Showing posts with label බණ්ඩාර අතාවුද. Show all posts
Showing posts with label බණ්ඩාර අතාවුද. Show all posts

Friday, August 2, 2019

නුඹේ ඇසට එන

නුඹේ ඇසට එන කඳුළ මම ම ගෙන
මම අම්මා විය නුඹට එදා

නුඹේ සිතට එන සිතුම් මම ම ගෙන
මම අම්මා විය නුඹට මෙදා


සොඳුරු හිතේ දුක කඳුළු ඇසේ දැක
මම හෙළුවා නුඹෙ හිතට හොරා


කිඳුරු මතක විල කඳුළු තනිව බී
මම හැඬුවා ඔබෙ නෙතට හොරා
හැඬුවා ඔබෙ නෙතට හොරා


නුඹේ ඇසට එන කඳුළ මම ම ගෙන
මම අම්මා විය නුඹට එදා

නුඹේ සිතට එන සිතුම් මම ම ගෙන
මම අම්මා විය නුඹට මෙදා


ඔබේ හදේ රැඳි අඳුරු කල්පනා
මම වැසුවා මල් පොකුරු නෙළා


ඒ සෙනෙහස රැඳි මහරු සුවඳ සිත
මට පිහිටයි දෙවොලකට වඩා
පිහිටයි දෙවොලකට වඩා


නුඹේ ඇසට එන කඳුළ මම ම ගෙන
මම අම්මා විය නුඹට එදා

නුඹේ සිතට එන සිතුම් මම ම ගෙන
මම අම්මා විය නුඹට මෙදා


ගායනය - නීලා වික්‍රමසිංහ සමග බණ්ඩාර අතාවුද
පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - නීලා වික්‍රමසිංහ

Saturday, July 27, 2019

උදාවෙන්න මේ රාත්‍රියේ

උදාවෙන්න මේ රාත්‍රියේ
නෙළාගන්න ඔබෙ කාන්තියේ
මගේ දුක් දරාගන්න
හිත් යහන සරසන්න
සඳුනේ නැගෙන් රාත්‍රියේ

උයනේ පීදී
සුවඳින් නෑවී .....//
කැකුළක් ලෙසේ කේතකී
මා වෙත එයි ඈ
පෙර මග සරසා
සඳුනේ නැගෙන් රාත්‍රියේ

උදාවෙන්න මේ රාත්‍රියේ
නෙළාගන්න ඔබෙ කාන්තියේ
මගේ දුක් දරාගන්න
හිත් යහන සරසන්න
සඳුනේ නැගෙන් රාත්‍රියේ

දියඹේ බිහි වී
වෙරළේ මියැදී ...//
රළ වැල් ලෙසේ සාගරේ
මා හැර යයි ඈ
තනියට ළංවී
සඳුනේ නැගෙන් රාත්‍රියේ

උදාවෙන්න මේ රාත්‍රියේ
නෙලාගන්න ඔබෙ කාන්තියේ
මගේ දුක් දරාගන්න
හිත් යහන සරසන්න
සඳුනේ නැගෙන් රාත්‍රියේ

ගායනය - බණ්ඩාර අතාවුද
පද - බන්දුල නානායක්කාරවසම්
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

ප්‍රේමයේ රුදු වේදනා

ප්‍රේමයේ රුදු වේදනා
ගින්නේ දැවී මියෙනා පැයේ
මා හෙළූ කඳුළක් ලෙසින් ඔබ ඇයි මගෙන් වෙන්වී ගියේ
වෙන්වී ගියේ

ප්‍රාර්ථනා පුබුදා පුදා
හද මන්දිරේ ස්නේහේ නොහිම්
වදනින් නෙතින් සුවඳින් මැකී
ඔබ වෙන්වෙලා අද මා වෙතින්

ප්‍රේමයේ රුදු වේදනා
ගින්නේ දැවී මියෙනා පැයේ
මා හෙළූ කඳුළක් ලෙසින් ඔබ ඇයි මගෙන් වෙන්වී ගියේ
වෙන්වී ගියේ

පායනා හිරු සේ ඔබේ
පෙම් ලෝකයේ රැඳුණේ මමයි
ගෙවෙනා සඳේ සුසුමේ රැඳී
අද මා සිතින් මිදුණේ ඔබයි

ප්‍රේමයේ රුදු වේදනා
ගින්නේ දැවී මියෙනා පැයේ
මා හෙළූ කඳුළක් ලෙසින් ඔබ ඇයි මගෙන් වෙන්වී ගියේ
වෙන්වී ගියේ

ගායනය - බණ්ඩාර අතාවුද
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

Tuesday, July 23, 2019

සිතුවිලි සිරවී හදවත පතුළේ



හා.. හහා...
හා.. හහා...
හ්ම්.. හ්ම්ම්.. හ්ම්ම්... හ්ම්ම්...

සිතුවිලි සිරවී හදවත පතුළේ
ඉකිබිඳ වැළපෙනවා
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා

හා.. හහා...
හා.. හහා...
හ්ම්.. හ්ම්ම්.. හ්ම්ම්... හ්ම්ම්...

ඔබෙ සෙනෙහස දැක
සැඟවෙනු කෙලෙසද
නෑ මට තවමත් වැටහෙන්නේ
සුසුම් නිම්නයේ තනිවන්නට නම්
මේ ලෙස ඇයි අප හමුවන්නේ

සිතුවිලි සිරවී හදවත පතුළේ
ඉකිබිඳ වැළපෙනවා
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා

හා.. හහා...
හා.. හහා...
හ්ම්.. හ්ම්ම්.. හ්ම්ම්... හ්ම්ම්...

මිලාන වූ මල් ඉකිබිඳ වැළපේ
විකසිත කුසුමන් හිනැහෙද්දී
ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
ඔබේ මගේ ලොව කඳුළු දකී

සිතුවිලි සිරවී හදවත පතුළේ
ඉකිබිඳ වැළපෙනවා
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා

හා.. හහා...
හා.. හහා...
හ්ම්.. හ්ම්ම්.. හ්ම්ම්... හ්ම්ම්...

හා.. හහා...
හා.. හහා...
හ්ම්.. හ්ම්ම්.. හ්ම්ම්... හ්ම්ම්...


හා.. හහා...
හා.. හහා...
හ්ම්.. හ්ම්ම්.. හ්ම්ම්... හ්ම්ම්...


ගායනය - බණ්ඩාර අතාවුද
පද - කුසුම් පීරිස්
තනුව - එච්.එම්. ජයවර්ධන

Sunday, March 24, 2019

කොහේ යන්නෙද



හා.... හහහහා..... හහහහා..... හහහහා.....

කොහේ යන්නෙද කොහේ ඉන්නෙද
ඔබත් ඇසුවා මගෙන්
මමත් ඇසුවා ඔබෙන්

කොහේ යන්නෙද කොහේ ඉන්නෙද
ඔබත් ඇසුවා මගෙන්
මමත් ඇසුවා ඔබෙන්

මං මුලාවී ජීවිතේ අප ළංවෙලා ඉමු මේ ලෙසින්
තවත් පෙම්වතියන්
පෙම්වතුන්
එනතුරා මේ මාවතේ
ගමන් මඟ විමසා අපෙන්

මේ ලෙසින් සසරේ පුරා අපි ළංවෙලා සිටියේ හදින්
හෙටත් අද වාගේ
බලා හිඳිමූ
සිත් සතන් නැති ලෝකයා
පෙම් සුවේ දකිනා තුරා

කොහේ යන්නෙද කොහේ ඉන්නෙද
ඔබත් ඇසුවා මගෙන්
මමත් ඇසුවා ඔබෙන්

කොහේ යන්නෙද කොහේ ඉන්නෙද
ඔබත් ඇසුවා මගෙන්
මමත් ඇසුවා ඔබෙන්

හා.... හහහහා..... හහහහා..... හහහහා.....

හා.... හහහහා..... හහහහා..... හහහහා.....

ගායනය - බණ්ඩාර අතාවුද සහ මාලිනී බුලත්සිංහල
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - එච්.එම්. ජයවර්ධන

Monday, December 2, 2013

සිහිනයකි ඔබ

හ්ම් හ්ම්ම්ම් ම්ම් ම්
හහා හා හහ හාහා

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා
සිතුම් රැළි ඔබ තනිව හිදි වේලේ
නිහඬ මා හද සනසනා

ඉරකි ඔබ මට
සදකි ඔබ මට
කිසිදු කිසි විට සමුනොගන්නා
සයුරු රළ ඔබ
ඈත සමුදුර
සයුරු තෙර මා හමුවනා

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා
සිතුම් රැළි ඔබ තනිව හිදි වේලේ
නිහඬ මා හද සනසනා

යුග ගණන් අප
වෙන්ව ආ මඟ
සොදුරු නිම්නෙක එක්වෙලා
දුක් සුසුම් නැති
අපේ ලොව තුල
සිනා මල් පෙති විසිරිලා

හිරුට තනි නැත සදුත් නැත තනිවී
එකම අහසක හමුවෙලා
ලොවම සසලව බලා සිටියාවේ
යලිදු අප ඇත ළංවෙලා

හ්ම් හ්ම්ම්ම් ම්ම් ම්
හහා හා හහ හාහා ...///

ගායනය - බණ්ඩාර අතාවුද සහ නිරංජලා සරෝජිනී
පද - කුසුම් පීරිස්
තනුව - එච්.එම්. ජයවර්ධන

සීතල තවරා

සීතල තවරා හමනා සුළඟේ
මා ගත දැවටී පාවීයන්
මුර මඩුවේ සිටිනා මගෙ තනියට
කන්ද කපා සඳ පායාපන්

උදයට ඇවදින් හවසට යද්දී
දෑසින් නුඹෙ තනිකම කියැවේ ...//
මැණිකේ පුතුගේ තනිය මකද්දී
පොල් අතු මඩුවේ මා තනිවේ

සීතල තවරා හමනා සුළඟේ
මා ගත දැවටී පාවීයන්
මුර මඩුවේ සිටිනා මගෙ තනියට
කන්ද කපා සඳ පායාපන්

සිහින ලොවේ සිටියත් ඔබ සෙවනේ
මටද දැනේ උණුසුම පුතුනේ ...//
නින්ද නැතිව සිටිනා තුන් යාමේ
සංගු හඩට කන්දෙනු මැණිකේ

සීතල තවරා හමනා සුළඟේ
මා ගත දැවටී පාවීයන්
මුර මඩුවේ සිටිනා මගෙ තනියට
කන්ද කපා සඳ පායාපන්

ගායනය - බණ්ඩාර අතාවුද
පද - පියදාස ධම්මන්තොට
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

රුවන් තාරකා

රුවන් තාරකා නුවන් පායලා
හිඳින් හදවතේ රැඳී වේදනා නිවා ...//

නිසල රැයේ
නැඟෙන සඳේ
සිසිල වූ ඔබේ
සෙවණ ඇගේ
සුවය ගෙනේ
නිබඳ මා වෙතේ ....//
නිබඳ මා වෙතේ

රුවන් තාරකා නුවන් පායලා
හිඳින් හදවතේ රැඳී වේදනා නිවා

තිසර විලේ
පිපුණු මලේ
රැඳූණු ආදරේ
සුවඳ ගෙනේ
සතර දෙසේ
යොවුන් මාවතේ ....//
යොවුන් මාවතේ

රුවන් තාරකා නුවන් පායලා
හිඳින් හදවතේ රැඳී වේදනා නිවා

ගායනය - බණ්ඩාර අතාවුද
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

ඔබ ඈත සඳ වී පායා


ඔබ ඈත සඳ වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ - ඔබ මා
ළඟ ඉන්නා

අප දුරින් දුරක වුව තනියේ
නෙත් සරින් පමණි හමු වූයේ

ඒ ඈත් බවෙහි හද බඳුණේ
සෙනෙහසේ සොඳුරු බව පිරුණේ

ඔබ ඈත සඳ වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ - ඔබ මා
ළඟ ඉන්නා

මධු සඳ තරු අද හමුවීලා
සිටියද ඔබ මා ළං වීලා

ඒ දුරක එදා අප පිපිලා
තිබූ සොඳුරු සෙනේ ගඟ සිඳිලා

ඔබ ඈත සඳ වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ - ඔබ මා
ළඟ ඉන්නා

ගායනය - බණ්ඩාර අතාවුද
පද - ජයලත් මනෝරත්න
තනුව - එච්.එම්. ජයවර්ධන

නෙතු පියන් පියා

නෙතු පියන් පියා
මුතු දසන් වසා
සිහිනයෙන් වඩී
මා ළඟින් ඉදී
මව්පියන් බලා නොඉඳී

කැට මුගුරු වැදී කටු සඟල බිඳී
ඉගිලෙන්නට නොහැකිද කුමාරියේ
සිහින මුවා තටු සලා වරෙන්
සුදු පාර්ථනා වෙත කුමාරියේ

නෙතු පියන් පියා
මුතු දසන් වසා
සිහිනයෙන් වඩී
මා ළඟින් ඉදී
මව්පියන් බලා නොඉඳී

ඉරිසියා හිතී
බොරු ගොතා කියූ
ඒ සුරංගනාවන් නිදා සිටී
හිරුට මුහුණ ලා පියාඹපන්
සුදු පාර්ථනා වෙත කුමාරියේ

නෙතු පියන් පියා
මුතු දසන් වසා
සිහිනයෙන් වඩී
මා ළඟින් ඉදී
මව්පියන් බලා නොඉඳී

ගායනය - බණ්ඩාර අතාවුද
පද - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - විශාරද ගුණදාස කපුගේ

Sunday, December 1, 2013

නන් සුරන්

නන් සුරන් බැතියෙන් පිදූ සරු පින් බිමක් විය මිහිතලේ (මිහිතලේ)
රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ (සිංහලේ)

දෙස් විදෙස් පතලාවු කිත් යසසින් මෙවන් පසුබා සැදී (පසුබා සැදී)
මී මුතුන් සුවහස් ගණන් විය මව් බිමේ නාමෙන් බැඳී (නාමෙන් බැඳී)

සීහලේ සුවඳින් ලැබූ නව ජීවයෙන් පිබිදී නැගී (පිබිදී නැගී)
උන් මළත් අපගේ විකුම් විමසා සදා නොනිඳා හිඳී (නොනිඳා හිඳී)

නන් සුරන් බැතියෙන් පිදූ සරු පින් බිමක් විය මිහිතලේ (මිහිතලේ)
රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ (සිංහලේ)

දැන් නැතත් ඒ ශ්‍රී විභූතිය ඒ ලෙසින් සදනා යුගේ (සදනා යුගේ)
උන් ගැයූ අභිමාන ගී ස්වරයෙන් සැළේ හදවත් අපේ (හදවත් අපේ)

මින් මතුත් මේ මව් කුසේ උණුසුම පැතූ දරුවන් ලෙසේ (දරුවන් ලෙසේ)
පින් පුරව් සිහළුනි ඉපදී මියෙන්නට සිංහලේ (සිංහලේ)

නන් සුරන් බැතියෙන් පිදූ සරු පින් බිමක් විය මිහිතලේ (මිහිතලේ)
රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ (සිංහලේ)

ගායනය - බණ්ඩාර අතාවුද
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

මගෙ පොඩි දුව












ම් ම්ම් ම්ම්ම්
ම් ම් ම්ම් ම්ම්ම්
ම්..//
මගෙ පොඩි දුව හොඳ කීකරු ළමයෙක්
ආඩම්බර හිත කීවා දවසක්
පොඩි දුව මගෙ හොඳ කඩිසර දරුවෙක්
ආඩම්බර නෙත් දුටුවා දවසක්

දිවයන කාලය ගෙන ආ වෙනසින්
එකටෙක කීවේ ඇයි රිදවා සිත්
කීව කතා බස් මතකයි තවමත්
අප සිත් සනහා කිරි හුරතලයෙන්

මගෙ පොඩි දුව හොඳ කීකරු ළමයෙක්
ආඩම්බර හිත කීවා දවසක්
පොඩි දුව මගෙ හොඳ කඩිසර දරුවෙක්
ආඩම්බර නෙත් දුටුවා දවසක්

ම් ම්ම් ම්ම්ම්
ම් ම් ම්ම් ම්ම්ම්
ම්..//

ගෙවා දමන්නට ඇත දිගු ගමනක්
ජයගනු බෑ එය හිතුවක්කාරෙන්
පිවිතුරු හැඟුමින් යහ ගුණ දහමින්
පිසලනු කඳුළැල් සනසා දෙගුරුන්

මගෙ පොඩි දුව හොඳ කීකරු ළමයෙක්
ආඩම්බර හිත කීවා දවසක්
පොඩි දුව මගෙ හොඳ කඩිසර දරුවෙක්
ආඩම්බර නෙත් දුටුවා දවසක්

ම් ම්ම් ම්ම්ම්
ම් ම් ම්ම් ම්ම්ම්
ම්..//

ගායනය - බණ්ඩාර අතාවුද සහ මාලිනී බුලත්සිංහල
පද - කුසුම් පීරිස්
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

කඳුළු පිසදාලන



කඳුළු පිසදාලන සඟවාලන
රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන
නුඹේ සිනා මල්
නුඹේ සිනා මල්...//

අවර නැකත නොවේ
තරු පීදෙන සඳ පායන නුඹමය රාත්‍රී
සතුටු කඳුළු පිපේ
මල්යායට සිත් යාකල නුඹ මගෙ දේවී

කඳුළු පිසදාලන සඟවාලන
රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන
නුඹේ සිනා මල්
නුඹේ සිනා මල්

අරුණ ගලන පැයේ
නෙත්මානෙන් ඉගිලී යන නුඹමය රාත්‍රී
සිතට තනිය නොදී
තුන්තිස් පැය මල්යහනට වැඩපන් දේවී

කඳුළු පිසදාලන සඟවාලන
රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන
නුඹේ සිනා මල්
නුඹේ සිනා මල් ..//

ගායනය - බණ්ඩාර අතාවුද
පද - වසන්ත කුමාර කොබවක
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ








හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ
පහනකි මා හිරු එලියෙහි නොදිලෙන
පහන ඔබය ඔබමය මා පැතුමද
හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන ....//

සඳ දිදුලන පුර පෝදා අහසේ
තරුවකි මා සඳ එළියෙහි නොපෙණෙන
තරුව ඔබය ඔබමය මා පැතුමද
සඳ නොව කලඑළියෙන් දුර බබලන

හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ
පහනකි මා හිරු එලියෙහි නොදිලෙන
පහන ඔබය ඔබමය මා පැතුමද
හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන

උඩවැඩියා සුපිපෙන වන උයනේ
කුසුමකි මා තණ බිම මත සැඟවුණ
කුසුම ඔබය ඔබමය මා පැතුමද
උඩවැඩියා මල නොව නෙත පිනවන

හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ
පහනකි මා හිරු එලියෙහි නොදිලෙන
පහන ඔබය ඔබමය මා පැතුමද
හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන ....//

ගායනය - බණ්ඩාර අතාවුද සහ චන්ද්‍රලේඛා පෙරේරා
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

ආශාවේ මල් වැටෙන් එබී












ආශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළූ ඔඹ මගේ කළූ
නයන කළූ ඔඹ මගේ කළූ

රෑ නිල් අහසේ
නිදන සඳවතී ...//
අදින සළු.. මිදුලෙ එලූ
අදින සළු.. මිදුලෙ එලූ
සුන්දර නින්දේ මා සිහිවෙනවද
කියනු කළූ මට කියනු කළූ

ආශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළූ ඔඹ මගේ කළූ
නයන කළූ ඔඹ මගේ කළූ

පායන සඳ සේ
රුසිරු හසරැළී ...//
දෙතොල වෙලූ.. නයන කළූ
දෙතොල වෙලූ.. නයන කළූ

සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කළූ මට කියනු කළූ

ආශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළූ ඔඹ මගේ කළූ
නයන කළූ ඔඹ මගේ කළූ

ගායනය - විශාරද බණ්ඩාර අතාවුද
පද - ඩෝල්ටන් අල්විස්
තනුව - විශාරද ගුණදාස කපුගේ

මේ ගීයේ නිධාන කතාව ද සුවිශේෂී එකකි.
කපුගේට තම පෙම්වතිය (ප්‍රේමා විතානගේ) හමුවන්නේ සසර පුරුද්දක් නිසා යැයි මම සිතමි.
(ඒ හමුවීමේ කතාව මෙතැන නොලියමි. )

විවාහ ගිවිසා ගෙන සිටි කපුගේ තම සුහදිනිය මිතුරන්ට හඳුන්වා දෙන්නට ගුවන් විදුලියට කැඳවා ගිය අවස්ථාවේ ඔහුට ඩෝල්ටන් අල්විස් මුණගැසෙයි. ඒ සැණෙහි ඩෝල්ටන් තුළ ජනිත වූ කාව්‍යමය සිතුවිල්ල ගීයකට පබැඳේ. කපුගේ ද ඒ වෙලේම ගීයට තනුවක් ‍නිර්මානය කරයි. මේ සියල්ල අතරෙහි සිටි ප්‍රේමා ගීය අසන්නට මහත් ආශාවෙන් මඟ බලා හිඳින්නීය. ඈ දැඩි සොම්නසින් සිටියේ කපු ඒ ගීය ගයනවා අසන්නටයි.
මේ අතර තම සරල ගී වැඩසටහනට ගීයක අඩුවක් නිසා ගුවන් විදුලියේ කලබලයෙන් එහෙ මෙහෙ දුවන තරුණයකුගේ කලබලයට හේතුව හඳුනාගන්නා කපූ, තමා නුදුරු දිනක ගයන්නට සිටි ගීය අර තරුණයාට පරිත්‍යාග කරයි.

එසේ ගැයුණු ගීයයි “ආශාවේ මල් වැටෙන් එබී”