Wednesday, January 16, 2019

ඉරෙන් හඳෙන් එළිය අරන්

ඉරෙන් හඳෙන් එළිය අරන්
ගහෙන් වැලෙන් සුවඳ අරන්
ඇලෙන් දොලෙන් සිසිල අරන්

අපට සැදුණු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාළුවේ ....//

සමනළ තටු සිඳින්නෙපා
පාට මැකී යයි දේදුන්නේ
ගහ වැල සිඳ දමන්නෙපා
පොළව දැවී යයි ඉර ගින්නේ

අපට සැදුනු අපේ ලෝකයේ
සතුට සදා රකිමු යාළුවේ ....//

ඉරෙන් හඳෙන් එළිය අරන්
ගහෙන් වැලෙන් සුවඳ අරන්
ඇලෙන් දොලෙන් සිසිල අරන්

අපට සැදුණු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාළුවේ ....//

නටා ගයන බටිති මලිත්තෝ
අපා දෙපා සිවුපා ඇත්තෝ
ඉරේ හඳේ ගහේ වැල්
අපි වගේම උරුමය ඇත්තෝ

අපට සැදුණු අපේ ලෝකයේ
සතුට බෙදා ගනිමු යාළුවේ ....//

ඉරෙන් හඳෙන් එළිය අරන්
ගහෙන් වැලෙන් සුවඳ අරන්
ඇලෙන් දොලෙන් සිසිල අරන්

අපට සැදුණු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාළුවේ
අපට සැදුණු අපේ ලෝකයේ
සතුට සදා රකිමු යාළුවේ
අපට සැදුනු අපේ ලෝකයේ
සතුට බෙදා ගනිමු යාළුවේ

ගායනය - හර්ෂණ දිසානායක
පද - සෝමරත්න දිසානායක
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
2004 වසරේදී තිරගතවූ සූරිය අරණ චිත්‍රපටියට නිර්මාණය වූ ගීයකි.

No comments: