Showing posts with label ජයලත් මනෝරත්න. Show all posts
Showing posts with label ජයලත් මනෝරත්න. Show all posts

Friday, May 8, 2015

සුමුදු නිදි කුමරී ("තලමල පිපිලා" නා‍ට්‍ය‍යෙන්)


සුමුදු නිදි කුමරී
උපන් කළු සිහිනයේ
නිසොල්මන් රෑ ගලා එන්නී දුරු රටින්
ලතැවුලින් දැවෙනා නුවරුන් සිප වැලඳ ගන්නී

ජීවිතේ නැවතුම්පළේ හිඳ
විදා මායා සිහිල් සළුපිලි
කරන්නී ඇරයුම් උන් හට
රඟන්නට නෙතු පියා
නැඟෙන්නට දුර ඈත අහසට
බොල් පොළොව මත තැබූ පා ඔසවා

කාගෙදෝ ශාපයෙන්
උමතුව හඬනා
සබඳ එව මා තැනූ මාවත නුදුරේ
සැනසුමේ සුවඳක් එහි ඇත තනිවී
වහා යවු නොබියව එය විඳිව්
රජෙකු සේ කුමරෙකු සේ
රජෙකු සේ කුමරෙකු සේ
පියකරුයි රෑ රුපුනගේ ලෝ
වැසේ බොඳවේ සැඟවේ
ඉකිබිඳී පරිසරේ
ඒ හඬ වන පෙතේ මිය ඇදුනේ

රුහිරු විල්තෙර බවුන් වඩනා
පරල වූ ඍසිවරුනේ
මෞ‍ලි මංග‍ල්ලය‍ට‍ සැරසෙව්
රුවැති නිදි කුමරියනේ

ගායනය - ලක්ෂ්මන් විජේසේකර සහ එඩ්වඩ් ජයකොඩි
පද රචනය - ජයලත් මනෝරත්න
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

ජයලත් මනෝරත්නගේ "තලමල පිපිලා" නා‍ට්‍ය‍යෙන්.

Thursday, May 7, 2015

නිසල කඳු මුදුන් පිබිදී

නිසල කඳු මුදුන් පිබිදී මීදුම් මල් පිපෙනා
සිහිල් දිය ඉරක් විය ඔබ උදෑසනක ගලනා ...//

බක්මී මල් රේණු හැදී මාරුතයේ නටනා
ජීවිතයේ සැන්දෑවක සමීපයේ හිඳිනා
සෙනෙහස ඔබ පමණි

නිසල කඳු මුදුන් පිබිදී මීදුම් මල් පිපෙනා
සිහිල් දිය ඉරක් විය ඔබ උදෑසනක ගලනා

කණාමැදිරි මල් පිබිදී රැයක අඳුර හඬනා
ජීවිතයේ විරාමයක ඔබ සැතපුණු සැණිනා
මතකය ඔබ පමණි

නිසල කඳු මුදුන් පිබිදී මීදුම් මල් පිපෙනා
සිහිල් දිය ඉරක් විය ඔබ උදෑසනක ගලනා ..//

ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - ජයලත් මනෝරත්න
තනුව හා සංගීතය - තිස්සසිරි පෙරේරා

සඳ කඩා වැටී වෙරළේ

සඳ කඩා වැටී වෙරළේ
තරු පිපී රැයෙක සයුරේ
සැඩ සුළං නොමැති අහසේ
ලොව නිසොල්මනේ නැවතී ..//

ලිය ලතා පවනෙ හිනැහී
තුරු බඳෙහි වෙලී පැටලී
පෙර දිනෙක නොවූ පරිදී
මේ අසිරිමත්වු දිනෙකී

සඳ කඩා වැටී වෙරළේ
තරු පිපී රැයෙක සයුරේ
සැඩ සුළං නොමැති අහසේ
ලොව නිසොල්මනේ නැවතී

සඳ තරුද වැසුණ රැයෙහී
ලොව මෙලෙස සොඳුරු වූයේ
මා ලද නිසාද ඔබගේ
ආදරය දිනෙක සැඟවූ

සඳ කඩා වැටී වෙරළේ
තරු පිපී රැයෙක සයුරේ
සැඩ සුළං නොමැති අහසේ
ලොව නිසොල්මනේ නැවතී

ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - ජයලත් මනෝරත්න
තනුව හා සංගීතය - තිස්සසිරි පෙරේරා

රෑ අහස පුරා සිහිල සදා


රෑ අහස පුරා සිහිල සදා
සඳ සේ ඔබ පායා දිලෙනා
අඳුරට වී තනිවී මේ යාමයේ
ඔය තරු නෙතේ
නැළවෙමිදෝ කෙසේ

ජීවිතයේ මීවිත මේ
ආදරයේ ගීතය සේ
දෑසට යා වුණ රූබර රෑ තරු වී
අනුරාගිනියේ
කෝ කඳුළ ඔබේ

රෑ අහස පුරා සිහිල සදා
සඳ සේ ඔබ පායා දිලෙනා
අඳුරට වී තනිවී මේ යාමයේ
ඔය තරු නෙතේ
නැළවෙමිදෝ කෙසේ

රෑ නිමවේ ඈ හිනැහේ
ලා අරුණේ මීදුම සේ
ලෝකය මා ළඟ සීනෙකි මා දෙනෙතේ
අනුරාගිනියේ
කෝ ගීය ඔබේ

රෑ අහස පුරා සිහිල සදා
සඳ සේ ඔබ පායා දිලෙනා
අඳුරට වී තනිවී මේ යාමයේ
ඔය තරු නෙතේ
නැළවෙමිදෝ කෙසේ

ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - ජයලත් මනෝරත්න
සංගීතය - ලක්ෂ්මන් විජේසේකර

1985 වසරේදී මුල් වරට රංගගත "පුත්‍ර සමාගම" නාට්‍යයෙනි.

Monday, December 2, 2013

ඔබ ඈත සඳ වී පායා


ඔබ ඈත සඳ වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ - ඔබ මා
ළඟ ඉන්නා

අප දුරින් දුරක වුව තනියේ
නෙත් සරින් පමණි හමු වූයේ

ඒ ඈත් බවෙහි හද බඳුණේ
සෙනෙහසේ සොඳුරු බව පිරුණේ

ඔබ ඈත සඳ වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ - ඔබ මා
ළඟ ඉන්නා

මධු සඳ තරු අද හමුවීලා
සිටියද ඔබ මා ළං වීලා

ඒ දුරක එදා අප පිපිලා
තිබූ සොඳුරු සෙනේ ගඟ සිඳිලා

ඔබ ඈත සඳ වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ - ඔබ මා
ළඟ ඉන්නා

ගායනය - බණ්ඩාර අතාවුද
පද - ජයලත් මනෝරත්න
තනුව - එච්.එම්. ජයවර්ධන