Showing posts with label හර්ෂණ දිසානායක. Show all posts
Showing posts with label හර්ෂණ දිසානායක. Show all posts

Thursday, June 11, 2020

පින් බිමයි


පින් බිමයි සම්බුදු පා පහසින් බැබලෙනා
පුද බිමයි සිව් වරම් දෙවිඳුන් සුරකිනා
දේශයයි වැජඹෙමින් දිගු කල් පවතිනා
ආඩම්බරයි ලක් මවුනි සදා සුව ගෙන දෙනා

දීපයයි පිට රටුනගෙ නෙත් සිත් බබළනා
නිජ බිමයි තෙද විකුමැති විරුවන් බිහිවෙනා
යුද බිමයි නිබඳ ජයසෙන් ලබමිනා
පින්බරයි සදා ඔබ දිදුලනා

රන් කෙතයි රන් වනින් කරල් පූදිනා
නිල් දියවරයි පින්සාර දනන් අම සුව දෙනා
සිල් සුවඳමැයි භව සසර දම් සුවඳ පතුරනා
ලක් මෑණියයි හෙට පිපෙන කැකුළු හැම සුරකිනා

පින් බිමයි සම්බුදු පා පහසින් බැබලෙනා
පුද බිමයි සිව් වරම් දෙවිඳුන් සුරකිනා
දේශයයි වැජඹෙමින් දිගු කල් පවතිනා
ආඩම්බරයි ලක් මවුනි සදා සුව ගෙන දෙනා

ගායනය - හර්ෂණ දිසානායක
පද - ඉරේෂා රත්නායක සමග හිමෙෂලා ගංගාධරී * 
තනුව හා සංගීතය - හර්ෂණ දිසානායක
* මේ දෙදෙනාම නවසීලන්තයේ සිටි සිංහල දරුවන් දෙදෙනෙක්.
ඉරේෂා දැන් සිටින්නෙ ජර්මනියෙ. ඇය දැන් වෙෙද්‍යවරියක්.
හිමෙෂලා දැනටත් නවසීලන්තයේ. ඇය උපාධිදාරී ගණිත ගුරුවරියක්.

Wednesday, January 16, 2019

ඉරෙන් හඳෙන් එළිය අරන්

ඉරෙන් හඳෙන් එළිය අරන්
ගහෙන් වැලෙන් සුවඳ අරන්
ඇලෙන් දොලෙන් සිසිල අරන්

අපට සැදුණු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාළුවේ ....//

සමනළ තටු සිඳින්නෙපා
පාට මැකී යයි දේදුන්නේ
ගහ වැල සිඳ දමන්නෙපා
පොළව දැවී යයි ඉර ගින්නේ

අපට සැදුනු අපේ ලෝකයේ
සතුට සදා රකිමු යාළුවේ ....//

ඉරෙන් හඳෙන් එළිය අරන්
ගහෙන් වැලෙන් සුවඳ අරන්
ඇලෙන් දොලෙන් සිසිල අරන්

අපට සැදුණු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාළුවේ ....//

නටා ගයන බටිති මලිත්තෝ
අපා දෙපා සිවුපා ඇත්තෝ
ඉරේ හඳේ ගහේ වැල්
අපි වගේම උරුමය ඇත්තෝ

අපට සැදුණු අපේ ලෝකයේ
සතුට බෙදා ගනිමු යාළුවේ ....//

ඉරෙන් හඳෙන් එළිය අරන්
ගහෙන් වැලෙන් සුවඳ අරන්
ඇලෙන් දොලෙන් සිසිල අරන්

අපට සැදුණු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාළුවේ
අපට සැදුණු අපේ ලෝකයේ
සතුට සදා රකිමු යාළුවේ
අපට සැදුනු අපේ ලෝකයේ
සතුට බෙදා ගනිමු යාළුවේ

ගායනය - හර්ෂණ දිසානායක
පද - සෝමරත්න දිසානායක
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
2004 වසරේදී තිරගතවූ සූරිය අරණ චිත්‍රපටියට නිර්මාණය වූ ගීයකි.

Sunday, January 13, 2019

පිච්ච කැකුළු


පිච්ච කැකුළු මල් මාලය කොණ්ඩෙ පළන්ඳා
සුවඳට වැල්ල දිගේ කෝවිල් ගිය තංගමනී නංගියේ

අම්ම අප්ප කොයි ගිහින්  ඇයි තනියම පන්සලේ
අර සුවඳ හමන පිච්ච කැකුළු කෝ අද උඹෙ කොන්ඩයේ

අම්ම අප්ප ගියා උදෙන් වැඩට (වෙඩට) මාළු වාඩියෙ
මහ මුහුද ඇවිත් (එවිත්) දෝරෙ ගියා වාඩියවත් නෑ (නේ) එහේ

වෙච්ච කරච්චල් (කෙරච්චල්) කියන්න සාමිත් නෑ (නේ) කෝවිලේ
ලොකු හාමුදුරුවො අපට ඇවිත් (එවිත්) ඉන්න කීව පංසලේ

කැඩිච්ච කෝවිල හදන්න ටික දවසක් යයි නගේ
අපි බුදු සාදුට වැඳල අහමු අම්ම අප්ප ගැන නුඹේ
මෙච්චර කල් කවදාවත් පන්සලකට නෑ (නේ) ගියේ
අපි හැමදාමත් (හෙමදාමත්) දුක කීවේ දෙවියන්ටයි කෝවිලේ

