Tuesday, April 14, 2015

ආදරෙන් මෙසේ

ආදරෙන් මෙසේ කතා වෙවී
ජීවිතේ පුරා සිනාසෙමූ
ජීවිතේ ගෙවා යන දවසේ සිනාසෙමූ
වාස‍නා වෙතේ සංසාරේ

මාළිගා එපා වුණා
නෑසියන් එපා වුණා
ජීවිතේ මගේ ඔබේ වුණා
කාටවත් කියා නැතී
ආදරේ වදන් ඇසී
ජීවිතේ ඔබේ මගේ වුණා

බාල සංදියේ එදා
ආදරෙන් හිනාවෙලා
කී කතා යළි අසා ඉමූ
ජීවිතෙන්  අපි යළී
වෙන්වෙනාවූ යම් දිනේ
ඒ මගේ දෙඅත් වෙලා යමූ

ආදරෙන් මෙසේ කතා වෙවී
ජීවිතේ පුරා සිනාසෙමූ
ජීවිතේ ගෙවා යන දවසේ සිනාසෙමූ
වාස‍නා වෙතේ සංසාරේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - සෝමපාල ලීලානන්ද
තනුව - රූකාන්ත ගුණතිලක

No comments: