Showing posts with label ජී.එස්.බී. රාණි පෙරේරා. Show all posts
Showing posts with label ජී.එස්.බී. රාණි පෙරේරා. Show all posts

Saturday, July 25, 2026

මට ඔබ ද අගෙයි

අම්මාගෙ කීම අසලා කිකරු වී ...

ඔහු හැර දා යනවාද ....

මම් පතනා සහකාරයා ලබලා ...

මව් නොතකා යනවාද ....


මට ඔබ ද අගෙයි හැදු මවද මගෙයි 

මාගෙ නෙත් දෙක වාගෙයි 

ඔබ දෙදෙනා 

මෙය විසඳනු බෑ 

දුක උසුලනු බෑ


දෑතින් දකුණ බිඳී ඵල නැත වමතින් 

මාගෙ අම්මට පිටුපාලා ඔබ ලැබුමෙන් 

වෙයිද සැපතක් එයින්


ප්‍රේමේ හින්දා අම්මා 

මා මේ ගින්නෙ දැම්මා

මගෙ නෙත් දෙක වාගෙයි ඔබ දෙදෙනා 

මෙය විසඳනු බෑ 

දුක උසුලනු බෑ

 

අම්මෙ නැතිදෝ ඔබේ 

බාලෙ ඔබ පෙම් කළේ 

ඇයි ද මාගෙ හදවත 

අමු සොහොනක් කළේ 

අයියො මොකෝ මේ කළේ


ප්‍රේමේ බෙදා දෙනු බෑ 

කී දේ මකාලනු බෑ

මගෙ නෙත් දෙක වාගෙයි 

ඔබ දෙදෙනා 

මෙය විසඳනු බෑ 

දුක උසුලනු බෑ


මට ඔබ ද අගෙයි හැදු මව ද මගෙයි 

මගෙ නෙත් දෙක වාගෙයි 

ඔබ දෙදෙනා 

මෙය විසඳනු බෑ 

දුක උසුලනු බෑ


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා

පද - කරුණාරත්න අබේසේකර

තනුව - සී. රාමචන්ද්‍ර

සංගීතය - පී.එල්.ඒ. සෝමපාල


1958 දී තිරගතවූ "දෙයියන්නෙ රටේ" චිත්‍රපටියේ ගීයකි.


1954 දී භාරතයේ තිරගතවූ Nastik හින්දි චිත්‍රපටිය⁣ට ලතා මංගෙස්කාර් ගායනා කළ Tere Phoolon Se Bhi යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



ගීයේ සිනමා රූප රාමු

හින්දි ගීතය

अमृत और ज़हर दोनों हैं सागार में एक साथ

मंथन का अधिकार है सबको, फल प्रभु तेरे हाथ


तेरे फूलों से भी प्यार

तेरे काँटों से भी प्यार

जो भी देना चाहे दे दे करतार

दुनिया के तारन हार

दुनिया के तारन हार

तेरे फूलों से भी प्यार

तेरे काँटों से भी प्यार

जो भी देना चाहे दे दे करतार

दुनिया के तारन हार

दुनिया के तारन हार


चाहे सुख दे या दुख, चाहे खुशी दे या ग़म

चाहे सुख दे या दुख, चाहे खुशी दे या ग़म

मालिक जैसे भी रखेगा वैसे, रह लेंगे हम

मालिक रह लेंगे हम

चाहे हँसी भरा संसार दे, या आँसुओं की धार

जो भी देना चाहे दे दे करतार

दुनिया के तारन हार

दुनिया के तारन हार

तेरे फूलों से भी प्यार

तेरे काँटों से भी प्यार

जो भी देना चाहे दे दे करतार

दुनिया के तारन हार

दुनिया के तारन हार


हम को दोनों हैं पसंद, तेरी धूप और छ्चाँव

हम को दोनों हैं पसंद, तेरी धूप और छ्चाँव

दाता किसी भी दिशा में ले चल, ज़िंदगी की नाव

ले चल ज़िंदगी की नाव

चाहे हमें लगा दे पार, डूबा दे चाहे हमें मंझधार

जो भी देना चाहे दे दे करतार

दुनिया के तारन हार

दुनिया के तारन हार

तेरे फूलों से भी प्यार

तेरे काँटों से भी प्यार

जो भी देना चाहे दे दे करतार

दुनिया के तारन हार

दुनिया के तारन हार


amrit ​​aur zahar donon sagar mein ek saath han

manmath ka adhikar hai abbas, fal prabhu tera haath


tere phoolon se bhi pyar

tere kanton se bhi pyar

jo bhi dena chahe de de kartar

duniya ke taran har

duniya ke taran har

tere phoolon se bhi pyar

tere kanton se bhi pyar

jo bhi dena chahe de de kartar

duniya ke taran har

duniya ke taran haar


chahe sukh de ya dukh, chahe khushi de ya gam

chahe sukh de ya dukh, chahe khushi de ya gam

malik jaise bhi rakhega vaise, rah lenge ham

malik rah lenge ham

chahe hansi bhara sansar de, ya asuon ki dhar

jo bhi dena chahe de de kartar

duniya ke taran har

duniya ke taran har

tere phoolon se bhi pyar

tere kanton se bhi pyar

jo bhi dena chahe de de kartar

duniya ke taran har

duniya ke taran haar


hum ko donon hain pasand, teri dhoop aur chhchaon

ham ko donon hain pasand, teri dhoop aur chhchaon

daata kisi bhi disha mein le chal, zindagi ki nav

le chal zindagi ki nav

chahe hamen laga de par, dooba de chahe hamen manjhadhar

jo bhi dena chahe de de kartar

duniya ke taran har

duniya ke taran har

tere phoolon se bhi pyar

tere kanton se bhi pyar

jo bhi dena chahe de de kartar

duniya ke taran har

duniya ke taran haar


Singer - Lata Mangeshkar

Lyricist - Pradeep (Ramchandra Narayanji Dwivedi)

Music Composer - C. Ramchandra

Movie - Nastik (1954)




"මට ඔබ ද අගෙයි" ගීය "gee arana gee mee යූටියුබ් නාලිකාවේ මෙසේ ස්ථාපිතයි.


Saturday, March 14, 2026

පරමෝත්තම බුදු පියේ

ආ... ආ... ආ... ආ... ආආ අඅඅඅ ආ
අඅඅඅ ආ... ආ......

පරමෝත්තම බුදු පියේ විරාගී


පරමෝත්තම බුදු පියේ මගේ මේ

පරමෝත්තම බුදු පියේ මගේ මේ

පරමෝත්තම බුදු පියේ


භව දුක සින්දන

කරුණා නන්දන ....

තුන් ලෝ දිණු බුදු පියේ 

ඕ... ඕ... ඕ...

තුන් ලෝ දිණු බුදු පියේ මගෙ මේ

පරමෝත්තම බුදු පියේ විරාගී


පෙර ආත්මේහී මා පව්කාරී //

ඒ කර්මෙන් මා වුණාභිසාරී //

ඔබ හැර කෝ මට පිහිටක් ලොකේ //

දිනේශ්වර බුදු පියේ

ඕ.. දිනේශ්වර බුදු පියේ විරාගී

පරමෝත්තම බුදු පියේ


අසරණ සරණ වු මෛත්‍රී නිධානේ //

කරණා සාගර දයා විමානේ //

ජාති දුකෙන් මා මුදා දමාලා //


පිහිටක් වෙනු බුදු පියේ

පිහිටක් වෙනු බුදු පියේ දයාලූ

දිනේශ්වර බුදු පියේ විරාගී

පරමෝත්තම බුදු පියේ


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා

පද - සිරිසේන විමලවීර

සංගීතය- ටී.එෆ්. ලතීෆ්


1957 දී තිරගවූ "සිරකරුවා" චිත්‍රපටියේ ගීයකි.


තනුව හින්දි හෝ දමිළ ගීයකින් උපුටා ගනු ලැබූවකි.



"ගී අරණ ගී මී" යූටියුබ් නාලිකාවේ ඉහත ගීය මෙලෙසින් ස්ථාපිතයි.

Friday, March 13, 2026

දලු ලාපු ගහේ

දලු ලාපු ගහේ 
මල් පිපෙන හැඩයි

සුදටයි රතටයි

මම රෑ දුටු හීනෙ හැබැයි

මම රෑ දුටු හීනෙ හැබැයි ....//


පෙම් සිහින මවා පෙම් කූඩු බැඳා


පෙම් සිහින මවා පෙම් කූඩු බැඳා

ඇයි පෙම් සිත පාරල ගියෙ පිටි පා

ඇයි පෙම් සිත පාරල ගියෙ පිටි පා


ආ ආ.. ඕ..ඕ.. ඕ....ඕ..


එයා බොහොම රතුයි 

මම හොඳට සුදුයි ...//

ගිරවයි ගිරවියි වගෙ

දෙන්නම කෝඩු තමයි

අපි දෙන්නම කෝඩු තමයි


දලු ලාපු ගහේ මල් පිපෙන හැඩයි

සුදටයි රතටයි

මම රෑ දුටු හීනෙ හැබැයි

මම රෑ දුටු හීනෙ හැබැයි


ඔබෙ සැපත තමා 

මගෙ සැපත සිතා


ඔබෙ සැපත තමා 

මගෙ සැපත සිතා


මා වැළපෙමි වියෝ ගිනි කඳුළු පෙරා //

හා... ඕ... ඕ... ඕ...


අපි දෙන්න හොඳයිදෙන්නම කැකුළුයි

ලැජ්ජයි ආයි ආයි හිත

ටික් ටික් ගාල නටයි

හිත ටික් ටික් ගාල නටයි


දලු ලාපු ගහේ මල් පිපෙන හැඩයි

සුදටයි රතටයි

මම රෑ දුටු හීනෙ හැබැයි


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා

පද - සිරිසේන විමලවීර

සංගීතය- ටී.එෆ්. ලතීෆ්


1957 දී තිරගවූ "සිරකරුවා" චිත්‍රපටියේ ගීයකි.


තනුව හින්දි හෝ දමිළ ගීයකින් උපුටා ගනු ලැබූවකි.




ඉහත ගීය "ගී අරණ ගී මී" යූටියුබ් නාලිකාවේ මෙලෙස ස්ථාපිතයි.

ලෝ පාලන ශ්‍රී විෂ්ණු

ලෝ පාලන ශ්‍රී විෂ්ණු දෙවියනේ .....
ඇයිදෝ නෙත් යොමවා ...   

නොබලන්නේ ....


ලෝ පාලන ශ්‍රී විෂ්ණු දෙවියනේ

ඇයිදෝ නෙත් යොමවා නොබලන්නේ

මෙහෙමද ඔබ මේ ලෝකෙ රකින්නේ

කෝ ඔබෙ තෙද බල ඇයි නොයොදන්නේ


මතු බුදුවේ ඔබ මතු බුදු වේවා

ඒ ගැතියා අහො සුවකර දේවා

ලෝ පාලන ශ්‍රී විෂ්ණු දෙවියනේ

විෂ්ණු දෙවියනේ

විෂ්ණු දෙවියනේ


රන මයුරාසන නැගි රණසූරා

රෝහණ අධිපති ස්කන්ධ කුමාරා


රන මයුරාසන නැගි රණසූරා

රෝහණ අධිපති ස්කන්ධ කුමාරා


පා කරුණා යොමවා දිව නේත්‍රා

රෝග නිවා සුවපත් කර දේවා


ලෝ පාලන ශ්‍රී විෂ්ණු දෙවියනේ

ඇයි දිව නෙත් යොමවා නොබලන්නේ


බුද්ධාංකුර වූ ඔබ බුදු වේවා

ඒ ගැතියාගේ දුක නැති වේවා  .....//


ජය ජය ජය ශ්‍රී විෂ්ණු දෙවියනේ

ජය ජය ජය ශ්‍රී විෂ්ණු

ඒ මෛත්‍රි ප්‍රේම කරුණා ගුණධාරී


බුද්ධාංකුර ශ්‍රී විෂ්ණු දෙවියනේ

ඇයි දිව නෙත් යොමවා නොබලන්නේ....

විෂ්ණු දෙවියනේ .....


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා

පද - සිරිසේන විමලවීර

සංගීතය- ටී.එෆ්. ලතීෆ්


1957 දී තිරගවූ "සිරකරුවා" චිත්‍රපටියේ ගීයකි.


තනුව හින්දි හෝ දමිළ ගීයකින් උපුටා ගනු ලැබූවකි.




ඉහත ගීයට තනුව උපුටා ගත්තේ කුමන ගීයකින් දැයි තහවුරු කරගත් පසු ඉදිරිප් කරන්නම්.

පහත ඇත්තේ, "ගී අරණ ගී මී" යූටියුබ් නාලිකාවේ ස්ථාපිත අදාල ගීයයි.

Monday, March 2, 2026

ප්‍රේමේ මෝරන කාලේ

ප්‍රේමේ මෝරන කාලේ
මේ සිදුවූ දේ දේ වේදනා ...//

මා හද සෝකේ

දේ සැමදා මේ

නෑ සැපතා ප්‍රේම රාජාණනේ

මායාවකී මේ ප්‍රේමේ අපේ //


ආදරී මගේ සුරංගනී

ඔබයි මගේ මමයි ඔබේ

මෙ ලෝකෙ නෑ වෙනින් සැපා ...//

ආදරී


ප්‍රේමේ පූජිත වූ මේ

පෑ හද ආලේ මා කෝ සුදා ...//


දෑසට වාගේ

පෑ මට ආලේ

ප්‍රේමයෙ රාජා කෝ මාගේ ....//

මා සනසාලා දෙවා ආදරේ

ඇයි මා සොයලා නාවේ අනේ

ඇයි මා සොයලා නාවේ අනේ


ප්‍රේමේ මෝරන කාලේ

මේ සිදුවූ දේ දේ වේදනා


ප්‍රේමේ පූජිත වූ මේ

පෑ හද ආලේ මා කෝ සුදා


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සමග ධර්මදාස වල්පොල

පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා

සංගීතය - ටී.ආර්. පාපා


1956 දී තිරගතවූ "සුරතලී" චිත්‍රපටියේ ගීයකි.


තනුව ඉන්දියානු චිත්‍රපටි ගීයකින් උපුටා ගන්නට ඇත.



"ගී අරණ ගී මී" යූටියුබ් නාලිකාවේ ඉහත ගීය මෙසේ ස්ථාපිතයි.

පෙමේ ගී ගයා විනෝදේ

ආඅ ආඅ ආඅ අඅආ...
ආඅ ආඅ ආඅ අඅආ...

හො හෝ... ප්‍රේමේ

හො හෝ... ගීතේ

හො හෝ...  ඔ ඕ ඔඕ..ප්‍රේමේ


පෙමේ ගී ගයා විනෝදේ

සොරා මා'දරේ රසේ

පිදූවා මගේ සුදා

ආලේ හදේ


හෝ... ඕ.. ඕ.. ආලේ හදේ ....//


පෙමින් මත් කුසුම් සිනාසේ

සැලේ මාරුතේ


පෙමින් මත් කුසුම් සිනාසේ

සැලේ මාරුතේ

කැදැල්ලේ කිරිල්ලිගේ

මැවේ පෙම්වතා සුරූපේ

මැවේ පෙම්වතා සුරූපේ


සදා ප්‍රේම ලෝකයේ

සැපා දේවි ජීවිතේ ...//


ආ.. ආ.. ආ.... අඅආ...


පෙමේ ගී ගයා විනෝදේ

සොරා මා'දරේ රසේ

පිදූවා මගේ සුදා

ආලේ හදේ

හෝ... ඕ.. ඕ.. ආලේ හදේ


පෙමේ මල් නෙළා ගොතාලා

ගෙලේ ලා ඔබේ (ඒ..ඒ..


පෙමේ මල් නෙළා ගොතාලා

ගෙලේ ලා ඔබේ (ඒ..ඒ..


සුදෝ ප්‍රේම ගී ගයා

පියඹා එමී සොයාලා

පියඹා එමී සොයාලා ....//


ගැලීලා සදා සැපේ

විඳීමූ අමා රසේ ...//


ආ.. ආ.. ආ.... අඅආ...


පෙමේ ගී ගයා විනෝදේ

සොරා මා'දරේ රසේ

පිදූවා මගේ සුදා

ආලේ හදේ

හෝ... ආලේ හදේ


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සහ පිරිස

පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා

සංගීතය - ටී.ආර්. පාපා


1956 දී තිරගතවූ "සුරතලී" චිත්‍රපටියේ ගීයකි.


තනුව හින්දි හෝ වෙනත් ඉනදීය සිනමා කෘතියක ගීයකින් උපුටා ගැනුණු එකකි.



"ගී අරණ ගී මී" යූටියුබ් නාලිකාවේ මේ ගීය මෙලෙස ස්ථාපිතයි.