනාට
අපිට මොටද කණාමැදිරියෝ
මදුරු තුඩට අහුවුනාට
ඇඟෙන් බිඳක් අඩු වුනාට
නෑ නෑ නෑනේ 

අයියෝ මගෙ අම්මේ

තැටිය මැද්දෙ කළු කරාපු
පහන් තිරය මැදට ආපු
හනුමන්තත් පුදුම හිතෙනවා
චචචච චච චා

රාමාටත් බැරි වුනාවු
මහ වැඩකට පෙළඹුනාවු
අපි දැකල එයා හඬණවා
ඇයි මොකද එයා
නෑ නෑ දැන් එයා මෙහේ නෑ

නෑ නෑ දැන් එයා මෙහේ නෑ
ඔහොහො අයියෝ...
මගෙ අම්මේ
නෑ නෑ දැන් එයා මෙහේ නෑ
අහහ අහහ අහහ අහහ
නෑ නෑ දැන් එයා මෙහේ නෑ
නෑහ්.. හ්හහ් හා

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු සහ එච්.ආර්. ජෝතිපාල ඇතුලු පිරිස 
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය- අර්නස්ට් සොයිසා (ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය)
1972 දී තිරගත වූ "මරුවා සමඟ වාසේ" චිත්‍රපටියේ ගීයකි.

Saturday, December 29, 2018

ආපසු එනවා



ආපසු එනවා මගෙ හිත ඉබි ගමනින්
ඔබ ඈතක රඳවා
කාට කියම්දෝ
කෙලෙස කියන්නද මං
අප සිත් හඬන තරම් //

ඔබ නැවතුණු තැන මගෙ හිත ඔබ ළඟ
වෙනතක නැතේ ලැගුම් ...//
කවුරු දකින්නද කෙලෙස කියන්නද
අද මා හෙළන සුසුම්

ආපසු එනවා මගෙ හිත ඉබි ගමනින්
ඔබ ඈතක රඳවා
කාට කියම්දෝ
කෙලෙස කියන්නද මං
අප සිත් හඬන තරම් //

ඉහට වහළ සේ තරු පිරි අහසේ
නිවහන වූ පොළවයි ...//
හමුවූ තැන් වල ගස් වැල් වැලපෙයි
නොහඬමු ඔබයි මමයි

ආපසු එනවා මගෙ හිත ඉබි ගමනින්
ඔබ ඈතක රඳවා
කාට කියම්දෝ
කෙලෙස කියන්නද මං
අප සිත් හඬන තරම් ///.

ගායනය - ප්‍රියා සූරියසේන
පද - දයා ද අල්විස්
තනුව - අර්නස්ට් සොයිසා

Wednesday, January 17, 2018

ඉද්ද මල් කතාවේ

ආ... ආ ආ ආආ ආආ ආ..
ආ ආ ආ... ආආආ ආ.... අඅආ..
ආ ආ ආආ..

ඉද්ද මල් කතාවේ
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරි

මං වගේ දෝ
ඒ ඔයා දෝ
මා එයාදෝ
ඔබ මට දොළොස් මහේ පහනේ ආලොකේ
දිස්න දේවා
ඉන් අපේ මේ පුංචි ලෝකේ

ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරි

ආ... ආ ආ ආ ආ ආ ආ ආආ...

ආදරේ ගම්මානෙ කඳුයායෙ බිහිවෙලා
හිරු දෙවියෝ සඳ දෙවියෝ පායලා //
අප ගැන ගහේ වැලේ ඇළේ දොළේ දැන්
ඇසුණිද හීන් සැරේ
මුමුණන කතන්දරේ

ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරි

මං වගේ දෝ
ඒ ඔයා දෝ
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරි

කන් පෙති අරුංගලෙන් සරසවනා //
අත කර රණේ රුවෙන් හැඩ කර සුභ නැකතින්
මා එන්නෙම්
ඒ දිනයේ සුරතල් සිනා
මට දේවි සුභ වාසනා

ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරි

මං වගේ දෝ
ඒ ඔයා දෝ

ඔබ මට දොලොස් මහේ පහනේ ආලොකේ
දිස්න දේවා
ඉන් අපේ මේ පුංචි ලෝකේ
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරි

මං වගේ දෝ
ඒ ඔයා දෝ
ඔබ මට දොලොස් මහේ පහනේ ආලොකේ
දිස්න දේවා
ඉන් අපේ මේ පුංචි ලෝකේ
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරි

ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ මායා දමයන්ති පෙරේරා
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය - අර්නස්ට් සොයිසා
චිත්‍රපටිය - අරලිය මල් (1985)
රඟපෑවේ - සනත් ගුණතිලක සමග අනෝජා වීරසිංහ

මෙහි ඇත්තේ චිත්‍රපටියට ගැයුණු මුල් ගායනය නොවේ.
මුල් ගායනයේ පදවැලෙහි පත කොටසද වූවා.

මෙහි නොගැ‍යුණු එම කොටස -

අදමෙන් අප දෙදෙනා ජන්මෙන් ජන්මේ
සිදුහත් යශෝධරා සේ උපදින්නයි
උපදින භවෙන් භවේ මේ සංසාරේ
ඔබගේ දෙපාමුලේ මා ඉපදෙන්නයි
අරලිය සුදෝ සුදින් රුව සලා
ඩිංගක් හිනැහෙන්නද ළංවෙලා

Thursday, April 16, 2015

ගංගා යමුනා ඉවුරු සමීරේ

ගංගා යමුනා ඉවුරු සමීරේ
ඔබ මා හමුවූ සොඳුරු සැඳෑවේ
සමුගෙන යන්නට අවසර දෙනු මැන
මට පෙම් බැඳි සිටු කුමාරියේ //

සඳලුතලේ සිට නුඹ හිනැහෙන සඳ
එදවස හිනැහුණෙ මා
නුඹ වැළපෙන සඳ ඵල නැහැ වැළපී
දෙදෙන දෙ අත ගියදා

ගංගා යමුනා ඉවුරු සමීරේ
ඔබ මා හමුවූ සොඳුරු සැඳෑවේ
සමුගෙන යන්නට අවසර දෙනු මැන
මට පෙම් බැඳි සිටු කුමාරියේ //

බරණැස් පුරවර සිනිඳු කසී සළු
නුඹ බඳ වට දවටා
කැඳවා යන්නට වරම් නොමැත මට
අසරණ කුමරෙකි මා //

ගංගා යමුනා ඉවුරු සමීරේ
ඔබ මා හමුවූ සොඳුරු සැඳෑවේ
සමුගෙන යන්නට අවසර දෙනු මැන
මට පෙම් බැඳි සිටු කුමාරියේ //

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කුමාර හෙට්ටිආරච්චි
තනුව - අ'නස්ට් සොයිසා

Tuesday, April 14, 2015

රෑනේ ඉගිලෙන්න ඕනේ

රෑනේ ඉගිලෙන්න ඕනේ
දෑස පෙනෙනා ඉමේ
විහඟුන් වාගේ පියාඹා
පාවී මේ ගං තෙරේ

පායා
ඈත පායා
විසිරේ හිරුගේ ඡායා ...//
පිපි මල් නොතලා
පිණිලැල් අතුරා
සේයා මැවෙනා උදේ

රෑනේ ඉගිලෙන්න ඕනේ
දෑස පෙනෙනා ඉමේ
විහඟුන් වාගේ පියාඹා
පාවී මේ ගං තෙරේ

පාවී ඈත පාවී
පවනේ සැලෙනා රාවේ ...//
දියරැල් අතරේ
හැඟුමන් කිමිදේ
මේ ගී ගයනා හදේ

රෑනේ ඉගිලෙන්න ඕනේ
දෑස පෙනෙනා ඉමේ
විහඟුන් වාගේ පියාඹා
පාවී මේ ගං තෙරේ
පාවී මේ ගං තෙරේ
පාවී මේ ගං තෙරේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - සුනිල් ආර්. ගමගේ
තනුව - අ'නස්ට් සොයිසා

මේ තරම් වූ

මේ තරම් වූ මා පෙළූ මෙදා
මී විතක් වී ආදරේ එදා
මා දුටු ඒ රුවේ රූ සිනා
සිහිවේ කෝ ඈ නෑ මෙදා

මා දිහා ආදරෙන් බලා
ගේ කොනේහී හැංගිලා හැංගිලා
ආලෙන් බලා
ආයෙත් ගියා
තාමත් නෙත් ඒ ගේ දිහා

මේ තරම් වූ මා පෙළූ මෙදා
මී විතක් වී ආදරේ එදා
මා දුටු ඒ රුවේ රූ සිනා
සිහිවේ කෝ ඈ නෑ මෙදා

ඒ සිනා ඒ ආදරේ සිනා
මා සිතේහී හැංගිලා හැංගිලා
මේ වාරයේ
ඈ ආ දිනේ
මේ ගී වේ ආරාධනා

මේ තරම් වූ මා පෙළූ මෙදා
මී විතක් වී ආදරේ එදා
මා දුටු ඒ රුවේ රූසිනා
සිහිවේ කෝ ඈ නෑ මෙදා

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - සෝමපාල ලීලානන්ද
තනුව - අ'නස්ට් සොයිසා

Sunday, March 29, 2015

අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්




අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්
ඔබ හමුවෙන්න කලින්
සෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙ මං

ඔබ ළඟ ඉන්නට
ඔබ ලැබ ගන්නට
මා හට නොමැත වරම්
මිහිපිට මා හට
නැහැ වෙන සතුටක්
ඔබෙ රුව දකින තරම්
සෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙ මං

සිත සිත ඔබ ගැන
දින දින ළතවෙමි
වෙන මා කරමි කුමක්
හමුවුණෙ ඇයි අපි
ඇසුරු කරන්නට
එය මා සිතට දුකක්
‍සෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙ මං

සිතු පැතු සැම දේ
නැහැ ඉටුවෙන්නේ
ලොව අපි පතන ලෙසින්
මතු එක්වෙන තුරු
යළි වෙන්වෙමු අපි
ඔබ හට ආයුබොවන්
සෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙ මං

ගායනය - ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය - එච්.එස්. පෙරේරා
තනුව හා සංගීතය - අ'නස්ට් සොයිසා