Wednesday, January 16, 2019

පොල්පිති වස්සා

අමු පොල්පිත්තක් කපලා
පොල්කට්ටෙන් අං තියලා
පොල්පිති වස්සෙක් හැදුවා
අපේ හඳයා වාගේ .....//

හුනු කෑල්ලකින් නළලේ
පොඩි ලස්සණ හඳ ඇන්දා .....//

බෙල්ලේ ලනුවක් බැඳලා
දක්කනවා වත්තේ .....//

වත්ත පහළ තණ ගොල්ලේ
තණකොළ කපලා දුන්නා .....//

ඇලට ගිහිං වෙල අයිනේ
වතුරත් බොන්නට දුන්නා .....//

යමුද ඉතිං එක පිම්මේ
අස්ස ගුඩුං කියලා .....//

වත්ත වටේ අපි දෙන්නා
උඩින උඩින් අඩි තියලා .....//

අමු පොල්පිත්තක් කපලා
පොල්කට්ටෙන් අං තියලා
පොල්පිති වස්සෙක් හැදුවා
අපේ හඳයා වාගේ .....//

ගායනය - අඥාතයි 
පද රචනය - මහින්ද අල්ගම
තනුව - අඥාතයි

No comments: