Showing posts with label සුනිල් ගුණවර්ධන. Show all posts
Showing posts with label සුනිල් ගුණවර්ධන. Show all posts

Tuesday, December 27, 2016

හිච්චි නඟේ

හිච්චි නඟේ
හිච්චි නඟේ ...

හිච්චි නඟේ බාලේ ඉඳ හැංගි හොරා
ළපටි හිතින් මට මතකයි විහිළු කළා
හිතට හොරා මල් පිපුණා ආල නුරා
අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා

හිච්චි නඟේ
හිච්චි නඟේ ...

කොළඹ රටේ ඔබ ඉන්නා සුනංගුවේ
ගං පියසේ මං හිටියේ විලංගුවේ ..//
රෑ යාමේ හමුවී මට දෙවොල් පොළේ
ලොකු මාමා ඇයි තරහින් දොස් කීවේ

හිච්චි නඟේ බාලේ ඉඳ හැංගි හොරා
ළපටි හිතින් මට මතකයි විහිළු කළා
හිතට හොරා මල් පිපුණා ආල නුරා
අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා
හිච්චි නඟේ
හිච්චි නඟේ ...

දුරස් වෙලා හිටියත් ඔබ කොළොම්පුරේ
හද සුවඳයි රැඳුණේ ළඟ නිරන්තරේ ...//
හරස් වෙලා හැම දෙනාම කිමද නඟේ
ඔබෙයි මගෙයි ආදර ලොව පලුදු කළේ

හිච්චි නඟේ බාලේ ඉඳ හැංගි හොරා
ළපටි හිතින් මට මතකයි විහිළු කළා
හිතට හොරා මල් පිපුණා ආල නුරා
අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා

හිච්චි නඟේ
හිච්චි නඟේ .....///

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි
පද රචනය - සුනිල් ගුණවර්ධන
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

Tuesday, May 5, 2015

බාලයේ පොඩිත්තා කාලයේ

බාලයේ පොඩිත්තා කාලයේ
ආවා වාගෙ නෑ සිතේ
තාම බාල කාලෙ වාගෙමයි
නොයන්නෙ මේ රටෙන් මිදී ..//

මා පියෝ අපේ
ආවෙ මේ දෙසේ
වාසනාව පෑදිලා වගේ

සීගිරි ගලේ
රූපෙ ශෝභනා
ලෝකයේම ආදරේ බඳී

දා ගැබේ බෝධියේ
වැව් තලේ රැඳේවි මා හැඟුම්

බාලයේ පොඩිත්තා කාලයේ
ආවා වාගෙ නෑ සිතේ
තාම බාල කාලෙ වාගෙමයි
නොයන්නෙ මේ රටෙන් මිදී

මේ රටේ විසල්
සාද ගීතයේ
සෑමදාම ජීවිතේ වෙලේ

මේ සඳේ පවා
නෑ නෙ ජීවයක්
පාට පාට ලෝකයක් විනා

ආපසු යා ගමු
ජීවිතේ සොයාලා මව් බිමේ

බාලයේ පොඩිත්තා කාලයේ
ආවා වාගෙ නෑ සිතේ
තාම බාල කාලෙ වාගෙමයි
නොයන්නෙ මේ රටෙන් මිදී

ගායනය - සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි
පද රචනය - සුනිල් ගුණවර්ධන
තනුව හා සංගීතය - නිමල් ජයකොඩි

Friday, December 13, 2013

දඟකාර ඔය දෑස

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා ...//

උදයේ හවා ඔබ හමු වී එදා
දෙඩුවා බැඳීලා සෙනේ ...//
දෙකොපුල් විලේ හසරැළ් පිපී
සතුටින්ම කල් යා වුණා

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා

සසරේ සදා අප බැඳෙමුයි පතා
වැඩුණා හදේහී සෙනේ ...//
නිලුපුල් නෙතේ හසරැළ් මැකී
කඳුළින්ම වෙන් වී ගියා

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා ...//

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද - සුනිල් ගුණවර්ධන
තනුව - රංජිත් පෙරේරා