මිනිසාට මේ ලෝකේ
නැතුවාදෝ තිර වාසේ
හැමදාම පාරේ
කැරකෙනු මිස
මිනිසාට මේ ලෝකේ
නැතුවාදෝ තිර වාසේ .....//
හැමදාම පාරෙ කැරකෙනු මිස
මිනිසාට මේ ලෝකේ
නැතුවාදෝ තිර වාසේ
සූර්ය දෙව් රාජා වටේ යයි
ලෝක බෝලෙ මේ ..//
ලෝකෙ කැරකේ ඒකෙ ඇතුළේ //
ඒ වගේ කැරකේය සැම
මිනිසාට මේ ලෝකේ
නැතුවාදෝ තිර වාසේ
මුහුදෙ රැලි කැරකි හඬාවී
සෝක වී පෙරළී
ලෝ සත ඒ වාගේ කැරකී
සෝ ගිනි මොලවාය නිතී
මිනිසාට මේ ලෝකේ
නැතුවාදෝ තිර වාසේ
අෂ්ට ලෝ ධර්මේ ද කැරකේ
රෝදෙ යනු වාගේ .....//
දුෂ්ට දුදනා ශිෂ්ට සුදනා //
ඒ වගේ කැරකේය ලොව
මිනිසාට මේ ලෝකේ
නැතුවාදෝ තිර වාසේ
හැමදාම පාරෙ කැරකෙනු මිස
මිනිසාට මේ ලෝකේ
නැතුවාදෝ තිර වාසේ
ගායනය - මොහිදීන් බෙග්
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - ආර්. මුත්තුසාමි
1959 දී තිරගතවූ "පුරුෂ රත්නය" චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment