Showing posts with label හර්ෂ රන්දිමාල්. Show all posts
Showing posts with label හර්ෂ රන්දිමාල්. Show all posts

Friday, February 3, 2017

කාශ්මීරයේ සිදංගනාවී

කාශ්මීරයේ සිදංගනාවී
නෙත් සැරයෙන් විකසිත (අඅ අඅ අඅ ආ...)
කඩුපුල් මලිතී
දෙකොපුල් සිප ගන්නා මෙනි තුෂර කෙමි (ආ ආ ආ ආ ආ...)
මල් පෙති මත පබඳියි රස මියුරු කවි

හිරු මල මුකුලිත රතු හැන්දෑවේ
සුවඳ සිනා මල් ගවසා මුවගේ
ඉන්දු නදී ගංතීරේ
තනිවී
ඔබ ඉඳුවර මල් විල තිසරාවී (ආ... ආ ආ ආආආ...)

කාශ්මීරයේ සිදංගනාවී

මියුරු විහඟ ගී නද වස්සානේ
ආදර පුදසුන අග්‍රා නගරේ
සිත්තම් කළ පිළිරෑ
ටජ්මහලේ
ඔබ සඳකිඳුරි ද පෙම් සිලිලාරේ (ආ... ආ ආ ආආආ...)

කාශ්මීරයේ සිදංගනාවී
නෙත් සැරයෙන් විකසිත (අඅ අඅ අඅ ආ...)
කඩුපුල් මලිතී
දෙකොපුල් සිප ගන්නා මෙනි තුෂර කෙමි (ආ ආ ආ ආ ආ...)
මල් පෙති මත පබඳියි රස මියුරු කවි

ආ අඅ ආ.... ආ...
ආ... ආ..ආ.. ආ අඅ ආ.... ආ...

ගායනය - ප්‍රසාද් කරුණාමුණි
පද - නිහාල් වික්‍රම එදිරිසූරිය
සංගීතය - හර්ෂ රන්දිමාල්