Showing posts with label ඇන්තනී සුරේන්ද්‍ර. Show all posts
Showing posts with label ඇන්තනී සුරේන්ද්‍ර. Show all posts

Sunday, November 12, 2017

සඳ ඔබ මගේ


සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ රෝස පුස්ඹේ
සීනයෙන් සීනේ
කෝ කොහේදෝ මා සොයන්නී
ආදරේ දුන්නී

සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ රෝස පුස්ඹේ
සීනයෙන් සීනේ

හමුවෙමූ කවදා හෝ ආයේ
හිනැහෙමූ තරහා නෑ වාගේ
මේ සැදෑවේ කෝ කොහේදෝ
මා සොයන්නී

සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ රෝස පුස්ඹේ
සීනයෙන් සීනේ

කෝ කොහේදෝ මා සොයන්නී
ආදරේ දුන්නී

සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ රෝස පුස්ඹේ
සීනයෙන් සීනේ
හමුවෙමූ කවදා හෝ ආයේ
හිනැහෙමූ තරහා නෑ වාගේ

කෝ කොහේදෝ මා සොයන්නී
ආදරේ දුන්නී

ගායනය - අතුල අධිකාරි
පද - ප්‍රණීත් අබේසුන්දර

තනුව - ඇන්තනී සුරේන්ද්‍ර

Sanda Oba Mage - Athula Adikari

Sunday, March 29, 2015

රාධා


ඔබ හඬනවනම් මහ හයියෙන්
හඬන්න රාධා
මට ඇහෙන දුරින් හිඳින්න රාධා
සිහින වෙලා රෑ තිස්සේ
නොපෙනී රාධා
මට පේන දුරින් ඔබේ සුසුම විඳින්න රාධා

ළඟට වෙලා තුරුලු වෙලා
ඔබේ සුසුම විඳින්න රාධා

දුර ආකාසේ තරු අතරේ
නොඉන්න රාධා
මගෙ නෙත් අතරේ රශ්මිය වී
හිඳින්න රාධා
පුර හඳට මුවාවෙලා හොරෙන්
නොපෙනී රාධා
මගෙ උරහිස මත අටවකදා
නිදන්න රාධා

ඔබ හඬනවනම් මහ හයියෙන්
හඬන්න රාධා
මට ඇහෙන දුරින් හිඳින්න රාධා

ළඟට වෙලා තුරුලු වෙලා
ඔබේ සුසුම විඳින්න රාධා

මලක් වෙලා අර අතු අග
නොපෙනී රාධා
මා ළඟම පිපී සුවඳ දිදී
හිඳින්න රාධා
ජීවිතයම ගිණියම් වූ
දීර්ඝතම රාත්‍රියයි මේ රාධා
මට පේන දුරින් හිඳින්න රාධා

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ජගත් විජේවීර
තනුව - ජගත් විජේවීර
සංගීත සංයෝජනය - ඇන්තනී සුරේන්ද්‍ර


Radha - Amarasiri Peiris

Sunday, December 1, 2013

රෑ දොළොස් පැයේ


රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්
(රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්)
කර ඔසවා බලා උන්නා
(කර ඔසවා බලා උන්නා)
හබ කර ගිය ආලවන්ත මගෙම මිහිරා වනයෙන් දැන් එතැයි කියා

දාර පිඹුරු වග වලසුන් ලගින වනේ
දෝස විපත්  සිදු නොවියන් නුඹට අනේ
දෙකනට දෙමික්කං නැතුවට කම් නැතුවා
කරවට පදක්කං නැතුවට හිත ඇතුවා
පෙම්බර කුමාරයෝ

රෑ දොළොස් පැයේ
ඉඳි කඩුළු ඇරන්

කාසි පඬුරු කතරගමට ගැට ගහලා
බාර වුනා රූපෙට රූපේ පුදලා
බෝවා කඳුළු ඉනුවා ඇස කකියා
දෙයියෝ නොයන් පපුවට ගිනි අවුලා
පෙම්බර කුමාරයෝ

රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්
(රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්)
කර ඔසවා බලා උන්නා
(කර ඔසවා බලා උන්නා)

හබ කර ගිය ආලවන්ත මගෙම මිහිරා වනයෙන් දැන් එතැයි කියා

ගායනය - නිරෝෂා විරාජිනී
පද - අචාර්ය අජන්තා රණසිංහ
තනුව - ඇන්තනී සුරේන්ද්‍ර


Song - Re Dolos Peye
Singer - Nirosha Virajini
Lyricist - Ajantha Ranasinha
Composer - Anthony Surendra