Thursday, May 7, 2015
රෑ අහස පුරා සිහිල සදා
රෑ අහස පුරා සිහිල සදා
සඳ සේ ඔබ පායා දිලෙනා
අඳුරට වී තනිවී මේ යාමයේ
ඔය තරු නෙතේ
නැළවෙමිදෝ කෙසේ
ජීවිතයේ මීවිත මේ
ආදරයේ ගීතය සේ
දෑසට යා වුණ රූබර රෑ තරු වී
අනුරාගිනියේ
කෝ කඳුළ ඔබේ
රෑ අහස පුරා සිහිල සදා
සඳ සේ ඔබ පායා දිලෙනා
අඳුරට වී තනිවී මේ යාමයේ
ඔය තරු නෙතේ
නැළවෙමිදෝ කෙසේ
රෑ නිමවේ ඈ හිනැහේ
ලා අරුණේ මීදුම සේ
ලෝකය මා ළඟ සීනෙකි මා දෙනෙතේ
අනුරාගිනියේ
කෝ ගීය ඔබේ
රෑ අහස පුරා සිහිල සදා
සඳ සේ ඔබ පායා දිලෙනා
අඳුරට වී තනිවී මේ යාමයේ
ඔය තරු නෙතේ
නැළවෙමිදෝ කෙසේ
ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - ජයලත් මනෝරත්න
සංගීතය - ලක්ෂ්මන් විජේසේකර
1985 වසරේදී මුල් වරට රංගගත "පුත්‍ර සමාගම" නාට්‍යයෙනි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment