Saturday, April 13, 2019

මේ අවුරුදු කාලේ


මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
අඅඅ අඅඅ ආ....
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
අඅඅ අඅඅ ආ....

ආ හා... අඅඅ අඅඅ ආ....
ආ හා... අඅඅ අඅඅ ආ....

දොං තරිකිට කැත්ත ‍දොදොං
පිළ වටකර කැත්ත දොදොං
දමා තැල්ල ඩිඟිසි ඩි‍‍ඟොයි
දමා තැල්ල තක තෙය්යත් තාං
කැවුම් කොකිස් තෙලේ බැ‍දෙයි
කැවිළි සුවඳ සිතට දැනෙයි

බා(න්) බා(න්) බා කිකිළී
ඊයෙ උදේ ගිය කිකිළී
තාම ආවෙ නෑ කිකිළී
බා(න්) බා(න්) බා

ගත්තිංඥා තිංඥා ගති ගත ගෝ ගති ගත ගෝ
ඔන්චිලි චිලි වාරම් ගම දෙවනත් වෙන්නා
මැංගිරි ඩිණිකෝ
අවුරුදු ආවෝ

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
අඅඅ අඅඅ ආ....

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
අඅඅ අඅඅ ආ....

ආ හා... අඅඅ අඅඅ ආ.
ආ හා... අඅඅ අඅඅ ආ....

දොං තරිකිට කැත්ත ‍දොදොං
පිළ වටකර කැත්ත දොදොං
දමා තැල්ල ඩිඟිසි ඩි‍‍ඟොයි
දමා තැල්ල තක තෙය්යත් තාං
ගමේ රබන් දොරට වඩියි
සිනහ මුහුණු අවට පෙනෙයි

බා(න්) බා(න්) බා කිකිළී
ඊයෙ උදේ ගිය කිකිළී
තාම ආවෙ නෑ කිකිළී
බා(න්) බා(න්) බා

ගත්තිංඥා තිංඥා ගති ගත ගෝ ගති ගත ගෝ
සිංහල අවුරුද්දේ මල් කැකුළක් සේ දිළිසේ
මැංගිරි ඩිණිකෝ
අවුරුදු ආවෝ

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
අඅඅ අඅඅ ආ....

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
ඒ ඒ ඒ....

ආ හා... අඅඅ අඅඅ ආ.....
ආ හා... අඅඅ අඅඅ ආ.… /////.

ගායනය - ලයනල් රන්වල සහ රන්වල බලකාය
ගී පද - ජයතිස්ස බොරළුගොඩ
සංගීතය - ලයනල් රන්වල

ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ සංහිඳ වැඩසටහනකින් පහත හඬ ඛණ්ඩය උපුටා ගත්තෙ. අහන්න ලයනල් රන්වලයන් ගීය ගැන ඉදිරිපත් කළ පූර්විකාව.

රන්වල බලකායේ මේ ගීයේ වීඩියෝව


No comments: