Tuesday, April 14, 2015

රෑනේ ඉගිලෙන්න ඕනේ

රෑනේ ඉගිලෙන්න ඕනේ
දෑස පෙනෙනා ඉමේ
විහඟුන් වාගේ පියාඹා
පාවී මේ ගං තෙරේ

පායා
ඈත පායා
විසිරේ හිරුගේ ඡායා ...//
පිපි මල් නොතලා
පිණිලැල් අතුරා
සේයා මැවෙනා උදේ

රෑනේ ඉගිලෙන්න ඕනේ
දෑස පෙනෙනා ඉමේ
විහඟුන් වාගේ පියාඹා
පාවී මේ ගං තෙරේ

පාවී ඈත පාවී
පවනේ සැලෙනා රාවේ ...//
දියරැල් අතරේ
හැඟුමන් කිමිදේ
මේ ගී ගයනා හදේ

රෑනේ ඉගිලෙන්න ඕනේ
දෑස පෙනෙනා ඉමේ
විහඟුන් වාගේ පියාඹා
පාවී මේ ගං තෙරේ
පාවී මේ ගං තෙරේ
පාවී මේ ගං තෙරේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - සුනිල් ආර්. ගමගේ
තනුව - අ'නස්ට් සොයිසා

No comments: