Saturday, September 19, 2026

"දෛවයෝගය" චිත්‍රපටියේ ගීත



1959 වසරේ අප්‍රේල් 18 වැනිදා සිංහල සිනමා වංශකථාවේ 59 වැනි චිත්‍රපටිය ලෙස, "දෛවයෝගය" චිත්‍රපටිය ප්‍රදර්ශනය සඳහා නිකුත් කෙරුණා.


මේ චිත්‍රපටියේ සුවිශේෂී ලක්ෂණ රැසක්ම තියෙනවා.

ඉතා වැඩි ධනස්කන්ධයක් මේ චිත්‍රපටිය සඳහා වැය කර තිබෙනවා. 

එතෙක් ලංකාවේ තැනුණු චිත්‍රපටි සියල්ලටම වාගේ නිෂ්පාදන කටයුතු සිදුවුණේ දකුණු ඉන්දියාවේ වුවත්, මේ චිත්‍රපටිය නිෂ්පාදනය වුණේ එවකට දැවැන්ත හින්දි චිත්‍රපටි නිෂ්පාදනය කෙරුණු උතුරු ඉන්දියාවේ චිත්‍රාගාරයක. ඒ පූනා හී "ප්‍රභාත්" චිත්‍රාගාරයේ.


ගාමිණී ෆොන්සේකා මේ චිත්‍රපටියට ඈඳෙන්නෙ සහාය අධ්‍යක්ෂක වරයෙක් වශයෙන්. 


ඔබට මතක ඇති එදා මෙදා තුර  නිර්මාණය වූ ලොව චිත්‍රපට ලැයිස්තුවේ අදටත් ඉතා ඉහළ තැනක වැජඹෙන, මෙරටදී රූගත කිරීම් වැඩි ප්‍රමාණයක් ඇතුළත් වූ සම්මාන රැසකින් පිදුම් ලැබූ ඩේවිඩ් ලීන්ගේ Bridge on the River Kwai (1957) චිත්‍රපටිය.

මේ චිත්‍රපටියේ දෙවන සහාය අධ්‍යක්ෂක වූයේ ගාමිණී ෆොන්සේකා මහතා. ඒ හුරුකම් ඇතිවයි ඔහු දෛවයෝගය චිත්‍රපටියට එකතු වෙන්නෙ. හැබැයි ඔහු අහඹු ලෙස නළුවෙක් වෙන්නෙ "දෛවයෝගය" චිත්‍රපටියෙන්.


"දෛවයෝගය" චිත්‍රපටියේ ගීත ප්‍රබන්ධය කළ පස් දෙනා අතරින් සරත් විමලවීර පමණයි මීට කලින් ගීත ප්‍රබන්ධකයෙකු ලෙස කටයුතු කර තිබුණේ. අනෙක් හතර දෙනා,


ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

ධර්ම ශ්‍රී කුරුප්පු

හියුබත් දිසානායක

හෙන්රි ධර්මසේන 


හැමදාම මගේ මේ "චිත්‍රපටි ගීත" පෙළේ එන අදාල චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඔබට කියන්නෙ, "සරසවිය" කලා පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ වූ අරුණ ගුණරත්න මහතා.

ඉතින් එතුමාගේ නිෂ්පාදන තොරතුරු මෙහි අග ඇති වීඩියෝව තුළ මනාව විස්තර කෙරෙණ නිසා, මා ඔබට "දෛවයෝගය" චිත්‍රපටියේ අඩංගු වූ ගීත ටික ⁣ඉදිරිපත් කරන්නම්.

සියලුම ගී ස්වතන්ත්‍ර නිර්මානයන්ය.


මෙහි ඇතුළත් සෑම ගීයකම වැඩිමනත් විස්තර සහිත කේවල පළකිරීම "ගී අරණ" අඩවිය තුළ ස්ථාපිතයි.

ගීයේ නාමය (Title) මත ක්ලික් කර ඊට පිවිසිය හැක.


සංගීත අධ්‍යක්ෂණය කළේ හින්දි සිනමාවේ දැවැන්තයෙක් වූ සජාද් හුසේන්.


1. දොයි දොයිය පුතා දොයි දොයි


ගායනය - රුක්මණී දේවි

පද - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ




ගීයේ සිනමා රූප රාමු




ගායනය - රුක්මණී දේවි

පද - ධර්ම ශ්‍රී කුරුප්පු





ගායනය - රුක්මණී දේවි

පද - සරත් විමලවීර




ගීයේ සිනමා රූප රාමු




ගායනය - මොහිදීන් බෙග්

පද - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ




ගීයේ සිනමා රූප රාමු


ගායනය - රුක්මණී දේවි සමග මොහිදීන් බෙග්

පද - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ




ගීයේ සිනමා රූප රාමු


ගායනය - රුක්මණී දේවි

පද - හියුබත් දිසානායක




ගීයේ සිනමා රූප රාමු


ගායනය - මොහිදීන් බෙග් සහ පිරිස

පද - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ





ගාය ණය - මොහිදීන් බෙග් සහ සිරිමතී රසාදරී

පද - හෙන්රි ධර්මසේන




ගීයේ සිනමා රූප රාමු


"දෛවයෝගය" චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝව.

හැමදාම වාගෙ අදත් ඔබට ගෙන එන්නෙ "සරසවිය" කලා පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න මහතා.

No comments: