Showing posts with label එඩ්ගා පෙරේරා. Show all posts
Showing posts with label එඩ්ගා පෙරේරා. Show all posts

Friday, April 5, 2019

සිතුම් පැතුම් පොදි ආදරේ

සිතුම් පැතුම් පොදි ආදරේ බැඳන් ආවේ
ආයාසයකිනි කියන්න බැරි තරමේ
ආයාසයකිනි කියන්න බැරි තරමේ

නිලුපුල් දෙනුවන් දැක ගන්නයි
සුවඳැල් මුහුලස සිප ගන්නයි
සුළැඟිල්ලෙන් ගෙන ලෙලවන්නයි
සිහිලැල් වදනින් සැනසෙන්නයි

සිතුම් පැතුම් පොදි ආදරේ බැඳන් ආවේ
ආයාසයකිනි කියන්න බැරි තරමේ
ආයාසයකිනි කියන්න බැරි තරමේ

ලියගොමු වියනේ මල් පරවී
අතු කොළ වැහැරී බිම වැටිලා
ඔබ ගිය වග සරණෙක බැඳිලා
කවුද කියයි මට කොඳුරාලා

සිතුම් පැතුම් පොදි ආදරේ බැඳන් ආවේ
ආයාසයකිනි කියන්න බැරි තරමේ
ආයාසයකිනි කියන්න බැරි තරමේ
ආයාසයකිනි කියන්න බැරි තරමේ
ආයාසයකිනි කියන්න බැරි තරමේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - එඩ්ගා පෙරේරා
1969 දී නිකුත් කළ "නෙත නොපියා" EP තැටියට ඇතුළත් වූ ගීයකි.
(තැටි අංක Philips JVPC 1069)

මුල් ගීය

පසු කලෙක කළ ගායනයක්

නෙත නොපියා

නෙත නොපියා
වත නොසලා
ඈත අහසේ තාරුකා නැඟේ //

රැය නොගෙවා
ලතවෙනවා
දෑස ඈගේ මා නිසා පෙඟේ //

දෑතෙ ඇඳි රේඛා වැනී
කිසිදා මැකී යා නොදී ....//
පෑ ඔබේ දයාදරේ
ලියවී තිබේ මා හදේ //

නෙත නොපියා
වත නොසලා
ඈත අහසේ තාරුකා නැඟේ //

පෑයු සඳ ඔබ නම් ළඳේ
මාගේ සිතුම් එහි ඇඳේ .....//
ඒ ඔබේ අමා ගී පොතේ
ගීයක් වුණා ජීවිතේ //

නෙත නොපියා
වත නොසලා
ඈත අහසේ තාරුකා නැඟේ //

රැය නොගෙවා
ලතවෙනවා
දෑස ඈගේ මා නිසා පෙඟේ //

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - එඩ්ගා පෙරේරා
1969 දී නිකුත් කළ "නෙත නොපියා" EP තැටියට ඇතුළත් වූ ගීයකි.
(තැටි අංක Philips JVPC 1069)

මුල් ගීය

පසු කලෙක කළ ගායනයක්

නිදිබර සිතුවිලි පුබුදාලා

නිදිබර සිතුවිලි පුබුදාලා
පිනිදිය ගඟුලෙහි නහවාලා
අරුමැසි විසිතුරු පවසාලා
සුමියුරු සත්සර නංවාලා

පිය මැන ආ මඟ මුතු අතුරා
සිහින් රුවන් සොමි කැන් පතුරා ....//
සුරත ගෙන ඇදී
පැමිණි ගමනෙදී
එමට මල් පිපී
නොබැලුවෙමි එබී

නිදිබර සිතුවිලි පුබුදාලා
පිනිදිය ගඟුලෙහි නහවාලා
අරුමැසි විසිතුරු පවසාලා
සුමියුරු සත්සර නංවාලා

පිවිතුරු මා හද ඔබට පුදා
පායන තුරු පසුදින දිනිඳා ....//
ගෙවූ මැදියමේ
තරම උණුසුමේ
ඔබට අමතකයි
මට තව මතකයි

නිදිබර සිතුවිලි පුබුදාලා
පිනිදිය ගඟුලෙහි නහවාලා
අරුමැසි විසිතුරු පවසාලා
සුමියුරු සත්සර නංවාලා

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - එඩ්ගා පෙරේරා
1969 දී නිකුත් කළ "නෙත නොපියා" EP තැටියට ඇතුළත් වූ ගීයකි.
(තැටි අංක Philips JVPC 1069)

මුල් ගීය

පසු කලෙක කළ ගායනයක්

ඔබෙ නිල් නුවන් තලාවේ

ඔබෙ නිල් නුවන් තලාවේ
සැලේ කඳුළු මිදිලා
මට ඒ මැදින් පෙනෙන්නේ
අපේ මතක මැවිලා

ඔය දෑත මාගෙ දෑතේ
සතපා ගෙවූ අතීතේ ...//
දෙදෙනා නොවේද දන්නේ
සිත දැන් තමයි සිතන්නේ

ඔබෙ නිල් නුවන් තලාවේ
සැලේ කඳුළු මිදිලා
මට ඒ මැදින් පෙනෙන්නේ
අපේ මතක මැවිලා

මුලදී වුණේ මුලාවයි
වැරදීම මා අතේමයි  ...//
නොසැලී බලා එදා මෙන්
විඳිමී ඔබේම නාමෙන්

ඔබෙ නිල් නුවන් තලාවේ
සැලේ කඳුළු මිදිලා
මට ඒ මැදින් පෙනෙන්නේ
අපේ මතක මැවිලා

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - කරුණාරත්න අබේසේකර
තනුව - එඩ්ගා පෙරේරා
1969 දී නිකුත් කළ "නෙත නොපියා" EP තැටියට ඇතුළත් වූ ගීයකි.
(තැටි අංක Philips JVPC 1069)

මුල් ගීය

පසු කලෙක කළ ගායනයක්