Showing posts with label තිලක් රත්නායක. Show all posts
Showing posts with label තිලක් රත්නායක. Show all posts

Thursday, April 2, 2015

කලා වැවේ දිය ගැඹරේ

කලා වැවේ දිය ගැඹරේ
සැලෙන සලා රැඟුම් බලයි
අව්කන බුදු පිළිම වහන්සේ
නිසල නෙතින් බැලුම් බලා
නිහඬ මුවින් බණක් කියයි
අව්කන බුදු පිළිම වහන්සේ

ප්‍රඥාවේ යුග නගුලෙන්
ලොවේ කෙතේ සී සෑවා ...//
ශ්‍රද්ධාවේ බිජු වටයෙන්
විමුක්තියේ ඵල නෙලුවා

කලා වැවේ දිය ගැඹරේ
සැලෙන සලා රැඟුම් බලයි
අව්කන බුදු පිළිම වහන්සේ

කසී බමුණ මේ ගොවිතැන
බුදුන් අතින් ඉටු කෙරුණා ...//
එදා දෙසූ අමා දහම
නිහඬ මුවින් පැවසෙනවා

දිවා එළියෙ දියඹ වෙතින්
නැගෙන කිරණ විහිද වඳී
අව්කන බුදු පිළිම වහන්සේ

කලා වැවේ දිය ගැඹරේ
සැලෙන සලා රැඟුම් බලයි
අව්කන බුදු පිළිම වහන්සේ

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - මහාචාර්ය තිලක් රත්නායක
තනුව - ඩී.ආර්. පීරිස්