Showing posts with label ජයන්ති කස්තුරිආරච්චි. Show all posts
Showing posts with label ජයන්ති කස්තුරිආරච්චි. Show all posts

Thursday, August 8, 2019

ගගන තලේ විමන් අරා


ගගන තලේ විමන් අරා
සමන් වැලක සුවඳ පෙරා
ඔබ හද මල් පිපෙන තුරා
ඔබට වාසනා

දෑස කඳුළු දිය උතුරා
දෝතක මල් මුතු වරුසා
හදක විමන් පිරෙන තුරා
ඔබට වාසනා

ගගන තලේ විමන් අරා
සමන් වැලක සුවඳ පෙරා

කුංකුම අංජන තවරා
ආදරයෙන් බැලුම් හෙළා ...//

මා සමගින් පැතුම් පිරූ
ඔබට වාසනා

ගගන තලේ විමන් අරා
සමන් වැලක සුවඳ පෙරා
ඔබ හද මල් පිපෙන තුරා
ඔබට වාසනා

ගගන තලේ විමන් අරා
සමන් වැලක සුවඳ පෙරා

සඳ එළියක සිහිල පතා
හිරු ගිණිදැල් දවන තුරා...//

වේදනාව මට හිමිමුත්
ඔබට වාසනා

ගගන තලේ විමන් අරා
සමන් වැලක සුවඳ පෙරා
ඔබ හද මල් පිපෙන තුරා
ඔබට වාසනා

දෑස කඳුළු දිය උතුරා
දෝතක මල් මුතු වරුසා
හදක විමන් පිරෙන තුරා
ඔබට වාසනා

ගගන තලේ විමන් අරා
සමන් වැලක සුවඳ පෙරා

ගායනය - චන්ද්‍රානි ගුණවර්ධන
පද - ජයන්ති කස්තුරිආරච්චි
තනුව - ‍ෂෙල්ටන් ප්‍රේමරත්න