ඒ.. හෝ...
ඒ.. හෝ...
ඒ.. හෝ...
ඒ.. හෝ..
පොතට පතට ඇලිල ගැලිල හිටිය කාලෙ ඉවරය
අපි පාස් ... (පාස්)
පොතට පතට ඇලිල ගැලිල හිටිය කාලෙ ඉවරය
අපි පාස් ... (පාස්)
පෙමට කැමති තරුණ කමද
පොතට පුදල ඉවරයි
අපි පාස්.... (පාස්)
පෙමට කැමති තරුණ කමද
පොතට පුදල ඉවරයි
අපි පාස්... (පාස්)
නෑ මකුණො මරන්නේ
බඩ පණුවො අඬන්නේ
තේ කෝපි හොයන්නේ
නෑ කිරා වැටෙන්නේ
නෑ මකුණො මරන්නේ
බඩ පණුවො අඬන්නේ
තේ කෝපි හොයන්නේ
නෑ කිරා වැටෙන්නේ
ප්‍රොක්ටර් වෙනවා බොරු හදනවා
දොස්තර වෙනවා මිනී මරනවා
ඇමති වෙනවා රට රකිනව මං
පාස්
ගම්බද ගම හාමිනේ ද කුස්සියේ ඉන්නේ
දැන් අපි බීඒ ගසාල මොටද උයන්නේ
ගම්බද ගම හාමිනේ ද කුස්සියේ ඉන්නේ
දැන් අපි බීඒ ගසාල මොටද උයන්නේ
පොලිසි බැඳිලා රවුමේ යනවා
ස්ටුඩියෝ යනවා නිළියෝ වෙනවා
මටද ඇමතිකම් ඔබිනවා
දැන්
පාස්
අපි අද ජයගත්තේ
බැරි වුණු අය ඇත්තේ
කොහොමද කිරි අප්පේ
ඒ ගොල්ලගේ තත්තේ
අපි අද ජයගත්තේ
බැරි වුණු අය ඇත්තේ
කොහොමද කිරි අප්පේ
ඒ ගොල්ලගේ තත්තේ
පාස් නෑ
ෆේල් නෑ
හෙනහුරා අපේ ගුරා ...//
නිදිමරා නැහැ පලක් වෙලා
ගඟේ ඉණි කපා වගේ ...//
ඒ .. හෝ...
ඒ.. හෝ...
ඒ.. හෝ...
ඒ.. හෝ...
ඒ.. හෝ.....
ගායනය - එඩී යාපා, ජී.එස්.බී. රාණි පෙරේරා සහ පිරිස
පද - ඩබ්. බෙනඩික් ප්‍රනාන්දු
සංගීතය - ආර්. මුත්තුසාමි
1959 දී තිරගතවූ "පුරුෂ රත්නය" චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment