Friday, December 13, 2013

දුරාතීතේ ප්‍රේම සිහිනය

දුරාතීතේ ප්‍රේම සිහිනය
ලොවට හඬගා කියන්නම් ...//

ඇඟිලි තුඩගින් වාලුකාවේ
කුරුටු ගෑ වැකි අකුරු පෙම් ගී ...//
සයුරු රළ මත මැකී ගිය හැටි
ලොවට හඬගා කියන්නම්

දුරාතීතේ ප්‍රේම සිහිනය
ලොවට හඬගා කියන්නම් ...//

ඔබේ රුදු පති කුලය බිඳුවා
රැඳී ඉන්නට දෑස දෑලේ ...//
ලවන් පියුමේ සුවඳ විඳි බව
ලොවට හඬගා කියන්නම්

දුරාතීතේ ප්‍රේම සිහිනය
ලොවට හඬගා කියන්නම් ...//

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

No comments: