Showing posts with label සමන් ලෙනින්. Show all posts
Showing posts with label සමන් ලෙනින්. Show all posts

Monday, October 4, 2021

බට දැල්ල කාලා (කිරිපල්ල)

ජෙහ් ජෙහ් ජෙහෙහ්
ජෙහ් ජෙහ් ජෙහෙහ් වරිවා
පලයන් වයිරෝ.. ඕඕ... හෙහ්

ර්ර්ර්ර්ර්.. චෑහ්

බට දැල්ල කාලා
ඉරවල්ලෙ හිටියා
උඩු තල්ලෙ දත් නැති මේ ගොනා


සීයේ
පිට බෙල්ල කහනා
පිට බෙල්ල කහනා කණ කොක්කු නඩයට
කිනිතුල්ලො මී පැණි වුණා
(හාංහ්...

දරුමල්ලෝ රකිනා (හේ...
කිරිවැදුණු ගොයමට
මයෙ අම්මපල්ලා විණ කළා


දරුමල්ලෝ රකිනා (හා අහ්
කිරිවැදුණු ගොයමට (හා
මයෙ අම්මපල්ලා විණ කළා

ලොකු අම්මා කිව්වා
මයෙ රත්ති කෙල්ලට
කිරිපල්ල පෙන්නල මේ යකා


බට දැල්ල කාලා
ඉරවල්ලෙ හිටියා
උඩු තල්ලෙ දත් නැති මේ ගොනා


වරමන්ද ගහලා (හා අහ්
රන් ගෙජ්ජි දාලා
බරබාගේ බැන්දේ සීයලා


වරමන්ද ගහලා (හේයි
රන් ගෙජ්ජි දාලා (හේ හෙයි
බරබාගේ බැන්දේ සීයලා

කෙවිටෙන් තලාලා
දැන් එලවපල්ලා
නෑ ගමන යන්නේ මේ ගොනා


බට දැල්ල කාලා
ඉරවල්ලෙ හිටියා
උඩු තල්ලෙ දත් නැති මේ ගොනා


හේ හෙයි
හේ හෙයි
හේ හෙයි
හේ හෙයි

හෙයි
හෙයි හෙයියා


හෙයි හෙයියා හෙයියාරේ
හෙයි හෙයියා හෙයියාරේ
හෙයි හෙයියා හෙයියාරේ
හෙයි හෙයියා හෙයියාරේ


(හහ් අපූරුවට තියෙයි

හෙයි
හෙයි හෙයි
හෙයි
හෙයි හෙයි

ර්ර්ර්ර්ර්.. චෑහ්

ගායන කෙළිය - සමන් ලෙනින් සමග රෝහන බැද්දගේ සහ පිරිස
පද ගෙත්තම - සුජීව හෙට්ටිතන්ත්‍රි
නාද සිත්තම - අමිත් ලියනගේ
රූප හරඹ - බණ්ඩාර බෙලිකටිමුල්ල




ගීයේ වීඩියෝව

Sunday, September 22, 2019

කොත්මලේ පිපුණු


කොත්මලේ පිපුණු වනපස මලකි නුඹ නඟේ
හිත් මලේ පිපෙන සක්විත් රජෙකි නුඹ මගේ ...//

හිනැහෙන නුඹ දකිද්දි
පුර හඳ හැංගෙන හැටි අන්න බලන්න
...//

වපුරන කෙත් යායෙදි
වැගිරෙන ඩහදිය මුතු දෙන්න සිඹින්න


මඟුලැතු ඇවිත් අපට
පෙරමඟ සහ පිරිවර අරන් ඔටුන්න
...//

රජ සැප මට කුමටද
නුඹ නැති රජ ගෙදරට එන්න වඩින්න


කොත්මලේ පිපුණු වනපස මලකි නුඹ නඟේ
හිත් මලේ පිපෙන සක්විත් රජෙකි නුඹ මගේ ...//

ගායනය - සමන් ලෙනින් සමග සන්ධ්‍යා විජේසුන්දර
පද - වසන්ත විජේකෝන්
තනුව - ශාමින්ද ආරච්චිගේ


Kothmale Pipuna Wanapasa Malaki - Saman Lenin & Sandya Wijesundara

Friday, September 20, 2019

අපේ පැදුරෙන් මිදී


අපේ පැදුරෙන් මිදී කෙල්ලට
වාසලට යන්නට වුණා

අනේ ඒකිගෙ කැකුළු ඇඟ කඳ
හැම වෙලාවෙම සිහිවුණා
මාලිගාවෙන් අපේ ගෙපැලට
තෑගි බෝගත් හිමිවුණා

දුහුලු සළු පිළි සිහිල් ජල කෙළි
දුවට හිමි බව සැලවුණා
දුවට හිමි බව සැලවුණා

මහා සීගිරි ගලේ මුදුනක
උඹේ රුව සිත්තම් වුණා

එය බලන්නම හොරෙන් හවසක
මාත් එතැනට ගොඩවුණා

කරඬුවක් වගෙ උඹේ උඩුකය
අනෙක් උන් මැද දිලිසුණා

මගේ හුස්මක් ගැටී වෙන්නැති
දුවේ කළුගල හෙළවුණා
දුවේ කළුගල හෙළවුණා

පපුව ටික ටික මෙලෙක් වෙනකොට
එන්න වෙයි මං දන්නවා

උඹේ දූවිලි සුවඳ තැවරුණු
පැදුර තාමත් තියෙනවා

දැනුත් සීගිරි සිංහය
කට ඇරන් ඉන්නවා පේනව
ඒ ඉසව්වෙන් යද්දි මං පොඩි කෙල්ල හංගා ගන්නවා
පොඩි කෙල්ල හංගා ගන්නවා

ගායනය - සමන් ලෙනින්
පද - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
තනුව - දර්ශන රුවන් දිසානායක


Ape Peduren Midee - Saman Lenin

Monday, April 1, 2019

වස් ගීය

දුන්නු තේ එකට
සීනි වෙනුවට
කලපු ලුණු හැන්දක් ම වැටියාන්

දුන්නු තේ එකට
සීනි වෙනුවට
කලපු ලුණු හැන්දක් ම වැටියාන්

ආයුබෝවන් කියන මොහොතේ බුලත් හෙප්පුව බිම පෙරළියන්

කොයි තරම් ලස්ස උනත් මට ඌට මහ වස කැතට පෙනියාන්

කොයි තරම් ලස්ස උනත්
ඌට මහ වස කැතට පෙනියාන්

පරපුරේ පම්පෝරි දොඩවන අම්මගේ කට වචන ගිලියන්
කැස්ස හැදිලා ආත්තම්මට වාත පිත තරඟයට කිපියන්
අයිය පණ්ඩිතයා වෙලාවට නොඑන්නට වාහනේ කැඩියන් 
නොකල හින්දා වැරැද්දක් මට තාත්තට වෙන වැඩක් වැටියන්

මකුළු දැල් නැන්දම්ම දෑසට කිතුල් මල් වාගේම පෙනියන්
නොහොබිනා හරුපයක් කියවී කාගෙ හරි හිත තදට රිදියන් 
ඟුල එහෙනං තීන්දුයි දැන් කීවොතින් හොර කපුව එසැණින්
අළුත් නෑකම් සබා මැද්දේ අනේ ඕකගේ සරම කැඩියන්

අම්මගේ කට වචන ගිලියන්
තාත්තට වෙන වැඩක් වැටියන් 
කාගෙ හරි හිත තදට රිදියන් 
අනේ ඕකගෙ සරම කැඩියන්

මොකක් හරි හේතුවක් හින්දා
අමුඩෙ අමතක වෙලා තිබියන්

දුන්නු තේ එකට
සීනි වෙනුවට
කලපු ලුණු හැන්දක් ම වැටියාන්

ආයුබෝවන් කියන මොහොතේ බුලත් හෙප්පුව බිම පෙරළියන්

කොයි තරම් ලස්ස උනත් මට ඌට මහ වස කැතට පෙනියාන්

කොයි තරම් ලස්ස උනත්
ඌට මහ වස කැතට පෙනියාන් 

කොයි තරම් ලස්සන උනත්
ඌට මහ වස කැතට පෙනියාන්

ගායනය - සමන් ලෙනින් සහ පිරිස
පද - ඩිල්ෂාන් පතිරත්න
සංගීත අදියුරු - සමන් ලෙනින්

Thursday, May 21, 2015

මැතියස් අයියගෙ නාන බාල්දිය


මැතියස් අයියගෙ නාන බාල්දිය

මැතියස් අයියගෙ නාන බාල්දිය පංකාදූ
අම්මප පංකාදු

ගිරිස්මෙ යන්නට වතුර නාන්නට පංකාදූ
අම්මප හරි පංකාදු

වැටකොළු කොස්සේ සැමෝර ගාලා ඇඟ උලපන්
හා හා ඇඟ උලපන්

හොඳ හැටි නාලා සුගතං අයියගෙ තේ බීපං

ඉස් හොරි අරින්න ඇඹුල් උළුහාල් සූජානම්
හා හා සූජානම්
අතුල්ලන්ට පිට පුවක් ගහක් යට හොඳ ගලෙන්
නීල පීත මාල වළලු නේක ජාති පාද සළඹ
පංච වඩන රූප නයන සල්පිල් මැද්දේ

බඳ ලෙළවාලා ඒවි ළමිස්සියො නාගන්ට
හා හා නාගන්ට
හා ඉලන්දාරි එයි ජැන්ඩි පහට ඇඳ රඟ දෙන්ට

මැතියස් අයියගෙ නාන බාල්දිය

මැතියස් අයියගෙ නාන බාල්දිය පංකාදූ
අම්මප පංකාදු
ගිරිස්මෙ යන්නට වතුර නාන්නට පංකාදූ
අම්මප හරි පංකාදු

ගායනය : සමන් ලෙනින් සහ තිස්ස ජයවර්ධන ඇතුළු පිරිස
පද රචනය : සරත් ධර්මසිරි
සංගීතය : ඩෙනිස්ටර් පෙරේරා

ජාතික රූපවාහිනියේ විකාශය වන "සත් පතිනි" ටෙලි නාට්‍යයෙනි.

Monday, March 30, 2015

මහා රාවණා

අපේ බිමේ අතීතේ
අනාගතේ වේ
වීරයා තමා
මහා රාවණා

The springs of the very past
now fall as beautiful waterfalls
Calling Rawana

................
................

සොභා දමේ නිම් තෙර
වලාකුළු හසරැළි
ආදරේ විදා

පියාපතේ දඬුමොණරේ
නැගී ගියා රාවණා
That nature's arisen
‍fascinating clouds
The ocean whispers love
on the wings of the plane
flew Maha Rawana

එදා සුවේ විඳගෙන
කඩා හැලේ දිය ඇලි
රාවණා කියා

සිව් හෙළේම ගලා හැළෙයි
අනාගතේ පෙන්නලා

අපේ බිමේ අතීතේ
අනාගතේ වේ
වීරයා තමා
මහා රාවණා

ගායනය - අමරසිරි පීරිස් සමන් ලෙනින් සහ බෙනී සොෂෙක් (Benni Schaschek)