Wednesday, September 30, 2026

සිංහල ජාතිය ලොව බැබලේ

සිංහල ජාතිය ලොව බැබලේ

සිංහලයෙහි වැඩෙනා විකුම් පා

සිංහල ජාතිය ලොව බැබලේ


සිංහල ජාතිය ලොව බැබලේ

සිංහලයෙහි වැඩෙනා විකුම් පා

සිංහල ජාතිය ලොව බැබලේ


සිංහ රාජ තෙජ දරාපු සුප්පාදේවී නාමෙ රැඳෙනා ...//


විජය කුමරු හා පිරිවරිනා

සිරිලක දෑ කෙත වගා කළා ...//

තිලොව තිලක හිමි දයා ජලෙන් තෙමු


තිලොව තිලක හිමි දයා ජලෙන් තෙමු

සිංහල ජාතිය ලොව බැබලේ


වීර ජාතියක් වීය පුරුෂ වීරියෙන් එදා සිහලේ

වීර ජාතියක් වීය පුරුෂ වීරියෙන් එදා සිහලේ

දීර සාර ගුණ ධාරී පණ්ඩුකාභයගෙ නාමෙ සුදිලේ


දීර සාර ගුණ ධාරී පණ්ඩුකාභයගෙ නාමෙ සුදිලේ

ස්වර්ණපාලි කුමරිය අත තබලා

කොළ රන් බවට ගියා


ස්වර්ණපාලි කුමරිය අත තබලා

කොළ රන් බවට ගියා


ජාතියේ අගේ ලොව වැඩුණේ

මේ ළඳුන් නිසාමය සිරියා

රුවැති පිනැති දූ වරුන් ජනිත වූ

සිංහල ජාතිය ලොව බැබලේ


ජන්ම භූමියේ සාමකාමයෙන් මගියට හිස දන් දී


ජන්ම භූමියේ සාමකාමයෙන් මගියට හිස දන් දී


ආත්ම ත්‍යාගයෙන් සිරිසඟබෝ රජු

පෑවෙ දැයට වන්දී //


සෝමා දේවී ගිය රථයෙන් බැසලා 

හිමි පෙරමුණට යවා

 

සෝමා දේවී ගිය රථයෙන් බැසලා 

හිමි පෙරමුණට යවා

ජීවිතේ එපා යයි සිතුවා

ඈ ද සිංහලේ නම තැබුවා

රටට දැයට හිත ළඳුන් තමා නිති

සිංහල ජාතිය ලොව බැබලේ


රාජ නාද පෑ ශූර ගාමිණී තෙදැති වීර පුතෙකී //

ජාතිය ආගම හා රට නැංවූ මාහැඟි පිරිමියෙකී

ජාතිය ආගම හා රට නැංවූ මාහැඟි පිරිමියෙකී


ශූර වීර පුතු මෑණියො හින්දා එඩිතර වෙහෙර මහා දේවී


ශූර වීර පුතු මෑණියො හින්දා එඩිතර වෙහෙර මහා දේවී


ජාතියේ අපේ ඉතිහාසේ

වීර ලලනියන් සරසාවී

බැබලි බැබලි ඇත ළඳුනගෙ නාමය


සිංහල ජාතිය ලොව බැබලේ

සිංහලයෙහි වැඩෙනා විකුම් පා

සිංහල ජාතිය ලොව බැබලේ


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සහ ඉන්ද්‍රාණි විජයබණ්ඩාර සහ පිරිස

පද - කරුණාරත්න අබේසේකර

සංගීතය - ආර්. මුත්තුසාමි


1959 දී තිරගතවූ "පුරුෂ රත්නය" චිත්‍රපටියේ ගීයකි.




ගීයේ සිනමා රූප රාමු


No comments: