Friday, April 12, 2019

කජු වාරේ

කජු වාරේ..
කජු වාරේ... එරබදු යායේ..
කොහෝ කොහෝ නාදේ ...
ගමට කියන්නේ ....
අවුරුදු ඇවිදිල්ලා
අවුරුදු ඇවිදිල්ලා

පුංචි කොල්ලො රංචු ගැසෙයි
පංච බෙල්ලො ඔණ්ඩු දමයි

පුංචි කොල්ලො රංචු ගැසෙයි
පංච බෙල්ලො ඔණ්ඩු දමයි

හත්මාළුව පරදවන්න
කොණ්ඩ කැවුම් කොණ්ඩෙ බඳී

හත්මාළුව පරදවන්න
කොණ්ඩ කැවුම් කොණ්ඩෙ බඳී

කොක්කු දෙදහසක් ඇවිදින්
පුත්තලමේ දොන්
තවත් දෙදහසක් ඇවිදින්
අතරමගදි දොන්

සඳුන් කැලේ අපි යනකොට
රිලව් පනිනවා
එක රිලවෙක් බඩ බැඳගෙන
පිණුම් ගහනවා

මේ ඉසව්වේ ...
රබන් වැයෙන්නා ...
මේ පද ඇසී ..
ගමක් නටන්නා ..

කජු වාරේ..
කජු වාරේ... එරබදු යායේ..
කොහෝ කොහෝ නාදේ ...
ගමට කියන්නේ .....
අවුරුදු ඇවිදිල්ලා
අවුරුදු ඇවිදිල්ලා

පුංචි කොල්ලො රංචු ගැසෙයි
පංච බෙල්ලො ඔණ්ඩු දමයි

පුංචි කොල්ලො රංචු ගැසෙයි
පංච බෙල්ලො ඔණ්ඩු දමයි

හත්මාළුව පරදවන්න
කොණ්ඩ කැවුම් කොණ්ඩෙ බඳී

හත්මාළුව පරදවන්න
කොණ්ඩ කැවුම් කොණ්ඩෙ බඳී

බුබුල් බුලත් මම ගත්තා
තුට්ටු දෙකට මං වික්කා
තුට්ටු දෙකට ගත්තු බුලත්
සල්ලි හතට මට වික්කා

වත්ත කතත් කතත්තා
ඉඩම කතත් කතත්තා
වත්ත කතත් ඉඩම කතත්
දෙකම කතත් කතත්තා

මේ නොනගතේ
ඉරත් නැවතිලා
මේ සැණකෙළී
බලා ඉන්නවා

කජු වාරේ..
කජු වාරේ... එරබදු යායේ..
කොහෝ කොහෝ නාදේ ...
ගමට කියන්නේ ....
අවුරුදු ඇවිදිල්ලා
අවුරුදු ඇවිදිල්ලා ////.

ගායනය - ලයනල් රන්වල ප්‍රමුඛ රන්වල බලකාය
පද - සිසිර දිසානායක
සංගීතය - ලයනල් රන්වල

කජු වාරේ ගීයේ වීඩියෝව

1 comment:

සොබාදම් මිතුරා said...

ඉතාම අගනා නිමැවුමකි. පැරණි කව් ගී රැකීමට සුදුසු ගීතයක් වන මෙය ඉදිරිපත් කිරීම ගැන රන්වල බලකායට මගේ ස්තුතිය!