දෙවියො බුදුන් කාටත් දුක තේරෙනවා එක වගේ
අපි බුදුසාදුට වැඳල පස්සෙ කෝවිලටත් යමු නගේ

ඒනම් මට කියා දෙන්න වඳින විදිය පන්සලේ
බුදු සාදුට පූජා කරන්න පිච්ච මලක් නෑ (නේ) අතේ
අත්පොඩි දෙක එකට තියල වඳින ලෙසම කෝවිලේ
සුදු අරලිය මල් පූජ කරමු ඒවත් සුවඳයි නගේ …//

ගායනය - හර්ෂණ දිසානායක සහ කස්තුරි සූරියකුමාර්
පද රචනය - සෝමතිලක දිසානායක
තනුව - අාචාර්ය රෝහණ වීරසිංහ

Friday, January 27, 2017

මධුර වසන්තේ


මධුර වසන්තේ
සතර දිගන්තේ

මධුර වසන්තේ
සතර දිගන්තේ

බමර බමරියන් (නද දෙන)
මොනර මොනරියන් (රඟ දෙන)
මධුර වසන්තේ

කිඳුරු කිඳුරියන් (නැළවෙන)
කුමර කුමරියන් (හමුවන)
මධුර වසන්තේ

මධුර මධුර මධුර මධුර මධුර වසන්තේ

සලෙල මතයි
බමන ගතයි
තුඩග තුඩග මදන බසයි
ගතට විසයි නෙතට රහයි
මතට වසයි තිතට තිතයි
සුර ලොව නම් මනු ලොවමයි

ස රි සනි ස
රිම රිසරි
ස රි සනි ස රිම රිසරි
රි ම පනි පම පනි සරි පනි ස
සනිපම නිපම රි පමරි ස

ප්‍රියේ කොහිද ඔබ
ප්‍රියේ කොහිද ඔබ ඇවිත් වසන්තය
ඔබ නැති පෙම් හද දෙවෙලේ
පුදසුන වෙත එනු දෙවිඳේ

මල්සර නෑ
කොහෙ ගිහිං ද
නොවිදින්නේ අප දිහාට
හඅ අඅ අඅ අඅ අඅ
රතී සමග රති කෙළියේ
සිහියක් නෑ මල්සරාට

දීන් තනන නන
දෝන් තනන නන
දීන්ත දෝන්ත නෝන් තනන නන
දීන්ත දීන්ත නෝන්ත නෝන් තනන නන

ප්‍රියේ කොහිද ඔබ
ප්‍රියේ කොහිද ඔබ ඇවිත් වසන්තය

ගල්වා රසඳුන් නයනේ
දල්වණු රන් සිළු පහනේ

මධුර වසන්තේ
සතර දිගන්තේ

මධුර වසන්තේ
සතර දිගන්තේ

බමර බමරියන් (නද දෙන)
මොනර මොනරියන් (රඟ දෙන)
මධුර වසන්තේ

කිඳුරු කිඳුරියන් (නැළවෙන)
කුමර කුමරියන් (හමුවන)
මධුර වසන්තේ

මධුර මධුර මධුර මධුර මධුර වසන්තේ

ගායනය - නිරෝෂා විරාජිනී, උරේෂා රවිහාරි, හර්ෂණ දිසානායක, බන්දුල විජේවීර, මහින්ද පතිරගේ
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

කුස පබා සිනමා කාව්‍යයේ නද දුන් වගයි.

Monday, January 23, 2017

ඉරෙන් හඳෙන්


ඉරෙන් හඳෙන් ... එළිය අරන් ...
ගහෙන් වැලෙන් ... සුවඳ අරන් ...
ඇලෙන් දොලෙන් .... සිසිල අරන් ...

අපට සැදුණු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාළුවේ ...//

හෝ ... ඕ .. ඕ .. ඕ ..

සමනල තටු සිඳින්නෙපා
පාට මැකී යයි දේදුන්නේ
ගහවැල සිඳ දමන්නෙපා
පොළොව දැවී යයි ඉර ගින්නේ

අපට සැදුණු අපේ ලෝකයේ
සතුට සදා රකිමු යාළුවේ ..//

ඉරෙන් හඳෙන් ... එළිය අරන් ...
ගහෙන් වැලෙන් ... සුවඳ අරන් ...
ඇලෙන් දොලෙන් .... සිසිල අරන් ...

අපට සැදුණු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාළුවේ ...//

හෙයි හෙයි හෙයි හෙයි ...
හෙයි හෙයි හෙයි හෙයි ...

හෝ ... ඕ .. ඕ .. ඕ ..

නටා ගයන බටිති මලිත්තෝ
අපා දෙපා සිව්පා ඇත්තෝ
ඉරේ හඳේ ගහේ වැලේ
අපි වගේම උරුමය ඇත්තෝ

අපට සැදුණු අපේ ලෝකයේ
සතුට බෙදා ගනිමු යාළුවේ..//

ඉරෙන් හඳෙන් ... එළිය අරන් ...
ගහෙන් වැලෙන් ... සුවඳ අරන් ...
ඇලෙන් දොලෙන් .... සිසිල අරන් ...

අපට සැදුණු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාළුවේ

අපට සැදුණු අපේ ලෝකයේ
සතුටු වෙලා ඉඳිමු යාළුවේ

අපට සැදුණු අපේ ලෝකයේ
සතුට බෙදා ගනිමු යාළුවේ

ගායනය - හර්ෂණ දිසානායක සහ ළමා පිරිස
පද - සෝමරත්න දිසානායක
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

සූරිය අරණ චිත්‍රපටියේ ගීයකි.