Showing posts with label ජයතිස්ස බොරළුගොඩ. Show all posts
Showing posts with label ජයතිස්ස බොරළුගොඩ. Show all posts

Friday, September 13, 2019

එන නිවාඩුවට ගමට යමුද


එන නිවාඩුවට ගමට යමුද අම්මෙ තාත්තේ
පොතපතේ තියෙන ගමට යන්න අම්මෙ තාත්තේ
කජු පුහුලම් කන්න
ඇළ දොළේ නාන්න


ඔන්න
ඔට්ටුයි කියන්
වෙල් යාය දිගේ
පිම්මේ දුවයන්න

පිම්මේ දුවයන්න

වැල වරක කඩන්
ගම්මිරිස් දමන්
රස කර කර කන්න
රස කර කර කන්න


පන් පැදුරෙ ඉඳන්
සීයා ආච්චි අතින්
හබුන් කටක් කතන්න

හබුන් කටක් කතන්න

සීයා වටේ තියන්
හොඳට හූමිටි තියන්
කතා අහන් ඉන්න
කතා අහන් ඉන්න


එන නිවාඩුවට ගමට යමුද අම්මෙ තාත්තේ
පොතපතේ තියෙන ගමට යන්න අම්මෙ තාත්තේ
කජු පුහුලම් කන්න
ඇළ දොළේ නාන්න

කජු පුහුලම් කන්න
ඇළ දොළේ නාන්න
කජු පුහුලම් කන්න
ඇළ දොළේ නාන්න


ගායනය - රන්වල ළමා බලකාය
පද - ජයතිස්ස බොරළුගොඩ
තනුව - ලයනල් රන්වල (ගජමන් පුවතේ කවි ඇසුරින්)



Ena Niwaduwata Gamata Yamuda - RanwalaLama Balakaya

Saturday, April 13, 2019

මේ අවුරුදු කාලේ


මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
අඅඅ අඅඅ ආ....
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
අඅඅ අඅඅ ආ....

ආ හා... අඅඅ අඅඅ ආ....
ආ හා... අඅඅ අඅඅ ආ....

දොං තරිකිට කැත්ත ‍දොදොං
පිළ වටකර කැත්ත දොදොං
දමා තැල්ල ඩිඟිසි ඩි‍‍ඟොයි
දමා තැල්ල තක තෙය්යත් තාං
කැවුම් කොකිස් තෙලේ බැ‍දෙයි
කැවිළි සුවඳ සිතට දැනෙයි

බා(න්) බා(න්) බා කිකිළී
ඊයෙ උදේ ගිය කිකිළී
තාම ආවෙ නෑ කිකිළී
බා(න්) බා(න්) බා

ගත්තිංඥා තිංඥා ගති ගත ගෝ ගති ගත ගෝ
ඔන්චිලි චිලි වාරම් ගම දෙවනත් වෙන්නා
මැංගිරි ඩිණිකෝ
අවුරුදු ආවෝ

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
අඅඅ අඅඅ ආ....

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
අඅඅ අඅඅ ආ....

ආ හා... අඅඅ අඅඅ ආ.…
ආ හා... අඅඅ අඅඅ ආ....

දොං තරිකිට කැත්ත ‍දොදොං
පිළ වටකර කැත්ත දොදොං
දමා තැල්ල ඩිඟිසි ඩි‍‍ඟොයි
දමා තැල්ල තක තෙය්යත් තාං
ගමේ රබන් දොරට වඩියි
සිනහ මුහුණු අවට පෙනෙයි

බා(න්) බා(න්) බා කිකිළී
ඊයෙ උදේ ගිය කිකිළී
තාම ආවෙ නෑ කිකිළී
බා(න්) බා(න්) බා

ගත්තිංඥා තිංඥා ගති ගත ගෝ ගති ගත ගෝ
සිංහල අවුරුද්දේ මල් කැකුළක් සේ දිළිසේ
මැංගිරි ඩිණිකෝ
අවුරුදු ආවෝ

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
අඅඅ අඅඅ ආ....

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
ඒ ඒ ඒ....

ආ හා... අඅඅ අඅඅ ආ.....
ආ හා... අඅඅ අඅඅ ආ.… /////.

ගායනය - ලයනල් රන්වල සහ රන්වල බලකාය
ගී පද - ජයතිස්ස බොරළුගොඩ
සංගීතය - ලයනල් රන්වල

ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ සංහිඳ වැඩසටහනකින් පහත හඬ ඛණ්ඩය උපුටා ගත්තෙ. අහන්න ලයනල් රන්වලයන් ගීය ගැන ඉදිරිපත් කළ පූර්විකාව.

රන්වල බලකායේ මේ ගීයේ වීඩියෝව


Tuesday, December 27, 2016

කී දේ නාහන

කී දේ නාහන මටම අකීකරු
මගෙ හිත ඔබ වෙත අරගෙන ආවා
බුදුහාමුදුරුවනේ
හීලෑ කර දෙනු මැනවි මගේ හිත
බුදුහාමුදුරුවනේ ..//

බාල වියේදී යහතින් සිටි හිත
දැන් ළඟකදි සිට කිසි කමකට නැත
අවුල් වෙලා සිත අවුල් වෙලා
හීලෑ කර දෙනු මැනවි මගේ හිත
බුදුහාමුදුරුවනේ

කී දේ නාහන මටම අකීකරු
මගෙ හිත ඔබ වෙත අරගෙන ආවා
බුදුහාමුදුරුවනේ
හීලෑ කර දෙනු මැනවි මගේ හිත
බුදුහාමුදුරුවනේ

තෙරුවන් හමුවේ දෙදණින් සිටි හිත
රාගය ද්වේශය හා පැටලී ඇත
මුලාවෙලා සිත මුලාවෙලා
හීලෑ කර දෙනු මැනවි මගේ හිත
බුදුහාමුදුරුවනේ

කී දේ නාහන මටම අකීකරු
මගෙ හිත ඔබ වෙත අරගෙන ආවා
බුදුහාමුදුරුවනේ
හීලෑ කර දෙනු මැනවි මගේ හිත
බුදුහාමුදුරුවනේ

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - ජයතිස්ස බොරළුගොඩ
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

Monday, March 30, 2015

අත්වැල ගිලිහී


අත්වැල ගිලිහී ලොව තනි වුදා
දකිනා පෙරමඟ ලකුණු නැතී
ආශා දැහැනින් වැනසී යාදෝ
යුගදිවි ගමනේ සොඳුරු ගති ...//

උසුලනු හැකිවෙද
තණ්හා ආශා
සඟවනු හැකිවෙද
සිතුවිලි මාලා
ඉවසනු හැකිවෙද
සෝ දුක් සංකා
ආශා දැහැනින් වැනසී යාදෝ
යුගදිවි ගමනේ සොඳුරු ගති

දෑඟිලි එක්කල
වරපට දෙදරා
සෙනෙහස වැපුරූ
සරු කෙත වනසා
පුහුදුන් හදවත
සෝගිනි දල්වා
ආශා දැහැනින් වැනසී යාදෝ
යුගදිවි ගමනේ සොඳුරු ගති

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ජයතිස්ස බොරළුගොඩ
තනුව - කළණි පෙරේරා

කුමාරයාණනි ටෙලි නාට්‍යයෙන්...


Athwela Gilihee - Amarasiri Peiris

Sunday, March 22, 2015

මොනාලිසා

හා හා...
හා හා...
මොනාලිසා


ඔබ සිනාසෙතියි කවුරුන්දෝ කීවේ
ඔබෙ නෙත් සඟළින් කඳුළුයි මා දුටුවේ

සිනාසෙන්නන් හා සිනා නඟන්නී
ළතැවෙන්නන් හා සුසුම් හෙළන්නී


හා හා...
හා හා...
මොනාලිසා


ඇසිපිය නොහෙළා ඔබ රුව දෙස බලනා
මා දෑස නඟන පැන විසඳා දෙනු ළඳුනේ

ඔබේ පියවුණු තොල් අතරේ
සැඟවී ඇත්තේ මද හසරැල්ලක් නොවෙදෝ


දොම්නස සොම්නස අයස යසස ළඟ
නොසැළී හිඳිනා මහාමේරුවයි


හා හා...
හා හා...
මොනාලිසා


මහ සිත්තරුගේ පහසින් ඔදවත් වූ
තෙළි තුඩ හමුවේ නොහඬණු මැන ළඳුනේ
ඔබෙ සිහින් දිගැටි නෙතගේ
දියවී ඇත්තේ දුක් කඳුළැල්ලක් නොවෙදෝ


දොම්නස සොම්නස අයස යසස ළඟ
නොසැළී හිඳිනා මහාමේරුවයි

හා හා...
හා හා...
මොනාලිසා

හා හා...
හා හා...
මොනාලිසා


ගායනය - අමරසිරි පීරිස් සමග ඉන්ද්‍රණි බෝගොඩ
පද රචනය - ජයතිස්ස බොරළුගොඩ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