Showing posts with label කරුණාරත්න අබේසේකර. Show all posts
Showing posts with label කරුණාරත්න අබේසේකර. Show all posts

Saturday, August 29, 2026

සව් සත් ප්‍රබෝධ දී

හෝ ... ඔඔඔ ඕ... ඔඔඔ ඕ... ඔඔඔ ඕ..

හෝ ... ඔඔඔ ඕ... ඔඔඔ ඕ... ඔඔඔ ඕ..


සව් සත් ප්‍රබෝධ දී

ශාන්තී ප්‍රසාද දී 

රක්ෂා කෙරේවා (ආ... ආ.....

දේවී සුනන්දනී (ආ... ආ.....

දේවී සුරංගනී (ආ... ආ.....

දේවී පරම මහා දේවී (ආ... ආ.....


හෝ ... ඔඔඔ ඕ... ඔඔඔ ඕ... ඔඔඔ ඕ..

හෝ ... ඔඔඔ ඕ... ඔඔඔ ඕ... ඔඔඔ ඕ..


සමන් මල් මාලා හා ධූපේනී

පුදම් මේ පූජා ගී නාදේනී ....//


ඔබේ ශ්‍රී මූණේ කාන්තී දීලා

පරදාරේ යශෝධා සිරියා


රාජ රාජේශ්වරී දිව්‍ය ලෝකේශ්වරී

රාජ රාජේශ්වරී දිව්‍ය ලෝකේශ්වරී


මේ සිව් ලෝකේ රකිනා මෑණී

හෝ ඔඔඔ ඕ... ඔඔඔ ඕ... ඔඔඔ ඕ..

මේ සිව් ලෝකේ රකිනා මෑණී

හෝ ඔඔඔ ඕ... ඔඔඔ ඕ... ඔඔඔ ඕ..


දේවී සුනන්දනී (ආ... ආ.....

දේවී සුරංගනී (ආ... ආ.....

දේවී පරම මහා දේවී (ආ... ආ.....


සමන් මල් මාලා හා ධූපේනී

පුදම් මේ පූජා ගී නාදේනී ....//


ඔබේ ශ්‍රී මූණේ කාන්තී දීලා

පරදාරේ යශෝධා සිරියා


දේව ලෝ දූතිකා

සව් ලොවේ රූපිකා


දේව ලෝ දූතිකා

සව් ලොවේ රූපිකා


මේ සිව් ලෝකේ රකිනා මෑණී

හෝ ඔඔඔ ඕ... ඔඔඔ ඕ... ඔඔඔ ඕ..

මේ සිව් ලෝකේ රකිනා මෑණී

හෝ ඔඔඔ ඕ... ඔඔඔ ඕ... ඔඔඔ ඕ..


දේවී සුනන්දනී (ආ... ආ.....

දේවී සුරංගනී (ආ... ආ.....

දේවී පරම මහා දේවී (ආ... ආ.....


සිසිල් සුවඳ දෙන්නේ දේවී මහිමේ

සියල් සැප දෙන්නේ දේවී මහිමේ

දේව ලෝ දූතිකා

සව් ලොවේ රූපිකා

මේ සිව් ලෝකේ රකිනා මෑණී //

දේවී සුනන්දනී

දේවී සුරංගනී

දේවී පරම මහා දේවී


හෝ ... ඔඔඔ ඕ... ඔඔඔ ඕ... ඔඔඔ ඕ..

හෝ ... ඔඔඔ ඕ... ඔඔඔ ඕ... ඔඔඔ ඕ..


සව් සත් ප්‍රබෝධ දී

ශාන්තී ප්‍රසාද දී 

රක්ෂා කෙරේවා (ආ... ආ.....

දේවී සුනන්දනී (ආ... ආ.....

දේවී සුරංගනී (ආ... ආ.....

දේවී පරම මහා දේවී (ආ... ආ.....


හෝ ... ඔඔඔ ඕ... ඔඔඔ ඕ... ඔඔඔ ඕ..

හෝ ... ඔඔඔ ඕ... ඔඔඔ ඕ... ඔඔඔ ඕ..

හෝ ... ඔඔඔ ඕ... ඔඔඔ ඕ... ඔඔඔ ඕ..

හෝ ... ඔඔඔ ඕ... ඔඔඔ ඕ... ඔඔඔ ඕ..


ගායනය  - ධර්මදාස වල්පොල , ලතා වල්පොල  සහ පිරිස

ගී පද  - කරුණාරත්න අබේසේකර

පුරුෂ පිරිස

කාන්තා පිරිස

අබේසේකර (නිල් පැහැයෙන් ඇති කොටස චිත්‍රපටියේ ඇතුළත් වුවත්, මේ ඉදිරිපත් කර ඇති ගායනයේ අඩංගු නොවේ.)


Wednesday, August 12, 2026

තුරු වදුලු තුළේ

හ්ම්.. ම්.. ම්.. ම්ම්ම්...


තුරු වදුලු තුළේ සඳලු තලේ

කැකුළු දැලේ සුරතලේ


මුකුළු ඔබේ විසුළු දඟේ

ලෙලෙන දළූ පල කළේ

හෝ.. ඕ.. ඕ.. ඕ.....

ලෙලෙන දළූ පල කළේ


සැලළිහිණි බටිති මලිති පැටව්

කිචි බිචි ගා රැව් දෙතී ....//


නීලකොබෙයි ජෝඩු වැටී

සිතට කවයි හංකිතී


තුරු වදුලු තුළේ සඳලු තලේ

කැකුළු දැලේ සුරතල


මුකුළු ඔබේ විසුළු දඟේ

ලෙලෙන දළූ පල කළේ

හෝ.. ඕ.. ඕ.. ඕ.....

ලෙලෙන දළූ පල කළේ


නිල් තණ පිටියේ බඩවැටියේ

කඳු වැටියේ නැමි නැමී

අත වන වන මට හිනැහෙන

සෙවණැල්ලක් දුර දුටුවෙමි

මම සැනසෙමි නැළවෙමී


තුරු වදුලු තුළේ සඳලු තලේ

කැකුළු දැලේ සුරතලේ


මුකුළු ඔබේ විසුළු දඟේ

ලෙලෙන දළූ පල කළේ

හෝ.. ඕ.. ඕ.. ඕ....

ලෙලෙන දළූ පල කළේ


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා

පද - කරුණාරත්න අබේසේකර

තනුව හා සංගීතය - එඩ්වින් සමරදිවාකර


1958 දි තිරගතවූ "දස්කම" චිත්‍රපටියේ ගීයකි.


හොඳ කල ආ දා

හොඳ කල ආ දා

පයට මිණි මුතු පෑගේ

නැත කිසි බාධා ඉරණමට මිනිසාගේ


කඳු හා බෑවුම් සම බිම් අනන්ත හමුවේ //

පසුබා නොදුවා ජය මා ලැබුවා //

නිසසලේ ..

ජීවන ගායන කීවා


කවදා හෝ එළි වේවී මගෙ සුබ සිහිනේ

මගෙ සුබ සිහිනේ

උත්සාහය මේ විශ්වාසය දේ

උත්සාහය මේ විශ්වාසය දේ

ජීවනයේ ..

මාහැඟි පාඩමකි මේ


හොඳ කල ආ දා

පයට මිණි මුතු පෑගේ

නැත කිසි බාධා ඉරණමට මිනිසාගේ


කම්මැලියා වැහැරී පිරිහී තැවෙතේ... //

සීදේවී මූදේවිය දැක දුවතේ

ඉවසීමෙන් දිරි පා වැර පා දෑතේ

කළ නොහැකී දස්කම් 

මේ ලොව නොමැතේ


හොඳ කල ආ දා

පයට මිණි මුතු පෑගේ

නැත කිසි බාධා ඉරණමට මිනිසාගේ ...//


ගායනය - මොහිදීන් බෙග්

පද - කරුණාරත්න අබේසේකර

තනුව හා සංගීතය - එඩ්වින් සමරදිවාකර


1958 දී තිරගතවූ "දස්කම" චිත්‍රපටියේ ගීයකි.


මේ මුල් ගීයයි.




නව සංගීතයෙන්...

ගොයම් පැසීලා කුඹුරේ

ගොයම් පැසීලා කුඹුරේ

රන්වන් කරල් නැමීලා දිලේ

හෝ හෝ රන්වන් කරල් නැමීලා දිලේ


ලස්සන කියා කියා

කිරි කොක් රෑන ගියා

බඩ බිම තියා තියා

යනවා යනවා කබරගොයා

මනමාලියේ වෙලේ පිළිහුඩු හාමිනේ //

මට තේරුණා බැලූ කාරණේ //


ගොයම් පැසීලා කුඹුරේ

රන්වන් කරල් නැමීලා දිලේ

හෝ හෝ රන්වන් කරල් නැමීලා දිලේ


දිය දම දමා මෙසේ

සොලවමි දෑත යසේ දෑත යසේ

හෝ හෝ අරුමය දැනේ බතේ

වැඩ කෙරුවාම හිතේ

වැඩ කෙරුවාම හිතේ


මගෙ කවි පදට හනික

විඩා නිවා සුළං හමයි

කට සෙලවීමට හැකි 

අත සෙලවූවොතින් තමයි


රන්වන් කරල් නැමීලා දිලේ

හෝ හෝ රන්වන් කරල් නැමීලා දිලේ


ගොයම් පැසීලා කුඹුරේ

රන්වන් කරල් නැමීලා දිලේ

හෝ හෝ රන්වන් කරල් නැමීලා දිලේ


ගායනය - ඉන්ද්‍රාණි විජේබණ්ඩාර

පද - කරුණාරත්න අබේසේකර

තනුව හා සංගීතය - එඩ්වින් සමරදිවාකර


1958 දී තිරගතවූ "දස්කම" චිත්‍රපටියේ ගීයකි.


ඔහු මරයි නම්

ඔහු මරයි නම් කවුද රකින්නේ

ඔහු රකී නම් කවුද මරන්නේ


ඔබ පැටලීලා බව සම්භෝගේ

නෑ ඔහු කවුදැයි සෙව්වේ

ඔහු මේ ලෝක තලේ අධිපතියා වේ


අද මහ නිරිඳා හෙට දිළිඳා වේ

දුගි දිළිඳා මතු නිරිඳා වේ

කවුද කරන්නේ පෙරළුම මේ

කවුද කරන්නේ පෙරළුම මේ

හෝ.. හෝ.. හෝ...

ඔහු මේ ලෝක තලේ අධිපතියා වේ


හා අර නරඹනු පායා එන සූර්යා (ඒ...

ඔහුගේ ඉඟියට එය නැග බැස ඒ

ඔහුගේ ඉඟියට එය නැග බැස ඒ

ගගන ගැබ ද ඝණ විදුලි කොටා

ගිගුරුම් දේ 

ඔහුගේ අණසක කැරකේ


නුවණ යොමාලා බලනු සිතාලා

ඔබ කවුදෝ 

ඔහු කවුදෝ

හෝ.. හෝ.. හෝ..


එය මා කෙරුවේ යනුවෙනි සිතුවේ (ඒ.. ඒ.. ඒ.. ඒ....

වැරදී වැරදී නිගමන බොරු වේ

වැරදී වැරදී නිගමන බොරු වේ

ඔබ මේ ඔබ ම නොවේ 

රූකඩයකි මෙ ලොවේ

ඔබ නැත වූ පොදුවේ

ජගතා දෛවය වේ


ගායනය - මොහිදීන් බෙග්

පද රචනය - කරුණාරත්න අබේසේකර

සංගීතය - එඩ්වින් සමරදිවාකර


1958 දී තිරගතවූ "දස්කම" චිත්‍රපටියේ ගීයකි.


දෙව් ලොව දෙව් සැප

දෙව් ලොව දෙව් සැප වෙයි තිර ප්‍රේමේ

රජවරු පඬිවරු බන්ධන ප්‍රේමේ ....//

සිතුවම කවිකම බිහි කළ ප්‍රේමේ //

වන සිවුපාවුන් නළවන ප්‍රේමේ//


හිතා ගොතා බොරු කතා කියන්නට

එපා එපා පෙම් දැලේ බැඳෙන්නට ....//

අඬා සුසුම් ලා කම්පා වන්නට //

දොඩා නොරොක් වී බුම්මා ඉන්නට //


රජකම දා ගිය කුමරා සාලිය

මනමාලිය කර ගති හුලවාලිය....//


කුවේණි විජය⁣ට ප්‍රේම ව උන්නා

එදා අපේ රට පාවා දුන්නා...//


සුන්දර සිරි දුව සදහට වාසය....//

පෙම් සැමියෝ ඉර මෙන් විශ්වාසය ....//


ඔප්පු ක⁣ළෝතින් ඒක සැබෑවයි ...//

බස්නාහිර පැත්තෙන් ඉර පායයි ...//


දෙව් ලොව දෙව් සැප වෙයි තිර ප්‍රේමේ

රජවරු පඬිවරු බන්ධන ප්‍රේමේ

සිතුවම කවිකම බිහි කළ ප්‍රේමේ

වන සිවුපාවුන් නළවන ප්‍රේමේ


ගායනය - ඇන්ජලින් ද ලැනරෝල් සමග මල්ලිකා ද සිල්වා

පද - කරුණාරත්න අබේසේකර

තනුව හා සංගීතය - එඩ්වින් සමරදිවාකර


1958 දී තිරගතවූ "දස්කම" චිත්‍රපටියේ ගීයකි.


Saturday, July 25, 2026

කෝලම් මේව තමා දෙවියනේ

කෝලම් මේව තමා දෙවියනේ //

කවුරුත් පිරිමි නේ

සොයලා, මේ කාලෙ සල්ලි බාගෙ කුලේ මලේ බෑ අනේ

කෝලම් මේව තමා දෙවියනේ //


ඉස්සර ආ මහත්තයා කැලේලූ බොලේ

පස්සෙ ආව අඟට තමයි මෙතන දැන් බලේ

කවදා වෙයි ද මඟුල මේ


හාමිනෙ බුම්මාගෙන බකංනිලා ගෙයි

දුව අඬ අඬා ඇඳේ දොයි

දැන් තුන් දොහොක ඉඳන්

නෑ අප්පේ අපේ කටේ බයි


බබම්මෙ මැරෙයි දෝ බයයි

මගෙ බඩෙ පණුවො කෑගසයි

කෝලම් මේව තමා දෙවියනේ //


නෑ ලිප ගිනි මෙලෙව්වෙ

පූසි ලිපේ දොයි

ලිප්ගල භාවනා කරයි


දැන් තුන් දොහොක ඉඳන්

නෑ අප්පේ අපේ කටේ බයි

බබම්මෙ මැරෙයි දෝ බයයි

මගෙ බඩෙ පණුවො කෑගසයි


කෝලම් මේව තමා දෙවියනේ //

කවුරුත් පිරිමි නේ

සොයලා, මේ කාලෙ සල්ලි බාගෙ කුලේ මලේ බෑ අනේ

කෝලම් මේව තමා දෙවියනේ //


ගායනය - ජෙනී වෙන්නප්පා

පද - කරුණාරත්න අබේසේකර

සංගීතය - පී.එල්.ඒ. සෝමපාල


1958 දී තිරගතවූ "දෙයියන්නෙ රටේ" චිත්‍රපටියට නිමවූ ගීයකි.


හින්දි ගී තනුවකි.




ගීයේ සිනමා රූප රාමු

මොකටද කාසි බාගෙ

මොකටද කාසි බාගෙ හොයා තියා //

යනකොට ගෙනියනවද අනේ ඔයා //

මොකටද කාසි බාගෙ හොයා තියා //


වෙනසක්  අපේ නැතේ  එයා කියා මෙයා කියා //

ජකෝලියා කරෝලියා පොරෝලියා 

මොකටද කාසි බාගෙ හොයා තියා //

යනකොට ගෙනියනවද අනේ ඔයා //

මොකටද කාසි බාගෙ හොයා තියා //


මසුරා නොකා නොබී නිදා නාකි වී මැරී යනවා (අරේ වහුවා..

මසුරා නොකා නොබී නිදා නාකි වී මැරී යනවා (ආ හහ හා..

අපි මේ කකා බිබී නටා දැන් මළත් හිනා වෙනවා (ආ ආ ආ.... අආ... ආ...

(හා හහා.. 

අපි මේ කකා බිබී නටා දැන් මළත් හිනා වෙනවා (ආ ආ ආ.... අආ... ආ...


වෙනසක්  අපේ නැතේ  එයා කියා මෙයා කියා //

ජකෝලියා කරෝලියා පොරෝලියා 

මොකටද කාසි බාගෙ හොයා තියා //

යනකොට ගෙනියනවද අනේ ඔයා //

මොකටද කාසි බාගෙ හොයා තියා //

(අත්පොළසන්)


හාවුන්ට මුවන්ට ගෝනුන්ට වෙඩි තියන්න යන්නා වාගේ

හෙමින් හෙමින් අ... අඅ... අ......අ..

මම ගේකට අඅ... 

යන කලට ... අ.හ්හ් හ....

(අත්පොළසන්)

අන්දරේ මැරුණෙ නෑ 

දැන් මෙහේ  

ඉන්නවා 

හොඳ හඬක් ඇහෙනවා  

අන්දරේ මැරුණෙ නෑ

දැන් මෙහේ  

ඉන්නවා 

හොඳ හඬක් ඇහෙනවා  

අන්දරේ මැරුණෙ නෑ


මැරුණෙ නෑ

මැරුණෙ නෑ

මැරුණෙ නෑ

(අත්පොළසන්)


පෝංග දොරේ පෝන්ගෝ

බෙරු ගණන් නොදා පෝන්ගෝ ...//


ඔලගුවේ දාර පිඹුරෝ

බැරි සිල් නොගනින් අබරෝ //


අනෙ පෝංග දොරේ පෝන්ගෝ

බෙරු ගණන් නොදා පෝන්ගෝ ...//


ඔලගුවේ දාර පිඹුරෝ

බැරි සිල් නොගනින් අබරෝ //


ලෝකේ පැද්දෙන පෙරළෙන කාලේ //

ඒකේ... පැද්දෙමු පෙරළෙමු රාලේ //

ඕ... ඕ........


මොකටද කාසි බාගෙ හොයා තියා //

යනකොට ගෙනියනවද අනේ ඔයා //

මොකටද කාසි බාගෙ හොයා තියා //


වෙනසක්  අපේ නැතේ  එයා කියා මෙයා කියා //

ජකෝලියා කරෝලියා පොරෝලියා 

මොකටද කාසි බාගෙ හොයා තියා //


ගායනය - මොහිදීන් බෙග් සහ පිරිස

පද - කරුණාරත්න අබේසේකර

සංගීතය - පී.එල්.ඒ. සෝමපාල


1958 දී තිරගතවූ "දෙයියන්නෙ රටේ" චිත්‍රපටියට නිමවූ ගීයකි.


ඒ සඳහා පහත චිත්‍රපටි ගී ඛණ්ඩ වල නාද මාලා ද යොදා ගෙන ඇත.

"Zindagi Khwaab Hai" - Mukesh (Jagte Raho, 1956)


"Vaanga Machan Vaanga" - P. Leela (Madurari Veeran, 1956)




ගීයේ සිනමා රූප රාමු...


මේ ගීය ඉහතාකාරයෙන් නිමවන්න ඇසුරු කර ගත් ගී දෙක මෙන්න.

1. "Zindagi Khwaab Hai" - Mukesh (Jagte Raho, 1956)




2. "Vaanga Machan Vaanga" - P. Leela (Madurari Veeran, 1956)