Showing posts with label චම්පා කල්හාරී. Show all posts
Showing posts with label චම්පා කල්හාරී. Show all posts

Tuesday, January 31, 2017

ගීතේ කඳු තීරයේ


ගීතේ කඳු තීරයේ
රාව නින්නාද වේ
මාගේ සුසුමන් සිඳී
ජීවේ සුවඳින් පිරේ

ගීතේ කඳු තීරයේ
පාවී පවනේ රැඳේ
මාගෙ සිත ගිම් නිවී
ආයෙ පැතුමන් පිරේ

නීලාකාසේ
පෑයූ හිරු සේ
ඉටුවේ පැතුසේ
සිහි‍නේ දෑසේ

නීලාකාසේ
පෑයූ හිරු සේ
ඉටුවේ පැතුසේ
සිහි‍නේ දෑසේ

ගීතේ කඳු තීරයේ
රාව නින්නාද වේ
මාගේ සුසුමන් සිඳී
ජීවේ සුවඳින් පිරේ

මායිම් නිමාවී සිතු සාගරේ
සෙනෙහේ පිරී යයි සපුරා සුවේ
පවනින් පවා එන සිසිලෙන් ප්‍රියේ
මට දැන් දැනෙන්නේ සුවඳයි ඔබේ

මායා ළතැවුල් වියෝගේ යයි පාවෙලා
දෑසේ හසරැල් සදාලයි ජීවේ පුරා
ආශා විමනේ
නිම් ඉම් සැදුනේ
ආයෙ මට පෑව ඔබෙ ආදරේ

ගීතේ කඳු තීරයේ
රාව නින්නාද වේ
මාගේ සුසුමන් සිඳී
ජීවේ සුවඳින් පිරේ

නීලාකාසේ
පෑයූ හිරු සේ
ඉටුවී පැතුසේ
සිහි‍නේ දෑසේ

නාවත් පුරා සෙවණැලි යා වෙලා
රැඟුමන් රඟාවී තුරු වැල් පවා
මධු චන්ද්‍ර යාමේ සඳු තාරකා
විලියෙන් බලාවී අපගේ දිහා
රාධා ක්‍රිෂ්ණා සොයා ආ මතකේ මවා
ආවේ ඔබ මා පතා මේ සසරේ පුරා

මා හා යාවී
සන්සුන් යාමේ
ආවේ සතපන්න ඒ ප්‍රාර්ථනා

ගීතේ කඳු තීරයේ
රාව නින්නාද වේ
මාගේ සුසුමන් සිඳී
ජීවේ සුවඳින් පිරේ

ගීතේ කඳු තීරයේ
පාවී පවනේ රැඳේ
මාගෙ සිත ගිනි නිවී
ආයෙ පැතුමන් පිරේ

නීලාකාසේ
පෑයූ හිරු සේ
ඉටුවේ පැතුසේ
සිහි‍නේ දෑසේ

නීලාකාසේ
පෑයූ හිරු සේ
ඉටුවේ පැතුසේ
සිහි‍නේ දෑසේ

I love you
I love you
I love you
I love you

I love you
I love you
I love you
I love you

I love you
I love you
I love you
I love you

I love you
I love you
I love you
I love you

හා හා හා..
හ්ම් ම් ම් ම්ම් ...
හෝ ඕ ඕ ඕ....

ගායනය - නීල් වර්ණකුලසූරිය සහ චම්පා කල්හාරි
පද - හේමසිරි හල්පිට
සංගීතය - නීල් වර්ණකුලසූරිය (සන්ෆ්ලවර්ස්)
2003 දී තිරගතවූ සුන්දරයි ආදරේ චිත්‍රපටියේ ගීයකි.

මල් වගෙ ලස්සණ


මල් වගෙ ලස්සණ ලොවකට වෙලා
ලස්සණ ලස්සණ දා
මල් වගෙ ලස්සණ ලොව තනිවෙලා
පැතුමත් දුකක් වෙලා
චේතනා
පාරයි වේදනා
මේ ගී ගායනා
පාරයි වේදනා ....//

මාරුතේ සැලී සැලී
රොන් පිරී පිරී
මල් සිනා දිදී දිදී
කුසුමක් පිබිදීලා
රොන් සොයා ඇදී ඇදී
මල් වනේ පුරා
ගුම් නදින් උදම් වෙවී
බමරෙකු මුණගැසුණා

මල් මදහාසේ
නෑ නෑ දුටුවේ
හඬගා කීවේ
නෑ නෑ ඇසුනේ

මල් වගෙ ලස්සණ ලොවකට වෙලා
ලස්සණ ලස්සණ දා
මල් වගෙ ලස්සණ ලොව තනිවෙලා
පැතුමත් දුකක් වෙලා
චේතනා
පාරයි වේදනා
මේ ගී ගායනා
පාරයි වේදනා

වේදනා සිඳී සිඳී
යා නොදී නොදී
නිල් නෙතින් බලා හිඳී
කිසිවක් ලබන රිසී

කාලයේ මිලාන වී
යා නොදී රැඳී
මල් විලේ පැතුම් පොදී
ඔහු ළඟ නතර වෙතී

මධු කුසලානේ
ඔහුටයි පිරුවේ
නිල් මකරන්දේ
ඔහුටයි පැතුවේ

මල් වගෙ ලස්සණ ලොවකට වෙලා
ලස්සණ ලස්සණ දා
මල් වගෙ ලස්සණ ලොව තනිවෙලා
පැතුමත් දුකක් වෙලා
චේතනා
පාරයි වේදනා
මේ ගී ගායනා
පාරයි වේදනා

ගායනය - චම්පා කල්හාරි
පද - හේමසිරි හල්පිට
සංගීතය - නීල් වර්ණකුලසූරිය (සන් ෆ්ලවර්ස්)

නීල් වර්ණකුලසූරිය ගේ කතාවකට නිර්මානය වූ හා ඔහු විසින් සංගීත අධ්‍යක්ෂණය කරනු ලැබූ සුන්දරයි ආදරේ චිත්‍රපටියේ ගීයකි.

Friday, June 19, 2015

ලෝනා මුනි රාජගේ

ලෝනා මුනි රාජගේ
ශ්‍රී දළදා පෙන්වමී ...//

මාගෙ හිසකේ ගර්භයෙහී//
සඟවාගෙන ආ සාදරෙන්
මාගෙ හිසකේ ගර්භයෙහී

සඟවාගෙන ආ සාදරෙන්
සඟවාගෙන ආ සාදරෙන්

ලෝනා මුනි රාජගේ
ශ්‍රී දළදා පෙන්වමී ...//

අත්ලට ස්‌වාමිගේ වඩවමී //
දාඨාදා අප දියනා ගේ

අත්ලට ස්‌වාමිගේ වඩවමී
දාඨාදා අප දියනා ගේ
දාඨාදා අප දියනා ගේ

ලෝනා මුනි රාජගේ
ශ්‍රී දළදා පෙන්වමී ...//

මුල් ගායනය - ඉවංකා පීරිස්
පද - නීතිඥ චා(ර්)ල්ස් ඩයස්
සංගීතය - වික්ටර් වික්‍රමගේ

නීතිඥ චා(ර්)ල්ස් ඩයස්
 ගේ "හේමමාලී" නෘත්‍යයෙනි.
මේ ගීයේ ගැයුම් කිහිපයකි මේ.

1. චම්පා කල්හාරි
2. සාගරිකා ගෝමස්
3. වසන්තා සන්දනායක (නව සංගීත සංයෝජනයෙන්)


Friday, March 27, 2015

මිහිරිම වසන්තය අරන්

මිහිරිම වසන්තය අරන්
බග සඳ එබෙයි කවුළුවෙන්
දස්කොන් සකි සඳුනේ ඇයිද පමාවා

නිදිගත් කොවුලිඳුට හොරෙන්
සීතල හඳ එළිය යටින්
සක්මන් මළුව සොයා ගෙන මම ආවා

සඳ වතුරෙන් පිරිලා නිල් දිය තිලක මණ්ඩපේ
මුව මී පිරීතිරී වැව් තෙර කුමුදු මල් සැලේ

වාසල මිණිබැඳි දොර නිහඬව නිදන වෙලාවේ
සෙංකඩගලට ඇවිත් මහ රෑ මධුර වසන්තේ

මිහිරිම වසන්තය අරන්
බග සඳ එබෙයි කවුළුවෙන්
දස්කොන් සකි සඳුනේ ඇයිද පමාවා

නිදිගත් කොවුලිඳුට හොරෙන්
සීතල හඳ එළිය යටින්
සක්මන් මළුව සොයා ගෙන මම ආවා

බෝගම්බරින් එපිට හඬනා රෑ කුරුල්ලනේ
ඔබටයි මඟුල් මඩුව හැදුවේ සකි සඳුන් මගේ

කන්දෙන් ඈත රටක හිරුදෙව් නිදන යාමයේ
ඉක්මන් ගමන් මොටද දේවිය ළඟ හිඳින රැයේ

මිහිරිම වසන්තය අරන්
බග සඳ එබෙයි කවුළුවෙන්
දස්කොන් සකි සඳුනේ ඇයිද පමාවා

නිදිගත් කොවුලිඳුට හොරෙන්
සීතල හඳ එළිය යටින්
සක්මන් මළුව සොයා ගෙන මම ආවා

ගායනය - චම්පා කල්හාරී සමග ජානක වික්‍රමසිංහ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - ආනන්ද පෙරේරා ප්‍රමුඛ සිහශක්ති

මෙම ගීය ජාතික රූපවාහිනිය නිෂ්පාදනය කළ මියුරුසර සංගීත වැඩසටහනේ වසන්තයේ ගී රූපවාහිනී විචිත්‍රාංගය වෙනුවෙන් නිර්මානය වූවකි.