ගීතේ කඳු තීරයේ
රාව නින්නාද වේ
මාගේ සුසුමන් සිඳී
ජීවේ සුවඳින් පිරේ
ගීතේ කඳු තීරයේ
පාවී පවනේ රැඳේ
මාගෙ සිත ගිම් නිවී
ආයෙ පැතුමන් පිරේ
නීලාකාසේ
පෑයූ හිරු සේ
ඉටුවේ පැතුසේ
සිහිනේ දෑසේ
නීලාකාසේ
පෑයූ හිරු සේ
ඉටුවේ පැතුසේ
සිහිනේ දෑසේ
ගීතේ කඳු තීරයේ
රාව නින්නාද වේ
මාගේ සුසුමන් සිඳී
ජීවේ සුවඳින් පිරේ
මායිම් නිමාවී සිතු සාගරේ
සෙනෙහේ පිරී යයි සපුරා සුවේ
පවනින් පවා එන සිසිලෙන් ප්‍රියේ
මට දැන් දැනෙන්නේ සුවඳයි ඔබේ
මායා ළතැවුල් වියෝගේ යයි පාවෙලා
දෑසේ හසරැල් සදාලයි ජීවේ පුරා
ආශා විමනේ
නිම් ඉම්
සැදුනේ
ආයෙ මට පෑව
ඔබෙ ආදරේ
ගීතේ කඳු තීරයේ
රාව නින්නාද වේ
මාගේ සුසුමන් සිඳී
ජීවේ සුවඳින් පිරේ
නීලාකාසේ
පෑයූ හිරු සේ
ඉටුවී පැතුසේ
සිහිනේ දෑසේ
නාවත් පුරා සෙවණැලි යා වෙලා
රැඟුමන් රඟාවී තුරු වැල් පවා
මධු චන්ද්‍ර යාමේ සඳු තාරකා
විලියෙන් බලාවී අපගේ දිහා
රාධා ක්‍රිෂ්ණා සොයා ආ මතකේ මවා
ආවේ ඔබ මා පතා මේ සසරේ පුරා
මා හා යාවී
සන්සුන් යාමේ
ආවේ සතපන්න ඒ ප්‍රාර්ථනා
ගීතේ කඳු තීරයේ
රාව නින්නාද වේ
මාගේ සුසුමන් සිඳී
ජීවේ සුවඳින් පිරේ
ගීතේ කඳු තීරයේ
පාවී පවනේ රැඳේ
මාගෙ සිත ගිනි නිවී
ආයෙ පැතුමන් පිරේ
නීලාකාසේ
පෑයූ හිරු සේ
ඉටුවේ පැතුසේ
සිහිනේ දෑසේ
නීලාකාසේ
පෑයූ හිරු සේ
ඉටුවේ පැතුසේ
සිහිනේ දෑසේ
I love you
I love you
I love you
I love you
I love you
I love you
I love you
I love you
I love you
I love you
I love you
I love you
I love you
I love you
I love you
I love you
හා හා හා..
හ්ම් ම් ම් ම්ම් ...
හෝ ඕ ඕ ඕ....
ගායනය - නීල් වර්ණකුලසූරිය සහ චම්පා කල්හාරි
පද - හේමසිරි හල්පිට
සංගීතය - නීල් වර්ණකුලසූරිය (සන්ෆ්ලවර්ස්)
2003 දී
තිරගතවූ සුන්දරයි ආදරේ චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment