Showing posts with label අනුර මාගලගේ. Show all posts
Showing posts with label අනුර මාගලගේ. Show all posts

Wednesday, May 13, 2015

හද මාගෙ සනසන්න

හද මාගෙ සනසන්න සඳ රේණුවේ
හිත ගාව ළඟ ඉන්න රෑ සීතලේ
පියඹාලා ළං වෙන්න මේ යාමයේ
පෙම් සිහින සිතුවම් මැවේ ....//

රහසේම සිප ගන්න ආවාද මන්දා
පෙම් සිහින හැඟුමන් හදේ කොඳුරලා
ආදරයේ පෙම් පවස දැනිලාද මන්දා
ඔබෙ ප්‍රේම හැඟුමන් හදේ විසිරිලා
මින්දදගේ හී සරය වැදිලා හදේ
සිත බැඳුනා මගේ
සෙනෙහේ ...

හද මාගෙ සනසන්න සඳ රේණුවේ
හිත ගාව ළඟ ඉන්න රෑ සීතලේ
පියඹාලා ළං වෙන්න මේ යාමයේ
පෙම් සිහින සිතුවම් මැවේ

රෑ අහසෙ තරු රෑන හොරැහින් බලාලා
සඳ තරුද අපෙ පෙමට ඉඟි බිඟි කළා
ඒ සිහිනේ පෙම අපගෙ තරු වාගේ දිලිලා
තරුවයි සඳයි සේම ඉමු එකට බැඳිලා
මින්දදගේ හී සරය වැදිලා හදේ
සිත බැඳුනා මගේ
සෙනෙහේ ...

හද මාගෙ සනසන්න සඳ රේණුවේ
හිත ගාව ළඟ ඉන්න රෑ සීතලේ
පියඹාලා ළං වෙන්න මේ යාමයේ
පෙම් සිහින සිතුවම් මැවේ ...//

ගායනය - කීර්ති පැස්කුවෙල් සහ නිරෝෂා විරාජිනී
පද රචනය - අනුර මාගලගේ
සංගීතය - කසුන් පැස්කුවෙල්