Showing posts with label සන්ධ්‍යා විජේසුන්දර. Show all posts
Showing posts with label සන්ධ්‍යා විජේසුන්දර. Show all posts

Saturday, September 28, 2019

ගං දෑල ඉවුරේ


ගං දෑල ඉවුරේ පිණි මල් රටා
පෙම් හිතට ආරාධනාවක් කළා
මල් යාය සමනල් හැඟුම් ඉඟි මවා
වස්සාන හීනය හිඳී මඟ බලා ...//

ළං ළංව නෙත් කැල්ම රහසක් කියා
දෙන්නා අනන්තයට පියඹා ගියා ..//

පෙන්නා සෙනේ මහමෙරක් සේ සදා
මං ඉන්නවා නුඹගෙ තුරුළේ නිදා

සංසාර ගංගාව ගලනා තුරා
මං ගාව හුන්නාලු සිහිනෙන් පවා ...//

අප පැතූ පෙම් සිහින දකිනා තුරා
වෙන් වෙන්නෙ නෑ අපි අපේමයි සදා

ගං දෑල ඉවුරේ පිණි මල් රටා
පෙම් හිතට ආරාධනාවක් කළා
මල් යාය සමනල් හැඟුම් ඉඟි මවා
වස්සාන හීනය හිඳී මඟ බලා ...//

ගායනය - සන්ධ්‍යා විජේසුන්දර
පද - එල්.පී. රත්නායක
තනුව හා සංගීතය - නන්දසේන කටුවාවල


Gan Deala Ivure - Sandya Wijesundara

ඉර හඳ පල නැත

ඉර හඳ පල නැත දිවුරුම් දෙන්නට
හදවත් අපට ඇතී
කින්නරයාණනි හිත එක තැන නම්
ඒ හොඳටෝම ඇතී ...//

කුරුළු කෙවිල්ලන් දොඩමලු වෙනවා
ලස්සණ සවන් යොමා
උන් අප පෙම ගැන කතාකරනවා
මොකටද තව ප්‍රමා ...//

ඉර හඳ පල නැත දිවුරුම් දෙන්නට
හදවත් අපට ඇතී
කින්නරයාණනි හිත එක තැන නම්
ඒ හොඳටෝම ඇතී

සරැලි නඟන්නේ සයුර වෙරළ සිප
සැනසෙන්නයි හැපිලා
සඳට අහසමය පොළවෙන් පල නැත
ඒ ලෙසමයි ඔබ මා ...//

ඉර හඳ පල නැත දිවුරුම් දෙන්නට
හදවත් අපට ඇතී
කින්නරයාණනි හිත එක තැන නම්
ඒ හොඳටෝම ඇතී

ගායනය - සන්ධ්‍යා විජේසුන්දර සමග ඩෙරික් නිකල්සන් ද සිල්වා
පද - ප්‍රියනන්ද විජේසුන්දර
තනුව හා සංගීතය - ගංගා විමලවර්ධන


Ira Handa Pala Netha - Sandya Wijesundara & Derick Nicleson de Silva

දීපාවලී හඳ බැලුවා


දීපාවලී හඳ බැලුවා කෝවිල මිදුලේ
නාදස්වරම් හඬ ඇසුවා නාඉල අයිනේ
පිච්ච මල් බිසෝ මාගේ ගියේද කොතැනේ
මහරාජා මාලිගයේ හිඳීවි තැවුලේ

ස්කන්ද ස්වාමිනේ ඇයි උස් පහත් බවක් හැදුවේ
මන්ද ආදරේ මේ මහ පවුරු වලින් පිදුවේ
වල්ලි අම්මනේ නුඹවත් නැතිද දිවැස් හෙළුවේ
කදිර කෝවිලේ පුදපෙත් පඬුරු මදිද පිදුවේ

දීපාවලී හඳ බැලුවා කෝවිල මිදුලේ
නාදස්වරම් හඬ ඇසුවා නාඉල අයිනේ
පිච්ච මල් බිසෝ මාගේ ගියේද කොතැනේ
මහරාජා මාලිගයේ හිඳීවි තැවුලේ

තාලිය කර බැන්ද දිනේ තවිල් හඬට නැටුවේ
මගේ කඳුළු සඟවන්ටයි වැස්සට මං තෙමුණේ
කුන්ද සමන් මල් යහනේ කටු පඳුරුයි තිබුණේ
මගේ ආත්මයම නොවෙයි මහරාජට පිදුවේ

දීපාවලී හඳ බැලුවා කෝවිල මිදුලේ
නාදස්වරම් හඬ ඇසුවා නාඉල අයිනේ
පිච්ච මල් බිසෝ මාගේ ගියේද කොතැනේ
මහරාජා මාලිගයේ හිඳීවි තැවුලේ

ගායනය - සන්ධ්‍යා විජේසුන්දර සමග උෂාන් අගහකෝන්
පද - ප්‍රියානන්ද විජේසුන්දර
තනුව හා සංගීතය - උෂාන් අගහකෝන්


Deepavali Sanda Beluwa - Sandya Wijesundara & Ushan Alahakoon

Friday, September 27, 2019

උණුහුමට යා වෙන්න


උණුහුමට යා වෙන්න චුට්ටක් තව ළංවෙන්න
දේදුන්න හේදෙන්න හිනැහෙන්නම් මං

ගල්වංගුවේ අවට මල් පියලි වැටුණාම
මොනතරම් ලස්සණ ද අපි දෙන්න නම්
මොනතරම් ලස්සණ ද අපි දෙන්න නම්

උණුහුමට යා වෙන්න චුට්ටක් තව ළංවෙන්න
දේදුන්න හේදෙන්න හිනැහෙන්නම් මං

ගල්වංගුවේ අවට මල් පියලි වැටුණාම
මොනතරම් ලස්සණ ද අපි දෙන්න නම්
මොනතරම් ලස්සණ ද අපි දෙන්න නම්

මේ සල් ගහේ රිකිලි කිතිකවන මදනල ද
නෑසෙන්න රහසින්ම මුණුමුණුවකින්
ලෝකයේ ඇස් වලට හැංගෙන්න හැමදාම
තනිවෙච්ච තැන් වල ද තනිවෙන්න යං
තනිවෙච්ච තැන් වල ද තනිවෙන්න යං

උණුහුමට යා වෙන්න චුට්ටක් තව ළංවෙන්න
දේදුන්න හේදෙන්න හිනැහෙන්නම් මං

ගල්වංගුවේ අවට මල් පියලි වැටුණාම
මොනතරම් ලස්සණ ද අපි දෙන්න නම්
මොනතරම් ලස්සණ ද අපි දෙන්න නම්

මගෙ හිතට හැමදාම ඉස්පාසුවක් නැතුව
ඔබ ගැනම මතකයට ඉඩ දෙන්න නම්
නෙතු පියන මොහොතකට හීනයට ඔබ එන්න
මේ තරම් මං ඔබට ආදරේ ඇයි
මේ තරම් මං ඔබට ආදරේ ඇයි

උණුහුමට යා වෙන්න චුට්ටක් තව ළංවෙන්න
දේදුන්න හේදෙන්න හිනැහෙන්නම් මං

ගල්වංගුවේ අවට මල් පියලි වැටුණාම
මොනතරම් ලස්සණ ද අපි දෙන්න නම්
මොනතරම් ලස්සණ ද අපි දෙන්න නම්

ගායනය - සන්ධ්‍යා විජේසුන්දර
පද - ප්‍රියානන්ද විජේසුන්දර
තනුව හා සංගීතය - උෂාන් අලහකෝන්


Unuhumata Yawenna - Sandya Wijesundara

Sunday, September 22, 2019

කොත්මලේ පිපුණු


කොත්මලේ පිපුණු වනපස මලකි නුඹ නඟේ
හිත් මලේ පිපෙන සක්විත් රජෙකි නුඹ මගේ ...//

හිනැහෙන නුඹ දකිද්දි
පුර හඳ හැංගෙන හැටි අන්න බලන්න
...//

වපුරන කෙත් යායෙදි
වැගිරෙන ඩහදිය මුතු දෙන්න සිඹින්න


මඟුලැතු ඇවිත් අපට
පෙරමඟ සහ පිරිවර අරන් ඔටුන්න
...//

රජ සැප මට කුමටද
නුඹ නැති රජ ගෙදරට එන්න වඩින්න


කොත්මලේ පිපුණු වනපස මලකි නුඹ නඟේ
හිත් මලේ පිපෙන සක්විත් රජෙකි නුඹ මගේ ...//

ගායනය - සමන් ලෙනින් සමග සන්ධ්‍යා විජේසුන්දර
පද - වසන්ත විජේකෝන්
තනුව - ශාමින්ද ආරච්චිගේ


Kothmale Pipuna Wanapasa Malaki - Saman Lenin & Sandya Wijesundara