Friday, December 13, 2013

දඟකාර ඔය දෑස

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා ...//

උදයේ හවා ඔබ හමු වී එදා
දෙඩුවා බැඳීලා සෙනේ ...//
දෙකොපුල් විලේ හසරැළ් පිපී
සතුටින්ම කල් යා වුණා

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා

සසරේ සදා අප බැඳෙමුයි පතා
වැඩුණා හදේහී සෙනේ ...//
නිලුපුල් නෙතේ හසරැළ් මැකී
කඳුළින්ම වෙන් වී ගියා

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා ...//

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද - සුනිල් ගුණවර්ධන
තනුව - රංජිත් පෙරේරා

No comments: