Showing posts with label නෙලූ අධිකාරි. Show all posts
Showing posts with label නෙලූ අධිකාරි. Show all posts

Tuesday, April 16, 2019

එරබදු මල් පිපිලා

එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි
යළි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි ....//

කොහෝ හඬින් අවදිකරන සිංහල අවුරුද්දේ
රබන් සුරල් හඬ පරදයි රතිඤ්ඤා වෙඩි සද්දේ

කොහෝ හඬින් අවදිකරන සිංහල අවුරුද්දේ
රබන් සුරල් හඬ පරදයි රතිඤ්ඤා වෙඩි සද්දේ

එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි
යළි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි ....//

සුබ නැකතින් කිරි උතුරා සතුටු සිනා මැද්දේ
අපිත් ගයමු මල් වාරම් නැඟ රන් ඔන්චිල්ලේ

සුබ නැකතින් කිරි උතුරා සතුටු සිනා මැද්දේ
අපිත් ගයමු මල් වාරම් නැඟ රන් ඔන්චිල්ලේ

එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි
යළි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි ....//

ගායනය - රජීව් සෙබස්තියන් සහ නෙලූ අධිකාරි
පද - රජීව් සෙබස්තියන්
තනුව - රජීව් සෙබස්තියන්

Sunday, November 19, 2017

අපි ඉන්නම්


අපි ඉන්නම්
ඔබ වෙනුවෙන් හිත් දරන්
රන් වැටක් මෙන් දෙරණේ
ඔබයි අපේ දෙයියෝ

අවියක් අතට ගනු බැරී (ලා..)
සවියක් වන්න පළඳිමි (ලලලල ලාලා..)
රණබිම දසතින් දිනා දෙන්නේ ඔබ තමා
(ලලලල ලා.. ලා...)
අවියක් අතට ගනු බැරී (ලා..)
සවියක් වන්න පළඳිමි (ලලලල ලාලා..)
රණබිම දසතින් දිනා දෙන්නේ ඔබ තමා

යුද මින්දාමල් නාං නට්පුගලෙයි අඩිගිරෝම්
අන්වක පෝරාට්ටම් යෙන් කයිකලිනාල් ඉනගිරෝම්

අපි ඉන්නම්
ඔබ වෙනුවෙන් හිත් දරන්
රන් වැටක් මෙන් දෙරණේ
ඔබයි අපේ දෙයියෝ
ඔබ වෙනුවෙන්
අපි විතරක් නම් නෙවෙයි
රන් කොතක් මෙන් ගුවනේ
දිළෙයි මගෙ දෙයියෝ

දහසක් පහන් දැල්වුණා (ලා..)
සහසක් දෑත් එසවුණා (ලලලල ලාලා..)
නව ඇරුණැල්ලේ පිබිදෙන්නේ ඔබ තමා
(ලලලල ලා.. ලා...)
දහසක් පහන් දැල්වුණා (ලා..)
සහසක් දෑත් එසවුණා (ලලලල ලාලා..)
නව ඇරුණැල්ලේ පිබිදෙන්නේ ඔබ තමා

යුද මින්දාමල් නාං නට්පුගලෙයි අඩිගිරෝම්
අන්වක පෝරාට්ටම් යෙන් කයිකලිනාල් ඉනගිරෝම්

මේ අත්වැල සැම අත දිළිසේවා
විරිය ඇති සිත ඇත් පවුරක් වේවා
මේ අත්වැල සැම අත දිළිසේවා
විරිය ඇති සිත ඇත් පවුරක් වේවා

ගායනය - සේනානායක වේරලියද්ද, නෙලූ අධිකාරි සහ නලින් පෙරේරා
පද - වසන්ත දුක්ගන්නා‍රාළ
තනුව හා සංගීතය - ඉරාජ් වීරරත්න

මෙම ගීය, 2010 වසරේ පැවති සුමති ටෙලි සම්මාන උ‍ළලේ දී
හොඳම ගීත වීඩියෝව ට හිමි සම්මානයෙන් පුද ලැබීය.