බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
ජීවිත ගමනේ දෛවයෝගේ
වලකන රුසියා කවුද ලෝකේ ...//
සැප දුකේ සංයෝග වියෝගේ
සැප දුකේ සංයෝග වියෝගේ
හේතුව දෛවයමයි
ප්‍රේම ගඟේ හෝ කඳුළු ගඟේ හෝ
ප්‍රේම ගඟේ හෝ කඳුළු ගඟේ හෝ
පාරුව දෛවයමයි
පාරුව දෛවයමයි
පාරුව දෛවයමයි
පාරුව දෛවයමයි
බසින ජලාසේ කොහේද යන්නේ
කියා කවුද දන්නේ ...//
ගලින් ගලේ හැපිලා ඔහෙ යාවී
ඉඩ ඇති තෝතැන්නේ
සැපට වුණාවේ දුකට වුණාවේ
එළඹෙන දෛවයමයි
නෙළා ගනීදෝ පරවී යාදෝ
නෙළා ගනීදෝ පරවී යාදෝ
නොතකා මල් පිබිදෙයි
සිඳිති බිඳිති අතු මඟ යන මගියෝ
සිඳිති බිඳිති අතු මඟ යන මගියෝ
ගස නම් සෙවණ ම දෙයි
අනුන් නිසා වෙහෙසෙන ජනයාගේ
දෛවය නම් ඒකයි ...//
දෛවය නම් ඒකයි
දෛවය නම් ඒකයි
දෛවය නම් ඒකයි
ආ... ආ........
ආ... ආ........
ගායනය - මොහිදීන් බෙග් සහ පිරිස
පද - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
සංගීතය - සජාද් හුසේන්
1959 දී තිරගතවූ "දෛවයෝගය" චිත්‍රපටියේ ගීයකි.
මේ පැහැයෙන් ගායනා වන පද චිත්‍රපටියේ අඩංගු වූ නමුත් සංරක්ෂිත හඬ ගොනු වල ඇතුළත් නැත.
No comments:
Post a Comment