Tuesday, January 31, 2017

කොණ්ඩෙ කඩාගෙන


කොණ්ඩෙ කඩාගෙන
පවුඩර් නාගෙන
මොඩ් ගමනින් යන්නේ
ටයි මයි දාගෙන
ඩෙනිමක් ගහගෙන
ලව් එක මේ එන්නේ ...//

සොපියා ලොරෙන් වගේ
මස්කට් දොදොල් වගේ ...//

ඒ කාලේ මං කළ පව් හින්දයි
මගෙ පස්සෙන් එන්නේ ..//

පැණි බේරෙන කොමඩු ගෙඩිය ඩාලිං රෝසා
හැම් බේකන්මද ඔයාට කන්නට ආසා
What you like my summer sweety කැකිරි පලුව tell
I'll give you mango pickle පිට්ටු කෝලිකුට්‍ටු දෙල්
අයියෝ මගේ එන්සි නෝනේ
හින්දා මේ දුවලා උඹ පස්සේ
ඇදුනාවු වලි මාගේ අම්මෝ
දන්නේ ඒ උඩ ඉන්නා ඈයෝ

You are my crasy
චුට්ටක් jelousy ....//

ඉඳල හිටල ගෝරි දාලා යන්න නම් එපා
ගියොතින් එන්න නම් එපා

අපිට ජාති දාන කොල්ලො ඉන්නවා
ඒගොල්ලො අපිව රවටගන්න හදනවා
අපිට ජාති දාන කොල්ලො ඉන්නවා
ඒගොල්ලො අපිව රවටගන්න හදනවා
එන යන නේක කොල්ලො
එන යන හැම ......................
හිත් පිත් වහගෙන එනවා
අපි නෑ බයවෙන්නේ
අපි නෑ හිත දෙන්නේ
ඒගොල්ලො අප්සෙට් වෙනවා

පැලවෙන බොරු කිය කිය
අපිටම කණු තිය තිය
කෙල්ලන්ට බයිල කියනවා
බැරි තැන දුක කිය කිය
කවි සින්දු පොත් ලිය ලිය
අමුතුම මරිසි දානවා

උන්ට ඇහෙනවා ද කියන්න වෙනවා
ඔයගොල්ලො කෙල්ලො රවටගන්න හදනවා

ස්ත්‍රියද පිරිමියද වැඩිය සෝබන
මට ආසයි ඒක හොයන්න
ඔයාද මමද අවලස්සණ
කවුරු ළඟද හොඳ ගතිගුණ
මට ආසයි ඒක හොයන්න

ඕකත් මොන කතාවක්ද අහන්න
වහගෙන උනත් බැරිය කියන්න
ගෑණු තමයි හරි ලස්සණ
පිරිමි තමයි අවලස්සණ
හරිද පණේ මේ අහගන්න

ආ..
ඕකට ඇයි වලි පොලියට ලබන්නේ (ඒකනේ)
අපි මොකටද හිතට හොරා කරන්නේ
අද හවසට පාටි දාමු
සොමියට සොමි බයිල කියමු
එන්න පණේ යන්න යමු අපී (හහ් හහ් හහ් හා..)

අනේ එන්න පණේ යන්න යමු අපී
එන්න පණේ යන්න යමු අපී (හහ් හහ් හහ් හා..)
අද හවසට පාටි දාමු
සොමියට සොමි බයිල කියමු
එන්න පණේ යන්න යමු අපී (හහ් හහ් හහ් හා..)

එන්න ඩලෝ යන්න යමු අපී (හහ් හහ් හහ් හා..)
එන්න ඩලෝ යන්න යමු අපී (හහ් හහ් හහ් හා..)
සොමියට සොමි බයිල කියමු
අද හවසට පාටි දාමු
එන්න ඩලෝ යන්න යමු අපී (හහ් හහ් හහ් හා..)

එන්න ඩලෝ යන්න යමු අපී (හහ් හහ් හහ් හා..)
එන්න ඩලෝ යන්න යමු අපී (හහ් හහ් හහ් හා..)
අද හවසට පාටි දාමු (හහ් හා)
හැමදාමත් පිස්සු දාමු (හහ් හා)
එන්න ඩලෝ යන්න යමු අපී

ගායනය - සන්ෆ්ලවර්ස්
පද - සුනිල් යෝගේන්ද්‍ර
සංගීතය - සන්ෆ්ලවර්ස්
සුන්දරයි ආදරේ චිත්‍රපටියට යොදා ගත් සාද ගීයකි.

No comments: