ගොල්ගොතාවේ කඳුළු ඇහිදින්නී
පෙම් කතාවේ මළුව අමදින්නී
මග්දලාවේ මරියනී
වන්දනාවේ වංකගිරියේ අම්බපාලී
මග්දලාවේ මරියනී
මරියනී
කැට මුගුරු ගෙන පසු පසින් ආ උවැසුනේ
ඝණ අඳුරු රෑ කවුද ඈ හා තනිවුණේ
සොඳුරු රූ සිරි දකින දෙනයන ගොළුවුණේ
අනේ මරියා රුදුරු කතරක තනිවුණේ
සංසාර අසපුවේ
ගීතිකාවෝ රැව් නැඟී
කම්මුලේ අත ගසාගෙන සඳ
ඉකිබිඳීවී ඉකිබිඳී සඳ
කුරුසයේ හද විලාපය මත
මල් පිපී
මල් පිපී
ජීවිතේ හැටි කියා දුන්නෙද
මරියනී
මරියනී
වන්දනාවේ වංකගිරියේ අම්බපාලී
මග්දලාවේ මරියනී
මරියනී
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - මංජුල ජයවර්ධන
තනුව - දර්ශන රුවන් දිසානායක