Showing posts with label චන්දන කුරේ. Show all posts
Showing posts with label චන්දන කුරේ. Show all posts

Monday, May 11, 2015

නෙළුම් විලේ පිපුණු

නෙළුම් විලේ පිපුණු
සුවඳ මලේ රුසිරු
ළං වෙන්න නොවේ
දුර යන්න නොවේ
ළං වෙන්න නොවේ
දුර යන්න නොවේ
සුවඳ විහිදා
ඔබව කළඹා
මං තමයි පිපුණේ
සොඳුරු පෙම් උයනේ

නිල් තරුව හිනැහෙන හැන්ඳෑවට
ඇස් වසාගන්න මා එන්නම් අද
හිත සනසන රිදවන කඳුළු කතා මැද
ඇස් අරින්නෙපා මා ඔබ ළඟ නැත

නෙළුම් විලේ පිපුණු
සුවඳ මලේ රුසිරු
ළං වෙන්න නොවේ
දුර යන්න නොවේ
ළං වෙන්න නොවේ
දුර යන්න නොවේ
සුවඳ විහිදා
ඔබව කළඹා
මං තමයි පිපුණේ
සොඳුරු පෙම් උයනේ

සඳ එළිය වැටිලා ඔබෙ මුහුණට
ඔබ හිනැහෙනවානම් ඉන්නම් ළඟ
කළු වළා ඇවිද සඳ වසා දැමු විට
හඬනු එපා තව මමයි ඔබේ සඳ

නෙළුම් විලේ පිපුණු
සුවඳ මලේ රුසිරු
ළං වෙන්න නොවේ
දුර යන්න නොවේ
ළං වෙන්න නොවේ
දුර යන්න නොවේ
සුවඳ විහිදා
ඔබව කළඹා
මං තමයි පිපුණේ
සොඳුරු පෙම් උයනේ

මං තමයි පිපුණේ
සොඳුරු පෙම් උයනේ ...///

ගායනය - නි‍රෝෂා විරාජිනී
පද රචනය - චන්දන කුරේ
තනුව හා සංගීතය - බිලී ප්‍රනාන්දු